ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහත්වරු අද (13) උදේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් සිදු කර ගංගාරාමාධිපති කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණීස්සර නාහිමියන්ගෙන් ආශිර්වාදය ලබා ගත්හ.ඤාණිස්සර නාහිමියෝ(පොඩි හාමුදුරුවෝ) ස්වර්ණමය බුදු පිළිම වහන්සේලා නව ඇමැතිවරුන් දෙපළගේ හිස මත තබා සෙත් පැතූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්...වෘත්තීයවේදීන් දෙපළක් වන ඔබ දෙපලගෙන් දින 100 තුළ වුව අවංක සේවයක් බලාපොරතේතු විය හැකිය. ඉදිරියටත් සැබෑ දේශපාලඥයින් වන්නට වෙහෙස වන්න..නිර්මාණය වූ නව දේශපාලන සංස්කෘතිය තුළ අවකාශ ඇත්තේ ඔබලා වැනි සැබෑ වෘත්තීයවේදීන්ට පමණි. (බ)
රුවන් විජයවර්ධන ඇමතිතුමා ඹබතුමා ඉතා හොද ජනතා නායකයෙක්.ලක්වැසි සැමට යහපත් සේවයක් සැලසීම පිණිස, ඔබතුමාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි පතමි.!(හේ)
හැකි ඉක්මනින් 'හොරු රැල' අල්ලා රජ කාලේ දඬුවම් දී, හොරකම් කල මුදල් සහ දේපල ජනසතු කරන්න. ඔබ දෙපල ගැන ජනතාව තබා ඇති බලා පොරොත්තු වලට සාධාරණය මෙලෙසින් ඉටු කරන්න. (නදී)
රුවන් මහතාණනි, සජිත් මහතාගෙන් පසු ඒ.ජා.පෙ. භාර ගන්න ඉන්නේ ඔබතුමා. රනිල් අගමැතිතුමා වගේ දූෂණයෙන් තොර අවංක කෙනෙක් වශයෙන් ඔබේ පරපුරේ ආඩම්බරය දිගටම ගෙනියන්න ශක්තිය ලබේවා !!!!(දිල්)