ඉන්දියාවේදී පැවැත්වෙන 3 වැනි ‘රාජ් රෙසිඩෙන්සි කුසලාන’ අන්තර් පාසල් විස්සයි/20 ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා මාතලේ රවී පුංචිහේවා ක‍්‍රිකට් ඇකඩමියේ වයස 14 න් පහළ පිල අනිද්දා (4) චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිතය. ඉන්දියාවේ ආර්.ආර්. සමාගම සංවිධානය කරන මෙම තරගාවලිය මේ මස 9 වැනිදා දක්වා පැවැත්වේ. මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ තුන් ඉරියව් ක‍්‍රීඩක විෂල් ඒකනායකගේ නායකත්වයෙන් යුත් රවී පුංචිහේව පිලේ එම්. එස්. මිසල්, ධනුක මද්දෙපොළ, ශෂික බණ්ඩාර සෙසු තුන් ඉරියව් ක‍්‍රීඩකයෝ වෙති. එස්.සජිකරන් සහ ඉල්හාන් පන්දු යැවීමෙන් දස්කම් අතර සිටිති. මෙම තරගාවලියේ පසුගිය වසරවල ශූරතාව රවී පුංචිහේවා ක‍්‍රිකට් ඇකඩමිය දිනාගෙන තිබේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ ගියත් කමක් නැහැ. හැබැයි චෙන්නායි, තමිල්නාඩු පැත්තේ යන්නේ ප්‍රවේශමෙන් හොදේ. (නි)