අනුරාධපුර ශ්‍රී මහා බෝධියට එන වන්දනා කරුවන්ගේ පාවහන් සොරකම් කළැයි කියන පුද්ගලයෙක් අනුරධපුර වැඩ බලන මහේස්ත්‍රාත් බුවනෙක රාජකරුණා මහතා විසින් 04 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පාවහන් ජෝඩු 50ක් මල්ලක දමාගෙන යද්දී පොලීසිය ක්‍රිෂාන් සංජීව නම් සැකකරු අත්අඩංගුවට ගත්තේය. මේ අතර වන්දනාකරුවකු සේ රුවන්වැලි සෑ මළුවේ රාත්‍රිය ගත කළ පුද්ගලයකු උපාසිකාවකගේ ගමන්මල්ලක් සොරාගෙන මහ ගසකට නැග සිටියදී අත්අඩගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය. අනුරාධපුර විජේපුර මහේෂ් වජිරරත්න නම් වූ එම පුද්ගලයාද ලබන 04 වන දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පැත්තක ධාතු වන්දනා කරන්න සැතපුම් ගනන් පෝලිම්.. මිනිස්සු අව්ව වැස්ස රූ දවල් නොබලා පෝලිමේ.. තවත පැත්තක පන්සල් පල්ලිවලට එන සැදැහැවතුන්ගේ පාවහන් ගමන් මලු සොරකම් කරනවා.. මොකද්ද මේ වෙන්නෙ අපේ රටට..!!(නු)
මේක කාලෙක ඉදන් වෙන දෙයක් ! වසර දෙකකට ඉහතදී මගෙත් පාවහන් ශ්‍රී මහා බෝධිය ළගදි නැතිඋනා ....(ස)
කකුල් වැඩි අයනේ මෙ වගේ වැඩ කරන්නේ..ඒ නිසයි මෙයාට පාවහන් වැඩියෙන් ඔනි වෙලා තියෙන්නේ(නු)
හොද වැඩේ (දී)
අහෝ මිනිසුන් කෙතරම් කුරිරුද? පෙර මොහු පිළිබඳ දක්වා ඇති ප්‍රකාශ වලින් ඒ බව නොපෙනේද? වන්දනාකරුවන්ගේ පාවහන් සොරකම් කර මොහු කුටුම්බයක් රක්ෂා කරනවාද? නැතහොත් මත් දියර ගන්නවාද? කුටුම්බයක් රකීනම් මොහුට ඒ සඳහා තිරසාර විකල්පයක් සකසා දෙන්න. මතට ඇබ්බැහි වූවෙකු නම් පුනරුත්තාපනය කර යහපත් පුරවැසියකු කරන්න. සමාව දිය නොහැකි සොරකම් හා අපරාධ හමුවේ මෙය ඉතා අහිංසක සොරකමකි. මට හරන්තික සොරාත් ඔහුට අනුකම්පා කර යහපත දැක්වූ හිමියනුත් සිහිපත් වේ. ඒ හිමියන් විලස සිතීමටත් කටයුතු කිරීමටත් සමාජය පෙළඹෙන තෙක් සමාජය යහපත් තැනක් නොවේ. (නි)
මේවගේ පොඩි හොරු නෙමෙයි ලොකු ලොකු අය කරන හොර වැඩත් අල්ලන්න. එතකොට අපට පොලිසියට ආචාර කරන්න පුළුවං..!!(නු)
අනේ මෙහෙමත් හොරු? පන්සලට යන කොටත් ආරක්ෂකයෙක් එක්කගෙන යන්නට වෙයි වගේ.. නැත්නම් ඇදි වතත් නැතිව තමයි පන්සලෙන් එන්න වෙන්නෙ...!(නු)
ලංකාවෙ මිනිස්සු ගැන ලැජ්ජයි..!!(නු)
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් මැද වන සිවුපාවුන් වැනි මිනිසුන් ඇත..(නු)
මේ හොරා එන වෙසක් පොහොයට සෙරප්පු දන්සලක් දෙන්න සෙරප්පු එකතු කරනවා.කරුණාකරලා මේ අහිංසකයා නිදහස් කරන්න. (ත)
හොරුන්ට නිසි දඩුවම්ද මහජනයාගේ දේපල ආරක්ෂාවන පරිදි ක්‍රියා පිළිවෙලක් යොදනු මැනවි..!!(නු)
හොරාගෙ නෝනා සෙරෙප්පු ඉල්ලලා කරදර කරනවා ඇති...!!(නු)
මට බොහොම කණගාටුයි ලංකාවෙ මිනිසුන් ගැන.. ඇයි මේ සත්තුවගේ වැඩ කරන්නෙ.. ඉතාම කණගාටුදායක පුවතක්..!!(නු)
අනිත් අයට පේන්නත් එක්ක තදින්ම දඩුවම් කරන්න..!!(නු)
හැමතැනම හොරකම් මිනීමැරුම්.. කොල්ලකෑම් දූෂණ පැහැර ගැනීම්.. මේ මනුෂ්‍යයන්ට මොකද වෙලා තියෙන්නෙ... සමාජය පිරිහිලා.. අම්මා තාත්තාවත් අමතක වෙලා.. පුජාබිමේ හොරකම් කරන තත්ත්තවයට පත්වෙලා...ඉතාම කණගාටුයි..!(නු)
බැතිමතුන් අපහසුතාවයට ලක්කරන්න බැතිමතුන්ගේ දේවල් කඩා වඩා ගන්න ඔයවගේ අයට නියම දඩුවම් දිය යුතුයි...!!(නු)
මෙයාට මොකටද පාවහන් ජෝඩු පනහක්..? මෙයාට ඇත්තටම එච්චර කකුල් ගොඩක් තියෙනවාද දන්නෙ නැහැ නේද? කොහොම උනත් මේක හරිම නරක වැඩක්.. කොයිතරම් දුප්පත් උනත් කවුරුවත් මේ වගේ හොරකම් කරන්න හොද නැහැ..!!(නු)
අහිංසක වන්දනාකරුවන්ගෙ දේපල හොරකම් කිරීම නිසා මේ දෙදෙනාට මතක හිටින පාඩමක් ඉගැන්විය යුතුයි..!!(නු)
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ..!(නු)
එතකොට අහිංසක මිනිස්සුන්ට එවපු සුනාමි සල්ලි හොරකම් කරපු අය..!!(නු)
පාවහන් හොරා කරෙන් දැනේ..!(නු)