මාර්තු පළමුවැනිදා ජිනීවා නුවරදී " යුද මුක්ත කලාපය" නම්වූ වාර්තා චිත්‍රපටය තිරගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විරෝධය එම අවස්ථාව සංවිධානය කල කණ්ඩායම් වෙත පළකර තිබේ.
ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාංශයේ ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ දර්ශනය පවත්වන අවස්ථාවේ එම ශාලාවට ඇතුළුවී සිය විරෝධය පළකරමින් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාල ගොඩනැගිල්ල මෙවන් ඒකපාක්ෂික නිර්මාණයක් පෙන්වීමට ඉඩ ලබාදීම ඉතාම අසාධාරණ බවත්, මෙවන් ක්‍රියාකාරකම් තුලින් එම සංවිධායකයන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව කෙරෙහි වැරදි ආකල්පයක් ලොවපුරා ප්‍රචාරය කරවීම බවත්ය. මෙම අභාග්‍යසම්පන්න ශ්‍රී ලංකා විරෝධී ප්‍රචාරක රැල්ල පසුපස ඉන්නේ අන්කිසිවකු නොව කුරිරු දෙමළ ඊලාම් ත්‍රස්තවාදි කණ්ඩායමක ඉතිරි වූ කැට කැබලි බව ලෝකයා වටහාගත යුතු බවද ඒ මහතා පැවසීය.
මේ ගැන ආරියසිංහ මහතා විසින් ලිඛිතව ඉදිරිපත්කර ඇති විරෝධතාවයට ප්‍රතිචාරයක් දක්වමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සභාපති රෙමිගිඋස් රෙන්චාල් තානාපති වරයා පවසා ඇත්තේ ජිනීවා සැසිවාරය අතරතුර එයින් පිටස්තරව විවිධ කණ්ඩායම් සංවිධානය කෙරෙනා දේශනා, රැස්වීම්, විරෝධතා, පත්‍රිකා සහ පොත්පත් බෙදාහැරීම්, චිත්‍රපට හෝ නාට්‍ය දර්ශන මගින් ජිනීවා සැසිවාරයේ සාකච්චාවන්ට හෝ එහිදී අනුමත කෙරෙනා තීරණයන්ට අබමල් රේණුවකවත් බලපෑමක් ඇති නොවන බවයි.
සැසිවාරය අතරතුර මෙවැනි ක්‍රියාකාරකම් අනන්තවත් සිදුවන බව කියන ඒ මහතා ඒවා තුලින් ඉදිරිපත්කෙරෙන අදහස් උදහස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඒවා නොවන බවද අවධාරණය කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ යුද්දය තිබුනාට කොච්චර පිරසක් කැමැත්තෙන් ඉදලා තියෙනවාද කියලා දැන් තේරෙනවා නේද (දී)
මෙම සිනමාපටයේ දැක්වෙන කරුණු වල අසත්‍යතාවය එකින් එක පෙන්වාදී එය බොරුවක් බව තහවුරු කරනවා මිස එය පෙන්වීම නැවැත්වීමට යන එකෙන් වෙන්නේ අපට ලෝකයාගෙන් හංගන්න යමක් ඇති බව අප විසින්ම පිළිගැනීමක් නොවේද? (නි)
ලංකාවට ප්‍රශ්න ඇතිකරන්න පුදුම ආසාවක්නේ තියෙන්නේ (දී)
රාජ්‍ය නොවන සංවිධාන මෙහෙදී (අපි නොදකින) පැතිකඩවල් ඉදිරිපත් කිරීම පැරණි යූ.එන්. සම්ප්‍රදායක්. (නි)
සැලෙන්න එපා (දී)
නියමයි. ඉදිරියටම යන්න. (නි)
සැලෙන්න එපා (දී)
මේවා තමයි වැඩ, යද්දෙ දිනලත් ඉන්න දෙන්නේ නැහැනේ (දී)
අපේ රට ගැන අපිට වඩා වෙන අයටයි කැක්කුම තියෙන්නේ (දී)
ඔය කාටවත් බැහැ සත්‍ය සගවන්න (දී)