(චන්ද්‍රසේන ගමගේ)
මිද්දෙණිය වලස් මුල්ල ප්‍රධාන මාර්ගයේ උඩ ජූලම්පිටිය ප්‍රදේශයේදී තිදෙනකු ගමන් කළ යතුරුපැදියක් මාර්ගය අසල ඇති විදුලි කණුවක ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේ දීම මියගොස් යතුරුපැදියේ පසුපස පැමිණි දෙදෙනා බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට තිබේ
අනතුරෙන් මියගොස් ඇත්තේ වලස් මුල්ල ඕලුආර ප්‍රදේශයේ පදිංචි දාහත් වැනි වියේ පසු වූ පාසල් සිසුවෙකි.
අනතුරට පත් යතුරුපැදිය හා තවත් යතුරුපැදියක් තරගයට මාර්ගයේ ගමන් කොට ඇති බවත් ඒ හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වඳුරන්ට දැලි පිහි දුන්නම උන් කපාගන්න බව ඔකුන්ගේ මහ එවුන් දන්නේ නැතුව ඇති
විනයක් නැති මේ කාලකන්නින්ට ඔහොම වෙලා මදි .මුන් මහජනතාවගේ ජීවිතත් අනතුරේ හෙළනවා