එක්සත් ජාතික පක්‍ෂයේත්, ඊට අනුබද්ධ වෘත්තීය සමිතිවලත් බලය මෙවර මැයි රැලියේ දී රටටම පෙන්වු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බොරැල්ල කැම්බල් පිටියේ දී මැයි දිනය අමතමින් පැවසීය.
සුඑතර රජය ලබන ඡුන්දයෙන් පසුව බහුතර රජයක් කිරීමට පෙළගැසෙමුයි අගමැති කීවේය. එජාප මැයි රැලිය මාලිගාවත්ත ප‍්‍රදීපා මංසනිධියෙන් ඇරැඹිණි. රැස්වීම අවසන් වනතුරුත් පෙළපාලිය ගමන් කරමින් පැවතිණි.
මෙතෙක් කල් පක්ෂය ආරක්ෂා කරගත් ජනතාව ආරක්ෂා කරගැනීමට දැන් පක්ෂයට අවස්ථාව උදාවී අතැයි ද අගමැතිවරයා කීවේය.
ජනතාවට ලබා දී ඇති කෙටි කාලීන සහනවලට අමතරව දිගු කාලීන සහන ලබාදීම සදහා ඉදිරි මැතිවරණයක දී එජාප බහුතර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට කටයුතු කරන බව ද වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.
පැවති එකාධිපති රාජපක්ෂ රෙජීමය අවසන් කර රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදාකරදීම සදහා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට මෙන්ම එම අභියෝගය ජයගැනීමට එක් වූ සියලු දෙනාට ස්තුතිවන්ත වන බවද අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාමිලා නෝනා, ඔය කියන ඇමෙරිකාවත් ගෙවාගන්න බැරි ණයක් චීනෙන් අරගෙන ඉන්නේ (නි)
රැල්ල දැකලා සමහරුන්ට පපුවේ අමාරුව වගෙයි (නි)
මහින්ද රටට කරපුවා අමතකවෙලා? (නි)
රටට මොකුත් වෙලා නැහැ මහානාම මහත්තයෝ (නි)
අපි දැක්කා ජනවාරි 8 දාට පෙර තිබුන රටේ තත්ත්වය. (නි)
තාමත් අරාජිතයන්ට කඩේයන්නෝ ඇත (නි)
දැක්කා දැක්කා. රටේ තියන තරම් ලංගම බස් ටික පුරවාගෙන ආවා (නි)
එදා ඉඳලා වියරුවෙන් බලයට කෑදරකමින් කටයුතු කළ හැටි නම් අපි දන්නවා. (නි)
කෙරීත් ආ නිසා දැන් වැඩේ හොඳට කෙරීගෙන යනවා වගේ නේද? (නි)
ඔය රැල්ල රටේ ජනතාව දන්නවා. (නි)
හැමදාම පාලකයෝ කළේත් අද කරන්නෙත් පිට පළාත් වලින් සෙනඟ ගෙනවිත් "මේ අපේ ශක්තිය" කියලා ජනතාව රවටපු එකයි. (නි)
එජාප රැළියට ලංකාවේ කවදාවත් නැති සෙනඟක් ආවා කියලා කට්ටිය කයිවාරු ගැහුවට මේ සෙනඟ මීට මාස 3 ,4 කට කලින් කොහෙද දන්නේ නැහැ හිටියේ? (නි)
නමුත් තවමත් ආණ්ඩු පිහිටුවීමේ හැකියාව තිබෙන්නේ සන්ධානයටමයි කියලයි මම නම් හිතන්නේ (නි)
