මුදල් ඇමැති රවී කරුණානායක මහතාට විරුද්ධව බාරදුන් විශ්වාසභංග යෝජනාව මේ සතියේ විවාදයට ගන්නැයි කතානායකගෙන් ඉල්ලීමක් කළ බවත් එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත්ව ඇතැයිද විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා එසේ පැවසීය.
‘අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධවත් විශ්වාසභංග යෝජනවාක් බාරදුන්නා. තවම ඒක න්‍යාය පත්‍රයට ඇවිල්ලා නැහැ. ඒක න්‍යාය පත්‍රයට එන්න දින 5-6ක් ගතවේවි. ඒ ගැන අපිට තීරණයක් ගත හැක්කේ යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළත් කළාට පස්සෙයි‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු යහපාල ....රවී තවම නීතිය වැරදී කරුවෙක් කියා නැහැ නේද ?නමුත් රජයේ කිසිම තනතුරක් නොදැරිය යුතුයි කියා නීතියෙන් වරද කරුවෙක් කර තීන්දුවක් දුන් පසුගිය රජයේ ප්‍රබලයෙකුට මුදල් අමාත්‍යංශයේ ලේකම් තනතුරෙන් සංග්‍රහ කෙරුවේ කව්රුන් විසින් මොන සදාචාරයෙන්ද ?තවත් එනවා සදාචාරයක් ගෙන කතා කරන්න ..(බ)
ඔබතුමාලගේ විශ්වාසය තිබුණත් නැතත් මහජන විශ්වාසය තියෙනවානේ. (ම)
මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මුදල් ඇමති කම වගේ තනතුරක් දෙන එක එතරම් හොද නැහැ. ඇත්තටම බලන්න ඕන මෙයා අයවැය දී මෙයාගේ ව්‍යාපාරවලට බලපාන බදු කියකින් රිංගුවද කියල. ඇත්තටම එ්කත් මුල්‍ය වංචාවක් (බ)
මේ විශ්වාස භංග යෝජනා විවාදයට ගත්තොත් සේරම හාන්සියි. එ්කයි 20 ඇපයට තියන් ඉන්නේ. කොහොමත් ඉතින් තව මාස 2 යි නේ. (නදී)
දැන් විශ්වාසභංග වැහි වැහැලනේ! (නි)
සේන ඔය කියන මහජනයා කොහෙද ඉන්නේ (බ)
විශ්වාස භංග මුවාවෙන් 20 ට කකුල් මාට්ටු දාන්නේ කවුද, ඒ කොහොමද, යටි අරමුණු මොනවාද කියා මහජනතාව දැන් හොඳින් වටහාගෙන ඉන්නේ මෙදා පාර මතක හිටින්න සලකන්න. (අ)
මෙයාට විශ්වාසභංගය ගේන්න තිබුනේ මේ ඇමතිකම දීපු දවසේමයි. උසාවියේ මුල්‍ය වංචාවක් පිළිබදව නඩුවක් විභාග වෙද්දී මෙයා මොන සදාචාරයක් මත ද මුදල් ඇමති වුණේ. එක යහපාලානේ නිසා වෙන්න ඇති. යහපාලනේ නම් තියෙන එවයෙනුත් නිදහස්. (අ)
මේක නම් ක්‍රියාවට නැංවිය යුතුමයි. (නි)
මුන්ට නම් පිස්සු (ම)