IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රියදුරෙක් නැතිව දුම්රියක් කිලෝ මීටර 70ක් ගිහින්

 

(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් රියදුරන් නොමැතිව කිලෝ මීටර 70 ක් පමණ ගමන් කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා විය.එම දුම්රිය රියදුරන් නොමැතිව පැයට කිලෝ මීටර 100 ක වේගයකින් දුම්රිය ස්ථාන පහක් පසුකර තිබිණ.

එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස මේ වනවිටත් ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජම්මු හා කාශ්මීර් පළාතේ කතුවා නගරයේ සිට පන්ජාබ් ප්‍රාන්තයේ හෝෂියාපූර් දිස්ත්‍රික්කය තෙක් එම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය රියදුරන් නොමැතිව ධාවනය වී ඇත.

ගල් කැබලි ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන මැදිරි 53 කින් යුත් දුම්රිය පන්ජාබ් සිට ජම්මු දක්වා ධාවනය වී ඇති බවත් සේවා මුරය මාරුවීම සඳහා කතුවා නගරයේදී දුම්රිය නවතා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.සේවා මුරය මාරු වීම සඳහා රියදුරන් දුම්රියෙන් බැස්ස අවස්ථාවේදී ස්වයංක්‍රීයව දුම්රිය ගමන් කිරීම ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

කිසිවෙකුටත් හානියක් නොවී දුම්රිය නතර කර ගැනීමට ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව සමත්වී ඇතත් ඒ වනවිටත් පැයට කිලෝ මීටර 100 ක වේගයෙන් දුම්රිය ස්ථාන 5 ක් පසුකර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.රියදුරන් නොමැතිව දුම්රියක් ධාවනය වන බව දැනගත් වහාම දුම්රිය මාර්ගය වසා මාර්ගයට ලී කොටන් දමා එම දුම්රිය නතර කර ගැනීමට බලධාරීන් සමත් වූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.



අදහස් (1)

රියදුරෙක් නැතිව දුම්රියක් කිලෝ මීටර 70ක් ගිහින්

පිටරටවැසියා Monday, 26 February 2024 06:09 PM

ඉන්දියාවේ එහෙම වුණත්, ලංකාවේ එහෙම වෙන්නේ නෑ... මොකද, ඊට කලියෙන් 70 පාරක්වත් පීලි පනිනවා.

:       2       63

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site