රැකියාවක් දෙන බව කියා තරුණ වැන්දඹුවක කෙළෙසී යැයි කියන රුවන්වැල්ලේ සෝභිත හා ඊට අනුබල දුන්නැයි කියන එම තරුණියගේ නැන්දා සහ මාමා රිමාන්ඩ් කරන ලෙස කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය ඊයේ නියෝග කළාය. සෝභිත යනු පුවත්පතේ දැන්වීම් පළකර යන්ත්‍රමන්ත්‍ර ගරුකම් කරන්නෙකියි පොලිසිය අධිකරණයට දැන්වීය. කලකට පෙර සිවුර දරා සිට සිවුර දරා සිටි සෝභිත අද උසාවියට පැමිණ සිටියේ කලිකමකින් හා කමිසයකිනි. ඉහළ හේවගේ හේමචන්ද්‍ර සහ හෝඩිය බණ්ඩාරලාගේ අනෝමා රිමාන්ඩ් කළ සෙසු සැකකරුවෝ වෙති. 2005 ජූලි 16 වැනි දින බුලත්කොහුපිටියේ බංගලාවේදී මෙම කාන්තාව කෙළෙසා ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල සහෝදරවරුනි. අන් ආගම් වලට දොස් කියන්න කලින් අපේ බුද්ධාගම රැකගමු. එක මුස්ලිම් පූජකවරයෙක් අනතුරකින් මැරුණම කොපමණ අදහස් ලිවුවද? මේක ඊට වඩා ජරා වැඩක් නොමෙයිද? මුළු බෞද්ධයාටම නින්දාවක් නෙමෙයිද? (නි)
මහේල , ඔබගේ අදහස් වලට මම 100% එකඟයි. (ස)
මෙයා අපේ ආගමට අපහාස කළ කෙනෙක්.. ආගම ගාවගෙන කළේ නොහොබිනා වැඩ.. නීතියේ තියෙන නිදහස තමයි මේ මිනිසුන් මේ වගේ වැඩ කරන්නෙ.. මේ ළගදිත් මම දැක්කා මෙයාගේ දැන්විමක් තියෙනවා.. (නු)
බුදුදහමටත් නිගාවක්
මෙයා ගැන දැනුවත්කල මාධ්‍ය වැඩසටහන් වලට ජය වේවා......... (ස)
මෙයාට තැබෑරුම්, හෝටල් එහෙමත් තියෙනවා කියලයි ආරංචි. ගොඩක් ව්‍යාපාරත් තියෙනවලු.පොඩ්ඩක් හොයලා බැලුවොත් හොදයි. (නි)
මහේල ජාති වාදී ප්‍රශ්න ඇති කරන්න උත්සහ කරන්න එපා. (ස)
සිව්ර ගැලෙව්වෙ ඉන්න බැරි නිසානේ..(නු)
මෙම පුද්ගලයා ඉදිරි මැතිවරණයේදී ඡන්දයට ඉදිරිපත් කරන්න. බුද්ධිමත් ජනතාව ඔහු ඉහළින් ම දිනවන ඒක සිකුරුයි. (ස)
නෙත් එෆ්.එම්. බැලුම්ගල... (නි)
මේ සඳහා කැප වූ සැමට ජය වේවා! (ස)
යන්තරේ බලෙන්.. මන්තරේ දුමින් සෝභිතත් අවිත් ඉදිවි කලිසමක් ඇදන්...(නු)
මේ වගේ අය ලංකාවෙ එමට ඉන්නවා.. මිනිස්සුනේ එක්වෙලා මේවගේ අයට එරෙහිව නීතිමාර්ගයෙන් කටයුතු කරනු මැනවි.. අනෙකුත් මේවගේ කරන අයට මෙයම වේවා..!(නු)
දැන් ඉතිං හිරේ ඉදගෙන ගුරුකම් වැඩ පටන්ගන්නවද? (නි)