රැල්ල ඉවරයි , මහින්ද මහතා මෛත්‍රී මහතාට එකතු වුන දාට , කෙටි කාලින සහන නම් හරියට ක්‍රෙඩිට් කාඩ් එකෙන් ණයට කැවා වගෙයි , බිල ආපුවම සෙල්ලම ඉවරයි , දිගු කාලින සහන නම් බෙදුම් වාදීන්ට දැන් ලබා දෙමින් ඉන්න බව පැහැදිලියි , ගුවන් තොටුපළත් හදලාම දෙන්න යාපනේ . දැන් ජෝන් කෙරී අද ආපුවාම තව හොද අදහස් ටිකක් ගන්න පුළුවන් , ආධාර ත් ලැබෙයි . රට උකසට තබා ලබා ගන්න සහන හා ආධාර , විදේශීය හොද හිත මොකටද ? (බ)
මෙය ඊළඟ ඡන්දයට පෙරනිමිති පළකිරීමකි (නි)
අනේ මේ මහානාම මහත්තයෝ, එයාලා එන්න ඕනෑ නැහැ. ගිය ආණ්ඩුව චීනෙට කරපු උගස බේරගන්න තව අවුරුදු 50ක් විතර යාවි. නිකන් කඩේ යන්නේ නැතුව ඉන්න! මතකනේ බන්දුල පෙරේරාට වුණ දේ. (නි)
ශාමිලා නෝනා . බන්දුල පෙරේරා ගැන මම දන්නේ නැ , රට වෙනුවෙන් කතා කරීම හා අදහස් දැක්වීම මම දකින්නේ මගේ ජාතික වගකීමෙන් කොටසක් හැටියට . මොකද අපි නිදහස් අධ්‍යාපනයේ දරුවෝ හැටියට ජාතියට ණය ගැතියි . මම ඔබතුමිය ගැන දන්නේ නෑ, නමුත් කරුණාකර රට වෙනුවෙන් අදහස් දක්වන්න , රටේ පවතින අනතුර තේරුම් ගන්න , ගිය ආණ්ඩුව චීනෙන් ණයට ගත්තේ කන්න බොන්න හෝ ලාබෙට බදු දෙන්න නොවේ , මේ ආණ්ඩුව ණයට ගන්නේ , රට උකස් කරන්නේ සංවර්ධනයට නොවේ , ලාබ කළ බදු ආදායම පියවගන්නයි , කරුණාකර බඩ ගැන නොවේ රට ගැන හිතන්න , අද ගැන නොවේ හෙට ගැන හිතන්න. (බ)
ශාමිලා නෝනා , තමන් කැමති පක්ෂයකට කතාකළාට කමක් නැහැ. නමුත් රටේ පවතින තත්වය තේරුම්ගෙන ඉදිරියට යන්න (නි)
ශාමිලා නෝනා, බන්දුල පෙරේරා ගැන මම දන්නේ නැහැ. කරුණාකර බඩ ගැන නොවේ රට ගැන හිතන්න. අද ගැන නොවේ හෙට ගැන හිතන්න (නි)
අනේ මහානාම, ඔයා රෙදිත් නැතුව කඩේ යනවා වගෙයි (නි)
කවුරු මොනවා කිව්වත් මහා මැතිවරණයෙන් එජාපයට 2/3 බලයක් ලැබෙන්නේ නැහැ. (නි)
මහානාම කඳාන, රටේ තිබුණ තත්වය තේරුම්ගත් නිසා තමයි 8 වෙනිදා පෙරලුවේ (නි)
මහජනතාව මේ වෙලාවේ කල්පනාකාරී වියයුතුයි (නි)
ලෝක බලවතුන්ගේ බල ක්‍රීඩාවේ ඉත්තන් -නොමවේවා කිසිවකුගේ ගැත්තන් (නි)
අනේ මහනාම මහත්තයෝ, ඔයාගේ මානසික ආකල්ප වෙනස් කරගන්න. (නි)
බෙදුණු පක්ෂයකට වඩා එක්සත් පක්ෂයකට-සුබ පල ගෙනදිය හැක රටකට (නි)
ශාමිලා නෝනා, බන්දුල පෙරේරා ගැන මම දන්නේ නැහැ. රට වෙනුවෙන් කතාකිරීම හා අදහස් දැක්වීම මම දකින්නේ මගේ ජාතික වගකීමෙන් කොටසක් හැටියට (නි)
මහානාම මහත්තයෝ, රටේ පවතින තත්වය අපි හොඳට තේරුම් අරගෙන ඉන්නේ. ඒ හින්දා තමයි ජනවාරි 8 වෙනිදා රාජපක්ෂ පාලනය ගෙදර යැව්වේ. (නි)