IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රවිනාථ ලංකා විරෝධය පළ කරයි

මාර්තු පළමුවැනිදා ජිනීවා නුවරදී " යුද මුක්ත කලාපය" නම්වූ වාර්තා චිත්‍රපටය තිරගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විරෝධය එම අවස්ථාව සංවිධානය කල කණ්ඩායම් වෙත පළකර තිබේ. 

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාංශයේ ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ දර්ශනය පවත්වන අවස්ථාවේ එම ශාලාවට ඇතුළුවී සිය විරෝධය පළකරමින් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාල ගොඩනැගිල්ල මෙවන් ඒකපාක්ෂික නිර්මාණයක් පෙන්වීමට ඉඩ ලබාදීම ඉතාම අසාධාරණ බවත්, මෙවන් ක්‍රියාකාරකම් තුලින් එම සංවිධායකයන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව කෙරෙහි වැරදි ආකල්පයක් ලොවපුරා ප්‍රචාරය කරවීම බවත්ය. මෙම අභාග්‍යසම්පන්න ශ්‍රී ලංකා විරෝධී ප්‍රචාරක රැල්ල පසුපස ඉන්නේ අන්කිසිවකු නොව කුරිරු දෙමළ ඊලාම් ත්‍රස්තවාදි කණ්ඩායමක ඉතිරි වූ කැට කැබලි බව ලෝකයා වටහාගත යුතු බවද ඒ මහතා පැවසීය.

මේ ගැන ආරියසිංහ මහතා විසින් ලිඛිතව ඉදිරිපත්කර ඇති විරෝධතාවයට ප්‍රතිචාරයක් දක්වමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සභාපති රෙමිගිඋස් රෙන්චාල් තානාපති වරයා පවසා ඇත්තේ ජිනීවා සැසිවාරය අතරතුර එයින් පිටස්තරව විවිධ කණ්ඩායම් සංවිධානය කෙරෙනා දේශනා, රැස්වීම්, විරෝධතා, පත්‍රිකා සහ පොත්පත් බෙදාහැරීම්, චිත්‍රපට හෝ නාට්‍ය දර්ශන මගින් ජිනීවා සැසිවාරයේ සාකච්චාවන්ට හෝ එහිදී අනුමත කෙරෙනා තීරණයන්ට අබමල් රේණුවකවත් බලපෑමක් ඇති නොවන බවයි.

සැසිවාරය අතරතුර මෙවැනි ක්‍රියාකාරකම් අනන්තවත් සිදුවන බව කියන ඒ මහතා ඒවා තුලින් ඉදිරිපත්කෙරෙන අදහස් උදහස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඒවා නොවන බවද අවධාරණය කර සිටී.

       
 



අදහස් (0)

රවිනාථ ලංකා විරෝධය පළ කරයි

චරිත Monday, 04 March 2013 02:40 PM

ලංකාවේ යුද්දය තිබුනාට කොච්චර පිරසක් කැමැත්තෙන් ඉදලා තියෙනවාද කියලා දැන් තේරෙනවා නේද (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 04 March 2013 02:41 PM

මෙම සිනමාපටයේ දැක්වෙන කරුණු වල අසත්‍යතාවය එකින් එක පෙන්වාදී එය බොරුවක් බව තහවුරු කරනවා මිස එය පෙන්වීම නැවැත්වීමට යන එකෙන් වෙන්නේ අපට ලෝකයාගෙන් හංගන්න යමක් ඇති බව අප විසින්ම පිළිගැනීමක් නොවේද? (නි)

:       0       0

අශාන් Monday, 04 March 2013 03:05 PM

ලංකාවට ප්‍රශ්න ඇතිකරන්න පුදුම ආසාවක්නේ තියෙන්නේ (දී)

:       0       0

කරු Monday, 04 March 2013 03:17 PM

රාජ්‍ය නොවන සංවිධාන මෙහෙදී (අපි නොදකින) පැතිකඩවල් ඉදිරිපත් කිරීම පැරණි යූ.එන්. සම්ප්‍රදායක්. (නි)

:       0       0

චන්ද්‍ර Monday, 04 March 2013 03:46 PM

සැලෙන්න එපා (දී)

:       0       0

ප්‍රේමරත්න Monday, 04 March 2013 05:10 PM

නියමයි. ඉදිරියටම යන්න. (නි)

:       0       0

කුමුදු Monday, 04 March 2013 05:45 PM

සැලෙන්න එපා (දී)

:       0       0

කුමාර Monday, 04 March 2013 02:01 PM

මේවා තමයි වැඩ, යද්දෙ දිනලත් ඉන්න දෙන්නේ නැහැනේ (දී)

:       0       0

යොහාන් Monday, 04 March 2013 02:08 PM

අපේ රට ගැන අපිට වඩා වෙන අයටයි කැක්කුම තියෙන්නේ (දී)

:       0       0

ඉසුරංග Monday, 04 March 2013 02:18 PM

ඔය කාටවත් බැහැ සත්‍ය සගවන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site