(සුරංග රාජනායක)

ගම්පොල මහනුවර ප්‍රධාන මාර්ගයේ වැලිගල්ල නගරයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පෞද්ගලික විශ්ව විද්‍යාලයක  ඉගෙනුම ලැබෙමින් සිටි සිසුවකු මිය ගොස් බරපතළ තුවාල ලැබූ තවත් අයකු ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි දවුලගල පොලිසිය පවසයි.

මිය ගොස් ඇත්තේ ගම්පොළ ගංහත මාර්ගය පදිංචි ඕෂද පණ්ඩුල බණ්ඩාර අලහකොන් නමැති 19 හැවිරිදි තරුණයෙක්
බරපතල තුවාල ලැබා ඇත්තේ වැලිගල්ල උඩෝවිට ප්‍රදේශයේ  පදිංචි පනස් පස් හැවිරිදි  අයෙකි.

පෙරේදා අලුයම දෙකට පමණ යතුරුපැදි  දෙකක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බව දවුලගල පොලිසිය පවසයි.