(නිමන්ති රණසිංහ)
ගෝල්ෆෙස් කෝට් තට්ටු නිවාසයේ සිව්වැනි මහලේ නිවසක අභිරහස් ලෙස ඝාතනය කර තිබියදී සොයාගන්නා ලද ශ්‍රී ලාංකික රියැදුරාගේ මරණය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සදහා මරණකරු සේවය කළ විදේශීය යුවළගේ ඞී එන් ඒ සාම්පල ලබා ගෙන ඒවා පරීක්ෂා කර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද (23) විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය අද (23) මෝසමක් මගින් කළ ඉල්ලිමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජකයකු වූ පී. ආර්. ක්ලේමන්ට් නැමැති එංගලන්ත ජාතිකයා සහ ඔහුගේ හැට හැවිරිදි තායිලන්ත ජාතික බිරිඳ ගේ රියැදුරු ලෙස සේවය කළ තලංගම හෝකන්දර පදිංචිව සිටි සේනක ශ්‍රීලාල් (49) නැමැත්තා අභිරහස් ලෙස මියගොස් සිටියදී කොල්ලූපිටිය පොලීසිය සොයා ගනු ලැබුවේ ඉකුත් 19 වැනිදාය.
මෙම රියැදුරා එම නිවසේ යාබද කාමරයක පුටුවක ගැටගසා මුහුණට කොට්ටයක් හිරකර එයට ගිනි තබා ඝාතනය කර තිබියදී පොලිසිය සොයා ගනු ලැබ තිබුණේ විදේශීය යුවළ කරන ලද පැමිණීල්ලකට අනුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd