IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රියැදුරා ප‍්‍රාදේශීය ලේකම් රියෙන් ගංජා අදී

තණමල්විල ප‍්‍රාදේශීය ලේකම්ගේ නිල කැබ් රථයෙන් ගංජා කිලෝ විස්සක් ප‍්‍රවාහනය කළ රියැදුරා ගංජා සමග හම්බෙගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබයි. ප‍්‍රාදේශීය ලේකම් බණ්ඩාරවෙලට ඇරලවා ආපසු එන ගමනේ දි හම්බෙගමුව අරඹෙකෙම දී මාර්ග බාධක යොදා පොලිසිය කළ පරීක්‍ෂාවකින් කිලෝග‍්‍රෑමය බැගින්වු ගංජා පාර්සල් විස්සක් කැබ් රථයේ තුබූ බවත් බණ්ඩාරවෙල සිට කැබ් රථය හල්දුම්මුල්ල, බළන්ගොඩ, කල්තොට, වේලිඔය හරහා හම්බෙගමුවට පැමිණ ගංජා තොගය පටවාගෙන දුර පාරකින් තණමල්විලට යන්නට ඇති  බවත් පොලිසිය කියයි. බණ්ඩාරවෙල සිට තණමල්විලට කෙටි පාර වැල්ලවාය පැත්තෙනි. හම්බෙගමුව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප‍්‍රියන්ත පේ‍්‍රමතිලක මහතා මෙම වැටැලීම මෙහෙයවිය.



අදහස් (0)

රියැදුරා ප‍්‍රාදේශීය ලේකම් රියෙන් ගංජා අදී

ෂෙරීෆ් Sunday, 14 October 2012 08:11 PM

රට පෙරටනේ. (නි)

:       0       0

ගුණරත්න Sunday, 14 October 2012 08:55 PM

පරිපාලන රැකවරණය සමගින්ද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ, හොදද? (නි)

:       0       0

ලමාක් Monday, 15 October 2012 01:11 PM

ඉතින් අනේ ඕක මොකක්ද කොළඹ ලොකු ලොකු පැජරෝ වල කුඩු අදිනකොට තණමල්විල කුඩා කැබ් වලින් ගංජා අදින එක අනිත් එක තණමල්විල තියෙන්නේ ගංජා නේ (ස)

:       0       0

රංජිත් Sunday, 14 October 2012 08:59 PM

ඉක්මණට වළෙන් ගොඩඑන්න බලන්න. (නි)

:       0       0

ඇන්තනි Sunday, 14 October 2012 09:03 PM

ආදර්ශක තරම

:       0       0

රාජා Sunday, 14 October 2012 09:32 PM

හැබැයි දයානන්ද රත්නායක අවංකයි. (නි)

:       0       0

බමුණා Monday, 15 October 2012 04:32 AM

අපේ මිනිස්සු ඔයගොල්ලන්ව පත් කළේ වෙනමොනවටද?

:       0       0

ලුම්බිණි Monday, 15 October 2012 05:30 AM

රටේ ලොකු ලොකු අය කරන වැඩ බැලුවම මේක බොහොම සුළු වරදක්. (නි)

:       0       0

චානක Monday, 15 October 2012 02:08 PM

රියදුරු පමණක් නොව අනිවාර්යයෙන්ම තව අය මේකට සම්බන්ධයි. (නි)

:       0       0

වරුණ Monday, 15 October 2012 07:49 AM

රියදුරා අසුවුණාට ඕකේ තව කොටස්කරුවන් ඇති. (නි)

:       0       0

අනුර Monday, 15 October 2012 02:33 PM

මොනවාද මේ වැඩ

:       0       0

බණ්ඩාර Monday, 15 October 2012 09:35 AM

දන්න නිසයි කියන්නේ ...මෙහෙ හැමෝම දන්නවා ..එයා ගැන (ස)

:       0       0

දිනේෂ් Monday, 15 October 2012 03:04 PM

අයියෝ සල්ලි

:       0       0

වරුණ Monday, 15 October 2012 10:43 AM

හම්බෙගමුවෙ පොලිසියෙන් කරපු හොඳ වැඩේට අපෙන් උත්තමාචාරය.....(ස)

:       0       0

රවීන්ද්‍ර Sunday, 14 October 2012 06:02 PM

මේක නම් ඉතිං රියදුරුගේම වැඩක් කියලා කියන්න බැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 14 October 2012 06:00 PM

නියමයි පොලිසිය. (නි)

:       0       0

අසිත Sunday, 14 October 2012 06:14 PM

අද ගංජා දිනයද? (නි)

:       0       0

චානක Sunday, 14 October 2012 06:58 PM

මෙන්න තවත් ආදර්ශවත් රියදුරෙක්. (නි)

:       0       0

ෆිරෝ Sunday, 14 October 2012 07:09 PM

ඕවා ගණන් ගන්න එපා රාළහාමිලා. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 14 October 2012 07:06 PM

වැඩේ නම් හොදයි. ගංජා නිසා නරකයි. (නි)

:       0       0

ලාල් ගලබඩ Sunday, 14 October 2012 07:18 PM

පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතාණනි, පළමුව බලන්න ඔය ගංජා තොගය ප්‍රවාහනය කළ වාහනය අයිති ප්‍රාදේශීය ලේකම්තුමා මොන ඇමතිතුමාටද වැඩ කරන්නේ කියා,ටිකක් තදයෙක් නම් ඔබතුමාගේ හදිසි මාරුවත් නතර කර ගැනීමට අවශ්‍ය නිසාත්,ඕක ගංජා පැකට් 20 ක් නොකියා ,වැල් තිබ්බටු පැකට් 20ක් බව පසුව හදුනා ගත් බව කියා කියන්න.හදිසියේ මට එය ගංජා කියා කියවුණේ හරියට සිංහල උච්චාරණය කරන්න අපහසු නිසා කියා කියන්න.අර ලාබාල මන්ත්‍රී වරියක් කිවුවා වගේ,තවත් ඕනෑනම් කියන්න මම සිංහල ඉදිරියේදී ඉගෙනගෙන ගංජා ගැන කියන්නම් කියා. (නි)

:       0       0

අනුරුද්ධ Sunday, 14 October 2012 07:31 PM

කවුද දන්නේ නැහැ අයිතිකාරයා? (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 14 October 2012 07:37 PM

කවුරු කොහොම කිවුවත් මේක තනිකරම රියදුරු විතරක් නම් කරන වැඩක් වෙන්න බැහැ. (නි)

:       0       0

තරංග Sunday, 14 October 2012 07:45 PM

ලේකම්තුමා දන්නේ නැද්ද දන්නේ නැහැ. මීට කලිනුත් රියදුරු මහත්තයා ඇදලා ඇති නේද? (නි)

:       0       0

හර්ෂන Sunday, 14 October 2012 07:54 PM

කොහොමද ටිකිරි මොළේ? (නි)

:       0       0

නදී Sunday, 14 October 2012 08:01 PM

අයිතිකරු රියදුරු වෙන්න බැහැ. (නි)

:       0       0

කුරේ නාවලගේ Sunday, 14 October 2012 08:04 PM

ඔන්න පොලිසියේ මහත්තයෝ, පරිස්සමින්. මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් කරන්න තියෙන්නේ එක දෙයයි. මතක නැහැ කියන්න. නැත්නම් කම්පනය කියන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site