IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රවිරාජ් ඝාතනයේ තවත් සාක්කි මතුවේ

දෙමළ ජාතික සංවිධානයේ යාපන දිස්ත්‍රික් මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා නාරාහේන්පිට දී මරා දැමීමට යොදා ගත් බව කියන ත්‍රීරෝද රිය සොයා ගත් බවත්, එය රහස් පොලිසිය භාරයට පත් කිරීම සඳහා අධිකරණයේ අවසරය දෙන්නැයි රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මියගෙන් ඉල්ලා සිටියේය.

ඊට උසාවි අවසර ලැබිණි.

වැඩිදුර විභාගය ලබන 19 වැනි දා ට කල් තැබිණි.

 ඝාතනයට යොදා ගත් අවි නාවික හමුදාවෙන් නිකුත් කළ අවි බවත්, ලේ පැල්ලම් හා අවි තවදුරටත් පරීක්ෂණ කළ යුතු යැයි උසාවියට දැන්වීය.

මුණසිංහ ආරච්චිගේ නිලන්ත සම්පත් මුණසිංහ හෙවත් නේවි සම්පත් ඇතුළු නාවික හමුදාවේ සිටි සිව් දෙනෙක් සැකකරුවෝ ය.

යදුරුපැදියක පිටිපස්සේ පැමිණි ඝාතකයා නාරාහේන්පිට මැනිං නගරයේ දී මන්ත්‍රීවරයාට වෙඩි තබා ඇත්තේ ඔහු ටොයොටා ලෑන්ඩ් කෘෂර් රියෙන් ගමන් කරද්දී බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

රවිරාජ් ඝාතනයේ තවත් සාක්කි මතුවේ

චානක ලොස් ඇන්ජලිස් Friday, 05 June 2015 08:50 PM

ජයා, රටේ මහා පරිමාණයේ දුෂණයක් ,මිනීමැරුමක් සිද්ධවෙලා එය සොයාගන්න බැරිනම් එය බලයේ ප්‍රතිඵලයක් කියා කියන්න ඕනෑතරම් සාක්ෂි සතුව පවතිනවා.ඔය සියලුම ඝාතන වල මිනීමරුවෝ අද හෙළවිලා ඉන්නේ බෙල්ලට තොණ්ඩුව වැටේද කියා.ඒක නිසා තමයි මේ පත්කර තිබෙන මුල්‍ය කොමිසන් අපරාධ හොයන කොමිසන් වලට විරුද්ධතා පාන්නේ. එම නිලධාරීන්ව ගල් ගහලා මරන්න ඕනෑ කියන්නේ .....මේ අපරාධ කළ ඉහළ කෙනාගේ පටන් ඔවුන්ට මේ අපරාධ කරන්න ගැතිකම් කළ සියල්ලෝටම ජම්පරයයි නොම්මරයි ලබා දීලා මිසක් අපි නවතින්නේ නැහැ.... (නි)

:       0       0

ජයන්ත Friday, 05 June 2015 08:53 PM

මේවා හොයන්න ගිහින් වෙන්නේ උඩ බලාගෙන කෙළ ගහගන්නදෝ කියලා මට හිතෙනවා (නි)

:       0       0

සුමේධ Saturday, 06 June 2015 02:12 AM

කවුරු මොනවා කිව්වත් නීතීය ඔක්කොටම පොදුයි. ඒ නිසා තරාතිරම නොබලා වරදකරුවන්ට ඒ විදිහට දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 06 June 2015 02:49 AM

චානක ලොස් ඇන්ජලිස් , රත්තරන් වටිනා කතාවක් කළේ. ඔබට සහ අපේ රටේ ඉදිරි අනාගතයට ජයෙන් ජයම වේවා! ඉදිරියේදී අපි එකතුවෙමු.ජය ශ්‍රී! (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 05 June 2015 11:59 AM

ලේ පැල්ලම්, මෝටර් බයිසිකල් , ගෙනාවේ පිස්තෝලයක්ද පොරොවක්ද , වෙඩි තිබ්බේ දකුණතින්ද වමතින්ද? මේවා අපිට අදාළ නැහැ මහතයෝ. අපිට උවමනා මේ අපරාධ කළේ කාගේ උවමනාවටද කාගේ අතින්ද කියන එක දැනගන්නයි විතරයි (නි)

:       0       0

පිටිගල Saturday, 06 June 2015 04:13 AM

ජම්පරයයි නොම්මරයයි දෙන්න පහුගිය ආණ්ඩුවට නම් ගියේ සති ගණනයි. යහපාලනයට ඒකට තව කොච්චර කල් යයිද? නැත්නම් ඒකත් නොකෙරෙන වෙදකමක්ද? අපිත් බලා ඉන්නේ ලැබියයුත්තන්ට ජම්පරයයි නොම්මරයයි ලැබෙනකල් තමයි.ඒත් දැන් නම් විශ්වාස නැහැ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 05 June 2015 01:47 PM

ත්‍රීරෝද රථය හොයාගන්න ගිය කලක්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site