IMG-LOGO

රයිනිත් එකතු වන NEXT GEN ප්‍රසංගය

2016-08-13-ent-43

මේ මස 21 වැනිදා බිෂොප් විද්‍යාලයේ දී සවස 6.45 ට අලුත්ම සංගීත අත්දැකීමක් ලබන්නට ඔබට පුළුවන් වෙයි. ඒ NEXT GEN සංගීත ප්‍රසංගය නිසා. මේ ප්‍රසංගයට සහභාගි වෙනවා ප්‍රවීණ ගායන ශිල්පී රෑකාන්ත ගුණතිලක මහතා සහ ඔහුගේ වැඩිමල් දියණිය රයිනි චාරැකා

රයිනි කොහොමද මේ NEXT GEN සංගීත ප්‍රසංගය දකින්නේ?

ඇත්තටම මෙහෙමයි ඉතාමත් කෙටි කාලයකදී තමයි මේ අපි කණ්ඩායම එකතු වුණේ. ඉතින් ඉතාමත් හොඳ වෙනස් අත්දැකීමක් වේවී. මම නම් අවුරැදු දෙක තුනකට කලින් මේ ක්ෂේත්‍රයට ආවේ. ඒත් මාත් මේ ප්‍රසංගයට සම්බන්ධ කරගත්ත එක ගැන සතුටුයි. මොකද දැන් ඉන්න පරම්පරාවේ ගොඩක් අය දක්ෂයි. හොඳම උදාහරණයක් සනුක වික්‍රමසිංහ, එයාට තියෙන්නේ වෙනස්ම ශෛලියක්. ඉතින් තමන්ගේම කියලා අනන්‍යතාවක් ගොඩ නගාගන්න උත්සාහ කරන පිරිසක් තමා මේ NEXT GEN සංගීත ප්‍රසංගය කරන්නේ. ඒ වගේම අපේ මව්පියන්ට ආදරය කරන පිරිස අපි දිහාත් බලාගෙන ඉන්නේ දරැවෝ මොකද කරන්නේ, එයාලා කොහොමද මේ සංගීත ක්ෂේත්‍රයට එන්නේ කියලා. ඉතින් ඒ හැමෝටම මේක අලුත් අත්දැකීමක් වේවි. මොකද එදාට වැඩිපුර එන්නේ අපේ මව්පියන්ට ආදරය කරන අය. ඉතින් ඒ අයට හොඳ දෙයක් ලබාදීම තමා අපේ බලාපොරොත්තුව. 

 නීෂා රන්සිත් / සේයාරෑ - සුමුදු



අදහස් (0)

රයිනිත් එකතු වන NEXT GEN ප්‍රසංගය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 360 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site