නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට ස්ථීර වශයෙන්ම සහය දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් එකඟ වු බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (28) ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවේ කටයුතු විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරිමේ කටයුතු වලට බාධාවක් නොවන ආකාරයට කළ යුතු යැයි ද ජනාධිපතිවරයා මෙහිදි උපදෙස් ලබාදුන් බව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදි කියා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂවල නියෝජිතයන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ (27) පැවති සාකච්ඡාවකදි සන්ධානයේ පක්ෂ නායකයන් මෙම එකඟතාවයට පැමිණි බව ද විපක්ෂනායක සඳහන් කළේය.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් යම් යම් විරෝධතා සඳහන් කර ඇති ශ්‍රි ලංකා නිදහස් පකෂයේ නොවන අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා කර අවසන් තීන්දුවකට පැමිණිය යුතු බව ජනාධිපති සඳහන් කළ බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසිය.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව යන දෙකම පිළිබඳව සන්ධානයේ පක්ෂ සමඟ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කළ යුතු බවත්, ඒවා ස්ථිර වශයෙන්ම සම්මත කළ යුතු බවත් හෙතෙම පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පොදු අපේක්ෂකයාව කරලියට ගෙනාවේ නිකම් නොවේ.(හේ)
සමහර අදහස් දාන උදවිය රස කර කර අච්චාරු වළඳනවා වගේ. (නි)
"යහපාලනය යනු කුණු ගොඩක්."කියලයි මටනම් හිතෙන්නේ. (ස)
පිනට අගමැති කම් දුන්න කාලේ ඉවරයි "ජයේ"..අගමැතිකම ගන්න ඕනනම් මැතිවරණයෙන් ම තේරී පත්වෙන්න වෙනවා. යථාර්තය තේරුම් ගන්න. (ස)
අච්චාරුවත් බේරගන්න (බ)
කෝ දැන් ජනයා එතකොට (බ)
කිටියා (පූස් පැටියා) පැන්න නොවැ එලියට එතකොට ජනාධිපති තුමා (අහිංසක) තමා රනිල්ට බාල්දි දාන්නෙ "අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවේ කටයුතු විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරිමේ කටයුතු වලට බාධාවක් නොවන ආකාරයට කළ යුතු යැයි ද ජනාධිපතිවරයා මෙහිදි උපදෙස් ලබාදුන් බව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදි කියා සිටියේය." "ඒවා ස්ථිර වශයෙන්ම සම්මත කළ යුතු බවත් හෙතෙම පැවසිය." (බ)
මේගොල්ලෝ දත කන්නේ රනිල්ව කපල මහින්දව ගෙනත් මෛත්‍රී ජනපතිටත් විස්වාස භංගයක් ගෙනත් නැවත මහින්දව රජ කරවන්න වගේ , අපි කොන්ඩේ බැඳපු චින්නුනම් නෙවෙයි සිරිපාල උන්නැහේ ! (බ)
මේ හැමෝගෙම කල බලය....... බලය පිලිබදව මිස රටට ආදරේටද?(හේ)