සෞදි අරාබියේ නැගෙනහිර කළාප තානාපති ජංගම සේවාව රියාද් තානාපති කාර්යාලීය මෙහෙය වීමෙන් පස් වැනි සිකුරාදා පැවැත්විණි.
ඒ සදහා ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් පැමිණ සිටියහ. රියාද් තානාපති කාර්යාලයයේ නිලධාරියකු පැවසුවේ සෞදි අරාබියේ විවිධ හේතු මත අවතැන් වු හෝ විවිධ දුෂ්කරතා මත අනවසරයෙන් රැදී සිටින සියළුම ශ්‍රී ලාංකිකයින් තානාපති කාර්යාලීය සේවාවන් වෙත පැමිණ තම පැමිණිලිද සමග ලියාපදිංචි වන ලෙසයි. පසුගිය සිකුරාදා දිනයේදී පමණක් නැගෙනහිර පළාත් අවතැන් වු ශ්‍රී ලාංකිකයෝ සියයකට අධික පිරිසක් ලියාපදිංචි වුහ. අවතැන් කාන්තාවෝ 28 ක් ඒ අතර වුහ.
මෙම සියලුම කාන්තාවන් රියාද් තානාපති කාර්යාලය වෙත රැගෙන යාම සදහා පෞද්ගලික බස් රථයක් කුලී පදනම මත ලබා ගැනීමට සිදු වීමද විශේෂ කරුණක් විය. මෙම කාන්තාවන් සියළුම දෙනා විවිධ දුෂ්කරතා නිසා තම සේවායෝජකයාගේ නිවසෙන් පලාගොස් තානාපති ලේඛන ගත කර ආපසු යෑමට හැකි අය පමණක් මෙදිනට පැමිණිය යුතු බව ද බලධරයෝ අවධාරණය කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිස් අතින් ආපසු එනවට වඩා හොඳ තැනක නැවත රැකියාවක් සොයා දීමේ පිලිවෙලක් සකසා දෙන්නේ-නම් ගොඩක් පින්! (නදී)
හොද තැන් ලැබුන අය ගෙදර මතක් වෙලා ආපහු එනවා. නරක තැන් ලැබුන අය දුක දරාගෙන කොහොම හරි වැඩකරනවා.(නදී)
ලස්සනට තියේවි. (නි)
අනෙක් පළාත් වල අයත් ආවා නම් ලෝක වාර්තාවක් තියන්න තිබුණා. (නි)