තණමල්විල ප‍්‍රාදේශීය ලේකම්ගේ නිල කැබ් රථයෙන් ගංජා කිලෝ විස්සක් ප‍්‍රවාහනය කළ රියැදුරා ගංජා සමග හම්බෙගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබයි.
ප‍්‍රාදේශීය ලේකම් බණ්ඩාරවෙලට ඇරලවා ආපසු එන ගමනේ දි හම්බෙගමුව අරඹෙකෙම දී මාර්ග බාධක යොදා පොලිසිය කළ පරීක්‍ෂාවකින් කිලෝග‍්‍රෑමය බැගින්වු ගංජා පාර්සල් විස්සක් කැබ් රථයේ තුබූ බවත් බණ්ඩාරවෙල සිට කැබ් රථය හල්දුම්මුල්ල, බළන්ගොඩ, කල්තොට, වේලිඔය හරහා හම්බෙගමුවට පැමිණ ගංජා තොගය පටවාගෙන දුර පාරකින් තණමල්විලට යන්නට ඇති බවත් පොලිසිය කියයි. බණ්ඩාරවෙල සිට තණමල්විලට කෙටි පාර වැල්ලවාය පැත්තෙනි.
හම්බෙගමුව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප‍්‍රියන්ත පේ‍්‍රමතිලක මහතා මෙම වැටැලීම මෙහෙයවිය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පෙරටනේ. (නි)
අයියෝ සල්ලි
මොනවාද මේ වැඩ
රියදුරු පමණක් නොව අනිවාර්යයෙන්ම තව අය මේකට සම්බන්ධයි. (නි)
ඉතින් අනේ ඕක මොකක්ද කොළඹ ලොකු ලොකු පැජරෝ වල කුඩු අදිනකොට තණමල්විල කුඩා කැබ් වලින් ගංජා අදින එක අනිත් එක තණමල්විල තියෙන්නේ ගංජා නේ (ස)
හම්බෙගමුවෙ පොලිසියෙන් කරපු හොඳ වැඩේට අපෙන් උත්තමාචාරය.....(ස)
දන්න නිසයි කියන්නේ ...මෙහෙ හැමෝම දන්නවා ..එයා ගැන (ස)
රියදුරා අසුවුණාට ඕකේ තව කොටස්කරුවන් ඇති. (නි)
රටේ ලොකු ලොකු අය කරන වැඩ බැලුවම මේක බොහොම සුළු වරදක්. (නි)
අපේ මිනිස්සු ඔයගොල්ලන්ව පත් කළේ වෙනමොනවටද?
හැබැයි දයානන්ද රත්නායක අවංකයි. (නි)
ආදර්ශක තරම
ඉක්මණට වළෙන් ගොඩඑන්න බලන්න. (නි)
පරිපාලන රැකවරණය සමගින්ද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ, හොදද? (නි)
මේක නම් ඉතිං රියදුරුගේම වැඩක් කියලා කියන්න බැහැ. (නි)
ඔන්න පොලිසියේ මහත්තයෝ, පරිස්සමින්. මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් කරන්න තියෙන්නේ එක දෙයයි. මතක නැහැ කියන්න. නැත්නම් කම්පනය කියන්න. (නි)
අයිතිකරු රියදුරු වෙන්න බැහැ. (නි)
කොහොමද ටිකිරි මොළේ? (නි)
ලේකම්තුමා දන්නේ නැද්ද දන්නේ නැහැ. මීට කලිනුත් රියදුරු මහත්තයා ඇදලා ඇති නේද? (නි)
කවුරු කොහොම කිවුවත් මේක තනිකරම රියදුරු විතරක් නම් කරන වැඩක් වෙන්න බැහැ. (නි)
කවුද දන්නේ නැහැ අයිතිකාරයා? (නි)
පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතාණනි, පළමුව බලන්න ඔය ගංජා තොගය ප්‍රවාහනය කළ වාහනය අයිති ප්‍රාදේශීය ලේකම්තුමා මොන ඇමතිතුමාටද වැඩ කරන්නේ කියා,ටිකක් තදයෙක් නම් ඔබතුමාගේ හදිසි මාරුවත් නතර කර ගැනීමට අවශ්‍ය නිසාත්,ඕක ගංජා පැකට් 20 ක් නොකියා ,වැල් තිබ්බටු පැකට් 20ක් බව පසුව හදුනා ගත් බව කියා කියන්න.හදිසියේ මට එය ගංජා කියා කියවුණේ හරියට සිංහල උච්චාරණය කරන්න අපහසු නිසා කියා කියන්න.අර ලාබාල මන්ත්‍රී වරියක් කිවුවා වගේ,තවත් ඕනෑනම් කියන්න මම සිංහල ඉදිරියේදී ඉගෙනගෙන ගංජා ගැන කියන්නම් කියා. (නි)
වැඩේ නම් හොදයි. ගංජා නිසා නරකයි. (නි)
ඕවා ගණන් ගන්න එපා රාළහාමිලා. (නි)
මෙන්න තවත් ආදර්ශවත් රියදුරෙක්. (නි)
අද ගංජා දිනයද? (නි)
නියමයි පොලිසිය. (නි)