අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ සිසුන් දෙදෙනකු ගම්පහ ඉඹුල්ගොඩදී යතුරුපැදි අනතුරකින් මිය ගියැයි කියන සිද්ධියේ රස පරීක්ෂණ වාර්තා මාස හයක් තිස්සේ ප්‍රමාද කරන බව ද, එක් සිසුවකුගේ දුරකතනයක් සම්බන්ධයෙන් පෞද්ගලික දුරකතන සේවා සමාගමකින් දුන් වැරදි වාර්තා නිවැරදි කර මෙතෙක් එවා නැති බව ද නීතීඥ රාජිකා ද සිල්වා මහත්මිය ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්නාධිපති මහත්මියට අද (6) දැන්වූවාය.
කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති මාතලේ ජානක බණ්ඩාර ඒකනායක (24) සහ රුහුණු සරසවියේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර ද සිල්වා (21) පසුගිය වසරේ සැප්තැම්බර් 27 වැනිදා යතුරුපැදි අනතුරකින් මිය යාම සම්බන්ධ නඩුව යළි කැඳවූ අවස්ථාවේ නීතීඥවරිය එලෙස කියා සිටියාය.
මෙය යතුරුපැදි අනතුරකින් සිදු නොවූවක් බව ද, සැලසුම් සහගත මිනී මැරුමක් බව ද මහේස්ත්‍රාත් පරීක්ෂණයේ මූලික සාක්කි විභාගයේදී කියැවුණු නිසා අනතුර වූ ආකාරය ප්‍රතිනිර්මාණය කර රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය එදා නියෝග කළැයි ද ඕ කීවාය.
රස පරීක්ෂකට යළි සිහි කැඳවන ලෙස ද, දුරකතන සේවා සමාගමට නොතීසි නිකුත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණය තමයි එක විය යුත්තේ (දී)
අයියෝ සල්ලි (දී)
මොනවා උනත් කමක් නැහැ සාධාරණය ඉෂ්ට කරන්න (දී)
ඇත්ත තොරතුරු දෙන්නේ කොහොමද ජීවත් වෙන්න ආසාව තියෙනකම්... (ස)
මේ වගේ පමා කිරීම් කරනකොට මහජන සැකය ඇතිවෙනවා. (නි)
මේ අපරාධ සැළසුම් සහගත ඒවා නම් ඒ ශාපෙයන් වැරදිකරුවන්ට කිසිදා ගැළවිය නොහැක. (නි)
ඇයි ඒවා යට ගහන්නේ? සාධාරණයක් ඉෂ්ඨ කරන්න ඕන. (ත)
මොකද්ද ඊට හේතුව (දී)
එහෙම කරන්න එපා (දී)
සුභ අනාගතයක්! (නි)
වැරදි කරුවන්ට දඩුවම් දිය යුතුයි (අ)
මොකද්ද ඊට හේතුව, එහෙම වෙන්න දෙන්න බැහැ (දී)