නිර්මල බුදු දහම පිළිබඳ රේරුකාණේ චන්දවිමල මහා නාහිමි ලියූ සියලු දහම්පොත් ඇතුළත් වෙබ් අඩවියක් හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාමයේ දී විවෘතවිය. www.rerukanemahanahimi.lk එම වෙබ් අඩවියයි. චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මීවන සුසීම හා එල්ලාවල විජිතානන්ද හිමියෝ ද ඒ අවස්ථාවට සහභාගී වූහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නම් හොඳයි. ඒත් ඉතින් මේ ලින්ක් එක නම් වැඩ කරන්නේ නෑ. අකුරුවල වැරැද්දක්ද දන්නේ නැහැ.
මහා පුණ්‍යකර්මයක්. බෞද්ධ අපට නිර්මල බුදුදහම ඉගෙනීමට ඇති උසස්ම ග්‍රන්ථ මාලාව මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මහා නාහිමි ලියු ධර්ම ග්‍රන්ථ මාලාව වේ.
ප්‍රසන්න ඔයාට වැරදිලා ලින්ක් එක හරියටම හරි මම දැන් රේරුකානේ හමුදුරුවන්ගේ පොත් කිහිපයක් කියෙව්වා. මේ වෙබ් සයිඩ් එකට ගිහිල්ලා. ප්‍රසන්න මේ ලින්ක් එක හරියට අතුළත් කරන්න.
සාදු සාදු. සාදු. මහත්ඵල මහානිසංස දෙන පින්කමක්
ප්‍රසන්න ලින්ක් එක වැඩ කරනවා. මම බැලුව මෙය කල අයට පින් අත්වේවා. ජගත් ලන්ඩන්
උතුම් පින්කමක් සාදු සාදු සාදු
ලිංක් එක වැඩ බෝහෝම පින්සිදු වේවා.
නිවන් දකින්න ලේසිම ක්‍රමය මම බුද්ධාගම ගැන ගොඩාක් විස්තර දැන ගත්තේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් කියවලා..ඒ පොත් සේරම මේ Thread (http://www.elakiri.com/forum/showthread.php?t=1105279 ) එකේ තියෙනවා බාගන්න. කඩෙන් අරන් කියවනවා නම් වැඩි ගානක් නෑ.ඕනෙම පොතක් රුපියල් 200-300ක් වගේ ගානක්, ඒත් ඒවයේ තියෙන ධර්මය නම් වටිනවා කෝටි ගානක්..පොත් කඩේකින් මේ පොත් අරන් ඉඩ තියෙන වෙලාවට නිදහසේ කියවලා තේරුම් ගන්න..සංසාරේ භයානක කම තේරුම් ගන්න. 1. මුලින්ම කියවන්න බෞද්ධයාගේ අත්පොත සහ පුණ්‍යෝපදේශය..ඒ පොත් දෙක තමා මූලිකම දේ .ඒ දෙක කීවාම අඩුම තරමේ නියම බෞද්ධයෙක් වෙන්න හිතෙනවා.පින් කරන්න හිතෙනවා. 2.ඊට පස්සේ කියවන්න චතුරාර්ය සත්‍යය පොත.මේක කියෙව්වාම ඇඬෙනවා.සංසාර දුක්ඛය නියමෙට තියෙනවා.. 3. හරි.ඊට පස්සේ කියවන්න සූවිසි මහ ගුණය පොත.මේ පොතේ තියෙන්නේ බුද්ධ ,ධම්ම, සංඝ යන තුණුරුවනේ ගුණ සමුදාය.නිවන් දකින්න නම් මේ තුණුරුවන් ගැන අචල ශ්‍රද්ධාවක් ඇති වෙන්නම ඕනෙ. 4.දැන් මේ වෙනකොට ඔබට නිවන් දකින්න ආසාවක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම..ඊලගට ගන්න බෝධි පාර්ශ්වික ධර්ම විස්තරය පොත.. මේකෙ තියෙන්නේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් ලඟ වඩන්න ඕනෙ ගුණාංග..මේවා ලාවට වගේ ගැඹුරුයි.. ඒත් දෙතුන් පාරක් කියෙව්වම හොඳට වැටහෙනවා.ඔය අතරේ කෙලෙස් එක් දහස් පන්සීය,පාරමිතා ප්‍රකරණය වගේ පොතුත් කියවන්න. 5.