දෙමළ ජාතික සංවිධානයේ යාපන දිස්ත්‍රික් මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා නාරාහේන්පිට දී මරා දැමීමට යොදා ගත් බව කියන ත්‍රීරෝද රිය සොයා ගත් බවත්, එය රහස් පොලිසිය භාරයට පත් කිරීම සඳහා අධිකරණයේ අවසරය දෙන්නැයි රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මියගෙන් ඉල්ලා සිටියේය.
ඊට උසාවි අවසර ලැබිණි.
වැඩිදුර විභාගය ලබන 19 වැනි දා ට කල් තැබිණි.
ඝාතනයට යොදා ගත් අවි නාවික හමුදාවෙන් නිකුත් කළ අවි බවත්, ලේ පැල්ලම් හා අවි තවදුරටත් පරීක්ෂණ කළ යුතු යැයි උසාවියට දැන්වීය.
මුණසිංහ ආරච්චිගේ නිලන්ත සම්පත් මුණසිංහ හෙවත් නේවි සම්පත් ඇතුළු නාවික හමුදාවේ සිටි සිව් දෙනෙක් සැකකරුවෝ ය.
යදුරුපැදියක පිටිපස්සේ පැමිණි ඝාතකයා නාරාහේන්පිට මැනිං නගරයේ දී මන්ත්‍රීවරයාට වෙඩි තබා ඇත්තේ ඔහු ටොයොටා ලෑන්ඩ් කෘෂර් රියෙන් ගමන් කරද්දී බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයා, රටේ මහා පරිමාණයේ දුෂණයක් ,මිනීමැරුමක් සිද්ධවෙලා එය සොයාගන්න බැරිනම් එය බලයේ ප්‍රතිඵලයක් කියා කියන්න ඕනෑතරම් සාක්ෂි සතුව පවතිනවා.ඔය සියලුම ඝාතන වල මිනීමරුවෝ අද හෙළවිලා ඉන්නේ බෙල්ලට තොණ්ඩුව වැටේද කියා.ඒක නිසා තමයි මේ පත්කර තිබෙන මුල්‍ය කොමිසන් අපරාධ හොයන කොමිසන් වලට විරුද්ධතා පාන්නේ. එම නිලධාරීන්ව ගල් ගහලා මරන්න ඕනෑ කියන්නේ .....මේ අපරාධ කළ ඉහළ කෙනාගේ පටන් ඔවුන්ට මේ අපරාධ කරන්න ගැතිකම් කළ සියල්ලෝටම ජම්පරයයි නොම්මරයි ලබා දීලා මිසක් අපි නවතින්නේ නැහැ.... (නි)
මේවා හොයන්න ගිහින් වෙන්නේ උඩ බලාගෙන කෙළ ගහගන්නදෝ කියලා මට හිතෙනවා (නි)
කවුරු මොනවා කිව්වත් නීතීය ඔක්කොටම පොදුයි. ඒ නිසා තරාතිරම නොබලා වරදකරුවන්ට ඒ විදිහට දඩුවම් දියයුතුයි. (නි)
චානක ලොස් ඇන්ජලිස් , රත්තරන් වටිනා කතාවක් කළේ. ඔබට සහ අපේ රටේ ඉදිරි අනාගතයට ජයෙන් ජයම වේවා! ඉදිරියේදී අපි එකතුවෙමු.ජය ශ්‍රී! (නි)
ලේ පැල්ලම්, මෝටර් බයිසිකල් , ගෙනාවේ පිස්තෝලයක්ද පොරොවක්ද , වෙඩි තිබ්බේ දකුණතින්ද වමතින්ද? මේවා අපිට අදාළ නැහැ මහතයෝ. අපිට උවමනා මේ අපරාධ කළේ කාගේ උවමනාවටද කාගේ අතින්ද කියන එක දැනගන්නයි විතරයි (නි)
ජම්පරයයි නොම්මරයයි දෙන්න පහුගිය ආණ්ඩුවට නම් ගියේ සති ගණනයි. යහපාලනයට ඒකට තව කොච්චර කල් යයිද? නැත්නම් ඒකත් නොකෙරෙන වෙදකමක්ද? අපිත් බලා ඉන්නේ ලැබියයුත්තන්ට ජම්පරයයි නොම්මරයයි ලැබෙනකල් තමයි.ඒත් දැන් නම් විශ්වාස නැහැ. (නි)
ත්‍රීරෝද රථය හොයාගන්න ගිය කලක්? (නි)