(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට බැන මරණ තර්ජනය කළැයි කියන සිද්ධියට අදාළව බන්ධනාගාරය මගින් සිදුකළ පරීක්ෂණයට අදාළ සියලු විමර්ශන අවසන් කර ඇතැයි බන්ධනාගාර මුලස්ථානය පවසයි.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තාව සහ සාක්ෂි මහේස්ත්‍රාත්වරයකුගේ මූලිකත්වයෙන් බන්ධනාගාරයේ පැවැත්වෙන බන්ධ විනිශ්චය සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
බන්ධනාගාර ආඥා පනතේ 87 (1) වගන්තිය ප්‍රකාරව මෙම වරද සම්බන්ධයෙන් බන්ධ විනිශ්චය සභාවකට යොමු කර එමගින් ස්වාධීන තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළව විමර්ශනය සිදුකළ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා දස දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, සිද්ධියට අදාළ වෛද්‍යවරයා, මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන් කිහිප දෙනෙකු සහ රැඳවියන් කිහිප දෙනකුගේ ද ප්‍රකාශ ඒ අතර වන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම සිද්ධියට අදාළව තමන් සහ වෛද්‍යවරයා අතර යම් කතාබහක් සිදුවුවද තමන් වෛද්‍යවරයාට කිසිදු අවස්ථාවක බැණ මරණ තර්ණයක් සිදුනොකළ බව හිටපු අමාත්‍යවරයා සිය ප්‍රකාශයේ සදහන් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරයා වැරදි කාරයා කර බද්‍යුදීන් උතුමාණන් නිදොස්කොට නිදහස් කරනු මැනවි ! ඔහු දැනට හෝටල් පහසුකම් සහිතව සුවයෙන් වාසය කරනු ඇතැයි සිතමි.
වෛද්‍යවරයාගේ වැඩ තහනම් කරාවිද දන්නෑ උසාවියෙන්...?