මෙරටදී වාහන එකලැස් කිරීමට උත්සහ කරන වාහන ආනයනකරුවකුට සහන ලබාදීම නවත්වන්නැයි ඉල්ලමින් ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට නියමිත යැයි වාර්තා වේ.
භාවිත කරන ලද වාහන අමතර කොටස්වලින් මෙරටදී වාහන එකලැස් කරන ‘වෙහිකල්ස් ලංකා’ පුද්ගලකි සමාගමට සියයට 70ක බදු සහනයක් ලබාදීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් යොමු කළේය.
එම යෝජනාවට තමා විරුද්ධ වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇති අතර එක් තෝරාගත් සමාගමකට පමණක් සහන ලබා නොදිය යුතු බව ද ප්‍රකාශ කර ඇත. එමෙන්ම අදාළ ආනයනකරු රේගු රෙගුලාසි උල්ලංඝනය කර ඇතැයි ද අමාත්‍ය අමරවීර මහතා පවසා ඇත.
පසුගිය ආණ්ඩුවේ බලපෑම් මත ඒ සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණ නැවැතුණු බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වාහන 2,250ක උපරිමයකට යටත්ව වසර තුනක් කාලයක් සඳහා බදු සහන ඉල්ලමින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව අදාළ සමාගමට භාවිත කරන ලද වාහන අමතර කොටස් භාවිත කරමින් වාහන එකලැස් කරමින් ඉහළ දේශීය ඉහළ අගය එකතු කිරීමේ වටිනාකමක් ලබාගැනීමේ හැකියාව ලැබෙන බව ද පැවසේ.
මෙම සමාගමට අයත් වාහන අමතර කොටස් සහිත කන්ටේනර් අටක් නිදහස් කඩිනමින් නිදහස් කරන්නැයි මුදල් අමාත්‍යාංශය උපදෙස් දුන් බව පසුගිය සතියේදී වාර්තා විය.
මේ අතර ශ්‍රී ලංකාව රේගුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ වැටලීමක් කරමින් ආනයනය කරන ලද වාහන අමතර කොටස්වලින් එකලැස් කරන ලද වාහන 54ක් අත්අඩංගුවට ගත්තේය. මෙම වැටලීම් සහ අත්අඩංගුවට කිරීම කරන ලද්දේ මෝටර් රථවාහන පනතට අනුව යැයිද ශ්‍රී ලංකා රේගු නිලධාරීහූ ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සය මුදල් ඇමති වෙලා ඉන්නකන් මේ රට දියුණු කරන්න බැහැ (බ)
අනේ මේ රවී කියන මනුස්සයාගේ තණ්හාව. (බ)
ලංකාවේ තමිල් නාඩුවක් හදන්නයි යන්නේ අවුරදු 25 කින් ප්‍රතිඵල ලැබේවි. එදාට මේවා කළ එවුන්ට හෙණ 7 වදින්න ඕනේ කියා කියන්න වේවි (බ)
අමරවීර මහතා හොරුන්ට වැට බඳින්ට ඕනේ (බ)
අපට කවදාද බදු සහන දෙන්නේ? (බ)
යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමට තිත තියලවද්ද? (බ)
නියමයි. රවියට රට ඉවරයි (බ)
රවී හදන්නේ අය වැයෙන් වාහන වලට ගහන බදු වැඩි කර , තමන්ට හිතවත් කණ්ඩායම් වලට සහන්දයක් ලෙස වාහන බදු අඩුවෙන් ගෙවා රැගෙන විත් ඒවා වැඩි මිලට තම හිතවත් සමාගම් ලවා වෙළඳ පොලේ විකුණා , ලැබෙන ලාභයෙන් කොටසක් තම සාකුවට දමාගන්න , (බ)