දැන් ඔබ දැන් ටික ටික නියම මාර්ගයට යනවා. ඔන්න දැන් ටිකක් ගැඹුරුයි.. දැන් ගන්න අභිධර්මයේ මූලික කරුණු පොත,,ඕකෙන් දැන ගන්න ඕනෙ සිතේ සියුම් කරුණු. හත් අට පාරක් හරි කියවලා තේරුම් ගන්න.. 6.අවසාන ක්‍රියාවට සතිපට්ඨාන භාවනා ක්‍රමය පොත..මම කියවලා තියෙන භාවනා ක්‍රම වලින් මේ භාවනාව ගැන මම ගොඩාක් පැහදුනා..ඒක ලේසි සහ ඉක්මනින් ප්‍රථිපල ලබන්න පුලුවන් භාවනාවක්.. කියවලා බලලා ටික ටික දවස ගානේ පුරුදු වෙන්න,,එක පාරට භාවනා පුරුදු වෙන්න බෑ. මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කඳුබොඩ, තලගල,කලුගල(බදුරලිය ) වගේ භාවනා මධ්‍යස්ථාන වල පුරුදු කෙරෙනවා. ටිකක් පුරුදු වුනාම නිවන් දකින්න අවංකවම ඕනෙකමක් තියෙනවා නම් සේරම වැඩ නවත්තලා භාවනා මධ්‍යස්ථානෙකට ගිහින් භාවනා වඩපු ගුරු හාමුදුරුකෙනෙක් ගෙන් වැඩි උපදෙස් අරන් නිර්වාණය ලබන්න උත්සාහ කරන්න... හැමෝටම මේ ආත්මෙ නිවන් දකින්න බෑ..ඒත් ඒ භාග්‍යය ඔබ කෙරේ සැඟවිලා තියෙන්න පුලුවන්..ඒක භාවනාවෙන් තොරව කියන්න බෑ...උත්සාහ නොකොලොත් ඔබ අනතුරේ.. තව එකක් මේ ආත්මේ ඔබට නිවන් දකින්න බැරි උනත් මේ පොත් වලින් දහම් අවබෝදය ලබල කෙලෙස් තුනී කරගෙන ක්‍රමානුකූලව භාවනාවේ යෙදුනොත් අනිවාර්යයෙන්ම ඒක ඊලඟ භවේ නිවන් දකින්න පාරමිතාවක් වෙනවා.. අනික භාවනාව කියන්නේ හිතා ගන්න බැරි පුණ්‍යක්‍රියවක්.. සක්වල පුරා වැඩ සිටින බුදු,පසේබුදු,මහ රහතන් වහන්සේ ලාට දෙන දානයට වඩා මොහොතක් භාවනා කිරීමේ කුසලය වැඩියි කියලා බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනවා. බුදු හාමුදුරුවො කියල තියෙන්නේ මරණීය හී පහරක් කාපු තැනත්තෙක් ඒ තුවාලයට වෙදකම් කරනවට වඩා ඉක්මනට නිවන් දකින්න උත්සාහ කරන එක වටිනවා කියලයි. සත්‍යය ඔබ ලඟමය!එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය. එහෙත් එය අසීරුය. වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය. තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි.එය සොයා ගත යුත්තේද ඔබමය. ඒ නිවැරදි මග අකුරක් අඩු නොකොට වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ සරල පොත් පෙල ඔබට උපකාර කරයි! සාදු!සාදු!සාදු! බුදු දහම ලොවෙහි බැබලේවා!
සාදු සාදු. සාදු. උතුම් ධානය ධර්ම ධානයයි.
ලිංක් එක හොඳට වැඩ
සාදු සාදු සාදු
හොඳ වැඩක් ඇත්තටම මම තව ලිංක් ටිකක් දෙන්නම් බාගෙන බලන්න http://www.pirith.org/ http://thripitakaya.com/ http://www.dhammapadaya.org/ http://jathakakatha.org/english/ http://www.ogatharana.org/ http://www.budurashmiya.net/ http://www.rerukanemahanahimi.lk/
මම ඉතාමත් ගරුකරන හිමිනමක්.... (නි)