සිංගප්පූරුවේ පැවති උපාය මාර්ගික අධ්‍යයනය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය කළ ‘ෂැන්ග්‍රී ලා‘ සම්මන්ත්‍රණයට සහභාගී වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන චීන නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී, මහජන චීන විමුක්ති හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සුන් ජිඈන්ගුඕ මහතා ඇතුළු පිරිසක් සමඟ සුහද පිළිසඳරක යෙදුණේය.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ චීන සංචාරයෙන් පසු දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් වූ බවත්, චීන රජය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත නොකඩවා ලබාදෙන පුහුණුවීම් , පාඨමාලා සහ වෙනත් ආධාර වෙනුවෙන් ස්තුතිය පුද කරන බවත් රාජ්‍ය ඇමැති කීවේය.
මේ වසරේ අග මෙරට පැවැත්වෙන චීන ශ්‍රී ලංකා ආරක්‍ෂක සාකච්ඡාවේ දෙවන ආරක්‍ෂක සංවාදය සඳහා පැමිණෙන ලෙස ද විජයවර්ධන මහතා චීන නියෝජිතයනට පිරිසට ආරාධනා කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මහින්ද රට චීනෙට බදු දෙනවා කියුව අය කොහෙද? (ස)
චීනය අපේ හිතවත්ම මිතුර.(ම)
ඔබට සුබ පැතුම්! (නි)
බද්දෙන් නිදහස් කරගෙන අපේ රට ගලවාගන්න යන්න ඇති මං හිතන්නේ. අපේ රටට සුභ අනාගතයක්. (බ)