මදැයි අපි අඩු මිලට මෙහෙ එකලස් කරපු වාහනයක් වත් ගන්න ගියා.....(බ)
සතොස කාල මුදල් අමාත්‍යාංශය කන්න පටන්ගෙන (බ)
ඉස්සර නම් කිව්වෙ ලංකාවේ පාරවල් වල වාහන වෑඩි නිසා ගෙන්නන වාහන ප්‍රමාණය අඩුකරන්න බදු ගහනවා කියලා. දැන් මොකද හදිස්සියේම තෝරාගත් පෞද්ගලික ආයතනයකට 70%ක් බදු සහන දෙන්නේ? මේකද යහපාලනය? මහින්දගේ ණය කියපුවා දැන් ගෙවලා ඉවරද?? (නි)
බදු සහන ඉල්ලන්නවුන් ගැන මට නම් ඇත්තේ පුදුම තරහක් (නි)
තමන්ට වාසියක් එනවා නම් මොනවද නොකරන්නේ (නි)
මේ අවුරුදු 2 ට රටේ අාදායම නැතිකරලා දේශපාලකයෝ තමන්ගේ සාක්කුවට ඒ අාදායම දාගත්තේ අද විතරක් නොවෙයි. (නි)
පසුගිය ආණ්ඩුවෙන් කළ පරීක්ෂණ නවතා මේ කරන්න යන අපරාධය වහා නවතනු. මේක මහා පුදුම හොරාකෑමක්නේ. (නි)
ඉතින් කොහොමද සහයෝගයෙන් වැඩක් කරන්නේ (නි)
ලංකා පෙරේරා, තමන් ගැන නෙමෙයි රට ගැන හිතන්න. මෙතැන රටට බදු ආදායම අහිමි වෙනවා පමණක් නෙමෙයි "භාවිතා කරනලද වාහන අමතර කොටස් වලින් මෙරටදී වාහන එකලස් කරන" එකක් නිසා හදන්නෙත් බාල වාහන. (නි)
රුවන්, ඒකනේ කියන්නේ. රටම කාලා තමයි නවතින්නේ. අපෙත් කරුමේ කියන්නේ වැටත් නියරත් ගොයම් කන එක නවත්තාගන්න කෙනෙක් නැහැනේ. (නි)
ලෝකයේ සම්මත ආචාර ධර්මවලට පටහැනිව මංකොල්ලකන රජවරුන්ට ඉනිමං තබා මිනිසුන්ටත් කණකොකා පෙන්වා වාහන විකුණනවාට වඩා හොඳයි හිඟාකන එක. (නි)
ඕක ඉතින් හැටිමනේ. කෙනෙක් කරනදේට තව කෙනෙක් විරුද්ධවෙනවා (නි)
බලනකොට මේ රජයත් පසුගිය රජයට දෙවැනි නැහැ (නි)
මේක යාළුවන්ට විතරක් සළකන යහපාලන රජයක්ද කොහෙද... (නි)
මට හිතෙන්නේ වැට් බදු තව මදිද කොහෙද? ෆෝන්, ඉන්ටර්නෙට් බදුත් තව ටිකක් වැඩි කළාට කවුරුත් මොකුත් කියන එකක් නැහැ මගේ හිතේ. එහෙම කරලා බියර්, අරක්කු කොම්පැනි වලටයි, කෑලි අමුණලා වාහන හදන කොම්පැනි වලටයි, හොර කාර් කොම්පැනි වලටයි බදු සහන ටිකක් දුන්නා නම් හොඳයි (නි)
පිනට ලැබුන ඇමතිකම හොරකමට, වංචාවට, තමන්ගේ පවුලේ හිතවන්තයගේ වාසියට යොදවනවා නම් වහාම ඉවත් කරමු (නි)
මේ රටේ මහා පරිමාණ හොරකම් වංචා කරන්නේ දේශපාලකයෝ. ඔවුන් දන්නවා කවදාවත් ඔවුන්ට ඒවාට දඬුවම් නොලැබෙන බව. මේ කරුමේ ගෙවන්න වෙලා තියෙන්නේ ජනතාවට (නි)
කාටහරි වාහනයක් හදලා දෙන්නද මන්දා (නි)
රවී කියන්නේ කොහොමටත් රටට යහපත් දෙයක් කරපු කෙනෙක් නෙමෙයි. මොහුට මුදල් ඇමතිකම කිරීමට ඇති සුදුසුකම කුමක්දැයි අපි දැනගැනීමට කැමතියි. (නි)