
(ටී.කේ.ජී.කපිල)
ලක්සම්බර්ග් ( luxembourg ) රාජ්‍යයේ පැවැත්වු ලෝක සූපවේදීන්ගේ තරගාවලිය - 2026 ( Culinary world Cup - 2026 ) සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ , ශ්‍රී ලංකා සූපවේදී කණ්ඩායම රන් පදක්කම් 10 ක් , රිදී පදක්කම් 19 ක් , ලෝකඩ පදක්කම් 09 ක් වශයෙන් සමස්ථ තරගාවලියේ පදක්කම් 38 ක් සහ ඩිප්ලෝමා සහතික 09 ක් දිනා ගෙන අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
වසර 04 කට වරක් පවත්වන මෙම තරගාවලිය, ලෝක සූපවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන අතර , එය සදහා ලෝකයේ රටවල් 64 ක් නියෝජනය කරමින් සූපවේදීන් 4,000 ක පිරිසක් සහභාගී වී සිටි අතර , මෙම තරගාවලිය කාණ්ඩ 08 ක් යටතේ ඉකුත් 20 දින සිට 27 දින දක්වා පැවැත්විණි .
මෙහිදී සිනමන් හෝටල් සමූහයේ සූපවේදී සදුන් සිංහබාහු රන් පදක්කම් 04 ක් සහ රිදී පදක්කම් 01 දිනා ගැනීමට සමත් වී තිබූ අතර අලුත්ගම , කළුවාමෝදර හෝටල් පාසැලක් සහ අවන්හලක් පවත්වා ගෙන යනු ලබන ප්‍රගීත් ද සිල්වා මහතා මෙම තරගාවලියේ පේස්ට්‍රි අංශයෙන් තරග කර රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා උසස් මට්ටමේ වැඩසටහනක් කටුනායක ගුවන් තොටුපොළ තුළ සංවිධානය කර තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd