බ්‍රිතාන්‍ය ජාතික මාග්‍රට් සහ රොමි ඔවුන්ගේ මිතුරකු වන මාර්ටින් මෝගන්ට සුබ පැතුම් තැපැල් පතක් තැපැල් කෙළේ වසර 45කට කලිනි ඒ 1968 ජූලි 31 දාය ගොළු බෙල්ලකුටත් මීට වඩා වේගයෙන් මේ තැපැල්පත බෙදා හරින්නට හැකියාව ඇතැයි කියති. වයිට් දුපතේ රයිට්හි සිට ලිස්ටර් වෙත මේ තැපැල් පත ලැබුණේ 2013 අප්‍රේල් 8 වැනි දා. අයිතිකරුගේ නිවෙසට ලැබෙන විට ඒ ගෙදර වෙනත් බදු කරුවෙකි. මෙය විශ්මය ජනක සිදුවීමක් තැපැල් පත ලැබීමෙන් පසුව එහි අයිතිකරු කියයි. මේක වෙන්න බෑ අපි හැමදාම ලිපි පරීක්ෂා කර තොරා අයිතිකරුවන්ට ප්‍රමාදයකින් තොරව බෙදා හරිනවා. බ්‍රිතාන්‍ය රාජකීය තැපැල් සේවයේ ප්‍රකාශකයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසා, ලැජ්ජයි ලෝකේ තියෙන හැම කුණු ගොඩක්ම අපේ රටට ගෙනත් දාන්න හදන ඔයා වගේ කට්ටිය ගැන. ඇත්ටටම ලැජ්ජයි. (නි)
නන්දලාල්, ඔබ හරි. අපේ හුගක් අය කරන්නේ උඩ බලාගෙන කෙලගසා ගැනීම. (නි)
ඒ රටේ නම් ප්‍රමාද වෙලා හරි ලැබෙනවා. අපේ රටේ? (නි)
අහිංසා. මේ සොයාගැනීම කරලා තියෙන්නේ දවල් කාලයකද? (නි)
අවුරුදු 45 ගිහිල්ලා හරි ආවනේ. මේක දැන් වැඩක් නැහැ කියලා විසි කලේ නැහැනේ. (නි)
සමහරවිට ලියුම එවපු කෙනා මිය ගිහිනුත් ඇති. (නි)
නම 'අහිංසා' වුනාට, කියන්නේ 'හිංසා' කතා (නි)
ලංකාවේ පෝස්ට් එකත් ඔහොම තමා (නි)
මේ පින්තූර කාර්ඩ් එක චැනල් ෆොර් වලින් ගහපු එකක් වගේ. (නි)
මම මේ ගොලුබෙලි සර්විස් එකට කැමතියි. කෝමහරි කවදා හරි ලැබෙන එක ෂුවර්. (නි)
අහිංසා කියන දේ හරි. මොන දේ වුණත් ලංකාවේ තැපැල් සේවය අන්තිමයි. පාර්සලයක් වුණත් එවද්දී කඩලා බලන තත්වෙක ඒ අය වැඩ කරන්නේ. අනික මෙහෙම කිව්වයි කියලා සුද්දෝ මේ අදහස් කියවනවද? එක සුද්දෙක්වත් සිංහල දන්නෙ නැහැ. එංගලන්තේ මේ වගේ දෙයක් වුණහම ලෝක පුදුමයක්. ඒත් ලංකාවේ මේ වගේ දේවල් නිතර වෙනවා. ඒකට ලජ්ජා වෙන්න ඕනෑ. (නි)
අහිංසා, ඔයගේ අප්පොච්චා තමයි ඒ දවස්වල ලියුම් තෝරලා තියෙන්නේ (නි)
ඒ දවස්වල ලියුම් බෙදන සහ ලියුම් තෝරන අංශයේ ඉඳල තියෙන්නේ ලංකාවේ කට්ටියක් කියලා තමා හොයාගෙන තියෙන්නේ... (නි)
එච්චර කාලයක් එය ආරක්ෂා වී තිබීමත් පුදුමයක්. (නි)
අහිංසා, උඩ බලා කෙළ ගැසීම මෝඩකමක් නොවේද? (නි)