අයි. පී. එල්. තරගාවලියේ දෙවැනි තරගයේදී මුම්බායි ඉන්ඩියන්ස් පිල පරදවා ලකුණු 2 ක තියුණු ජයක් ලබාගැනීමට බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්විය. තරගය බැංග්ලෝර්හීදී පැවැත්විණ.
කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්ඩියන්ස් පිලේ නායක රිකී පොන්ටින් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලට ආරාධනා කළ අතර දෙවැනි ඕවරයේ මිචෙල් ජොන්සන් යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් තිලකරත්න ඩිල්ශාන්ට ලකුණු නොලබා පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
දැවැන්ත හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් සමගින් පන්දු 58 කදී නොදැවී ලකුණු 92 ක් ලබාගත් කි‍්‍රස් ගේල් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.
දිනේෂ් කාර්තික් පන්දු 37 කදී හයේ පහර 4 සහ හතරේ පහර 3 සමගින් ලකුණු 60 ක් රැස්කළත් තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.
බැංග්ලෝර් පිල නියෝජනය කළ මුත්තයියා මුරලිදරන්ට ඕවර 4 ක් යවා ලකුණු 30 ක් ලබාදෙමින් එකදු කඩුල්ලක් වත් ලබාගැනීමට නොහැකිවිය.
බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල ඕවර 20 තුළදී කඩුලූ 5 ක් දැවී ලකුණු 156
(කි‍්‍රස් ගේල් නොදැවී 92, විරාට් කෝලි 24, අරුන් කාර්තික් 19, ජස්පී‍්‍රත් බුම්රා 32/3)
මුම්බායි ඉන්ඩියන්ස් පිල ඕවර 20 තුළදී කඩුලූ 5 ක් දැවී ලකුණු 154
(රිකී පොන්ටින් 28, සචින් ටෙන්ඩුල්කාර් 23, දිනේෂ් කාර්තික් 60, විනය කුමාර් 27/3 )
(**)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටියට මේ පාර නම් වැඩ වරදියි වගේ. (නි)
අපේ කට්ටියට ජයලලිතා මොනවා හරි කරලා වගේ (ස)
රට පාවාදීලා හොයන සල්ලි වලින් වැඩක් නැහැ පුතේ (නි)
ඉන්දියානු අදාර ගන්න ලජ්ජා නැහැ. ඒත් ක්‍රීඩා කළාම ලැජ්ජයි. (නදී)
අපේ අකමැත්තෙන් අයි.පී.එල් ගිහින් ආරම්භයේ දීම 0 නේද දරුවෝ.. (ස)
බැංගලෝර් ඉන්දියානුවන් අපේ රටට ආදරෙයි... ඔවුනට සුභ පැතුම්... !(ස)