දෙනවා කියපු රැකියාවට සුදුසුද බැලුවද දන්නෙ නෑනෙ, නේද? ඇතුළේ ඉන්නේ සිංහයා කියලා දැන දැන කූඩුවට යනවා නම් , ඒකට සිංහයා පළි නැහැ. යන කෙනා දැනගන්න ඕනෑ, අනික සෝභිත කියන්නෙ කවුද කියලා රටම නොදන්නවා නෙමෙයිනෙ.ඕකට කියන්නෙ මෝඩකම කියලා. (නි)
මේ මැදපෙරදිග අක්කලා, නංගිලා අදහපු, විශ්වාස කරපු, දසදහස් ගණනින් මුදල් පූජා කරපු, දැයට පහළ වූ ජීවකයානෝ නේද මේ? තව තවත් පහළ වුවත් ඔය ටිකම තමයි. (නි)
මේ ළගදී කොරියාවේ, ස්ත්‍රී දූෂකයන් පිළිබදව අපූරු පනතක් සම්මත කළා. ලංකාවටත් ඒක අනිවාර්යෙන් හදුන්වා දෙන්න ඕනෑ. (නි)
බුදු දහමටත් ලැජ්ජා කරන මිනිස්සු...! (නු)
මොනවා කරන්නද මේ වගේ මිනිසුනුත් ලංකාවෙ ඉන්නවානේ..! (නු)
හත්වලාමේ වෙච්චි දේට මක්කොරන්නද? (නි)
ඩුබායි ඉන්න අමිල මොනවද මේ කියන්නේ..!(නු)
අවුරුදු හතකට පස්සෙද පැමිණිලි කළේ? මේ වගේ අයට රැකවරණය දීපු අය ගැනත් සොයා බලන්න. මෙවැන්නන්ට නිසි දඩුවම් ලැබෙයිද? මේ වගේ කලිසම් දාපු හාමුදුරුවන් කොපමණ ලංකාවේ ඇත්ද?මෙයාට තැබෑරුම්, හෝටල් එහෙමත් තියෙනවා කියලයි ආරංචි. ගොඩක් ව්‍යාපාරත් තියෙනවලු.පොඩ්ඩක් හොයලා බැලුවොත් හොදයි. සිවුර ගැලෙව්වෙ ඉන්න බැරි නිසානේ. මොනවා කරන්නද මේ වගේ මිනිස්සුත් ලංකාවෙ ඉන්නවානේ? (නි)
ගාමිණී-කුවෙයිට් 2012-09-18 01:25:32 මේ මැදපෙරදිග අක්කලා, නංගිලා අදහපු, විශ්වාස කරපු, දසදහස් ගණනින් මුදල් පූජා කරපු, දැයට පහළ වූ ජීවකයානෝ නේද මේ? තව තවත් පහළ වුවත් ඔය ටිකම තමයි. (නි) කියලා වැඩක් නැහැ ගාමිණි, කී දෙනෙක් මෙයාට කියලා ගුරුකම් කරගත්තද දන්නේ නැහැ. (නි)
ඔය එක්කෙනෙක් විතරයි..තව අය ඉන්නවා..(ස)
අපේ අයගේ වැරුද්දනේ. මිත්‍යා විශ්වාස මත නොපෙනෙන දෙවියන් සොයාගෙන යනවා.. හොද පාඩම් මේවා හැමෝටම..! (නු)
කොහේට නිවන් යයිද කියලා හිතාගන්නවත් බැහැ. (නි)
මෙවැන්නන්ට නිසි දඩුවම් ලැබෙයිද?(නු)
බැලුම්ගල වැඩසටහනට තමයි ලකුණු දෙන්න ඕන.. මේවගේ අය රටට හෙළිකරනවාට..(නු)
අඩුම ගානේ මෙහෙම වෙච්ච එක හොඳයි. අපේ රටේ සිවුරට ගිය තැන.(ස)
අපි මොනවා කිව්වත් මේකත් ටික දවසකින් අනේ මාව කවුරුවත් කෙලෙසුවෙ නැහැ..ඉබේම සිදුවුණා.. දැන්නම් කවුරුවත්ම මතක නැහැ.. කියයිද දන්නේ නැහැ..!(නු)
සම්බුද්ධ ශාසනයටම අවනම්බුවක්..! (නු)
මේ වගේ අයට රුකවරණය දීපු අයත් සොයා බලන්න..!(නු)
ලාල් ඔබ හරි.. (නු)
දෙයියනේ බුදු දහමට මොකද්ද මේ වෙන්නේ? (දී)
කට්ටිය දැන්වත් ඇස් අරින්න.. ජය වේවා ! (ස)
හිමිනමක් කියන්නේ ආගමික නායකයෙක්.. සමාජයේ යහපතට වැඩ කරන කෙනෙක් .. මෙයාව ඉවත්කළ එකනම් ඉතාම හොදයි..!(නු)
මහේල.මමත් ඔබ සමඟ එකඟ වෙනවා.අපි අපේ ආගම රැකගන්න බලමු.අක්කරපත්තුවට අදහස් දක්වන්න කලින් අපේ බුදු දහම රක ගන්න උත්සහ කරමු. මේ වගේ කලිසම් දාපු හාමුදුරුවන් කොපමණ ලංකාවේ ඇත්ද? මේ මාතෘකාවට එක මුස්ලිම් කෙනෙක් හරි අදහස් දල තියෙනවද කියා බලන්න. අපේ කට්ටිය ළඟ තමයි ජාතිවාදය ඇත්තේ. (ස)
වැඩේ කියන්නේ මේතරම් සමාජයට හානියක් කරන පුද්ගලයකුගෙ දැන්වීම් තවමත් පළවෙනවා.. (නු)
නන්දන ඔබට පිං.. මෙයාගැන මම හොයලා බැලුවා.. ඇත්තටම රුවන්වැල්ලේ පිරිමි හිටියෙම නැද්ද?(නු)
තවමත් මේවට අහුවෙන අය ඉන්නවානේ...බොහොම කණගාටුයි..! (නු)
මේවගේ ව්‍යාපාර කරන අය ගැන ලැජ්ජයි..! (නු)
අවුරුදු හතකට පස්සෙද පැමිණිලි කළේ? (නි)
අනේ සාදු සාදු. ඇයි මෙතරම් කල් ගියේ? (නි)
මෙයා ඔහොමයි කියලා අපි කිවුවෝ. (නි)
අනේ බෞද්ධයන්ට මොනවද මේ වෙලා තියෙන්නේ? ඔහොම යන්. ඔහොම යන්. (නි)
ඕකා හොරා කියලා රටම කෑගහලා කිවුවත් ළගට ගිහින් ඕකකර ගත්තහම අපි මොනවා කරන්නද? (නි)
අන් ආගම් සම්බන්ධ පුවත් පළ වුනාම සිංහල අපි අදහස් 200ක් විතර ලියනවා. දැන් පටන් ගමු බලන්න සිංහලයන්ගේ අදහස්. මම කියන්නේ උල තියන්න ඕනෑ කියලා. (නි)
බැලුම්ගල මගින් සෝභිතගේ වැඩ කිඩ හෙලි කළ අතර එහිදි පොලිසිය හෝ ක්‍රියාත්මක වුණා නම මෙවැනි දේවල් නොවීමට ඉඩ තිබුණි. (නි)
අපොයි ගුරුකමක් වැරදිල වගෙ... (නු)
මෙයාලට මේවා කරගෙන යන්න උදව් කරපු අයත් ඇති ඒ ගැනත් හොයලා බලන්න..! (නු)
නෙත් එෆ්.එම්. බැලුම්ගලට ජය වේවා! (නි)
මෙයා මාර වැඩනෙ කරලා තියෙන්නෙ..! (නු)
අද කාලයේ ඉන්නේ නියම හාමුදුරුවරුනේ. (නි)
ශාසනය කන, ශාසනයට අගෞරව කරන අයට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
මෙයාගෙන් අගතියට පත්වූවන්ගේ පැමිණිලි පොලිසියට ලබාදෙන්න.! (නු)
මෙයා කරලා තියෙන විනාශය හරියට හොයලා බලලා නිසි දඩුවම් ලබා දිය යුතුයි..! (නු)
සිවුරට නිගාකරන්නන්ට මරණ දඩුවම දියයුතුයි. (නි)
අවුරුද 7 කටත් වැඩ පරණ දෙයක් නේ. ඔන්න ඔහේ ඕක අමතක කරලා දාන්න... (නු)
බැලුම්ගල නිසා තමයි සෝභිත ගැන මිනිස්සු දැනගත්තේ. (නි)
හිරේ යවන්න තිබුනේ ගොඩාක් ඉස්සර,නෙත් එෆ්.එම්. බැලුම්ගලින් සියලු තොරතුරු හෙලිකළා. ඒ සියල්ල හොදටම ඇති ශාක්‍ෂි වලට. Balumgala 2011-07-25 Ruwanwelle Sobitha http://www.youtube.com/watch?v=YqX3z--XglI (නි)
මෙයා අයත්ව සිටි නිකාය සොයා බැලිය යුතුයි..! (නු)
හරිම හොරෙක් තමයි. (නි)
"ජීවිතය තියෙන්නේ විඳවන්න නොව විඳින්නටය........" රුවන්වැල්ලේ සෝභිත කිවුවේ එහෙමයි. (නි)
දැඩි දඩුවම් දෙන්න ඕනේ මෙවන් අයට
කසපහර 100ක් ගහන්න ඕන.. (නු)
කොටියා කන්න එපායැ. (නි)
අවුරුදු හතකට පසු මේවා ඔප්පු කරන්න පුළුවං ද..? (නු)
නෙත් එෆ්.එම්. එකට ජය වේවා! (නි)
බොහොම හොදයි (නි)
මෙය තමයි දිට්ඨධම්ම වේදණීය කර්මය කියන්නේ. උතුම් චීවරයට නින්දා කිරීම පරලෝක වසයෙන් අපාගාමී වන අකුසල කර්මයක් බවටද පත්වෙයි. කරන කලට පවු මිහිරිය මීසේ විදින කලට දුක් වැඩිවෙයි ගිනිසේ... (නි)
මෙහමත් හිමි වරු
සමාවෙන්න මෙහෙම අහනවට. අපේ රටේ නීතිය මොකද මේ තරම්ම හැල්ලු වෙලා තියෙන්නේ? මේ පුද්ගලයා දැන් මේ කීවෙනි කාන්තාවටද අතවර කළේ? හැමදාම බන්ධනාගාරගත කරනවා, ඇප දීලා ආපහු එළියට එනවා, ආයෙමත් පෙර වැරැද්දම කරනවා. දන්නේ නැති නිසයි අහන්නේ, එකම වැරැද්ද දිගටම කරනවා නම් නීතියේ නැද්ද මීට වඩා කරන්න දෙයක්? මොකද ආයෙමත් ඇප දීලා අවහම තවත් අහිංසක කාන්තාවක් අමාරුවේ වැටෙනවා. ඇත්තටම රට කරවන අයට, අපේ රට ලෝකයා ඉදිරියේ මේ තරම් හැල්ලු වෙන්න දෙන්න දුකක් නැද්ද? අතිගරු ජනාධිපතිතුමනි, දැන් බලාගෙන හිටියා හොදටම ඇති නේද? තවත් මේවට බුරුලක් දුන්නොත් ඔබතුමාලට පාලනය කරන්න රටක් ඉතුරු වෙයිද? (නි)
මේ වංචාකාරයා ගෑන මාධ්‍ය මගින් හෙළිකළත්, නීතිය රකින අය නිහඩවම හිටියා. දෑන් මොකද කියන්නෙ බලමු. (නි)
ඇති යාන්තං. (නි)
මරන දඞුවම දෙන්න ඕනෑ, ඔය වාගේ හොරුන්ට. (නි)
(හිමි) කෑල්ල දාන්න අමතක වෙලාවද්ද? (නි)
හොද වැඩේ. මුන්දැ නම් දරාපු හොරෙක් කියලා රටටම හෙළිකළානෙ. දැන දැනම මොනවට ගියාද? (නි)