IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මිය යයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ,හිරාන් ප්‍රියංකර සහ විමුක්ති එස් රුද්‍රිගු)

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇතැයි රාගම රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් මෝටර් රථය කන්ටේනරයකට ඉස්සර කිරීමට යාමේදි මෝටර් රථයේ වම් පැත්ත එහි ගැනිමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා බරපතල තුවාල ලබා රාගම රෝහලට රැගෙන ගොස් ඇත. ඒ වන විට රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂකය මියගොස් සිටි බව වාර්තා වේ. 

අද අලුයම 1.00 පමණ මෙම අනතුර සිදුව තිබේ. අනතුරත් සම රාජ්‍ය අමාත්‍යවරයා සහ තුවලකුරුවන් රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 

-----------------------------------------------

(හිරාන් ප්‍රියංකර ජයසිංහ, බිමල් ශ්‍යාමන් ජයසිංහ, විමුක්ති එස් රුද්‍රිගු)

කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු තිදෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි තහවුරු නොවු පුවත් වාර්තා කරයි.

අධිවේගී මාර්ගයේ ධාවනය වූ රාජ්‍ය අමාත්‍ය වරයා ගමන් ගත් වාහනය කන්ටේනරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද වාර්තා වේ. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි 

ඡායා එච්.චන්දන

 



අදහස් (90)

රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මිය යයි

Perera Thursday, 25 January 2024 04:46 AM

සුභ ආරංචියක්ද ?

:       178       112

lankaputha Thursday, 25 January 2024 05:20 AM

ඔහුව බේරා ගැනීමට පැමිණෙන වෛද්‍යවරුන්ට තොප්පි ඉවත් කරන්න...

:       93       49

ඹගස්ටින් බ්‍රනාන්දුcj Thursday, 25 January 2024 05:41 AM

අහිංසක මිනිසුන්ගේ ජිවිත සමග සෙල්ලම් කළ කොයි පාහරයටත් අත්වන්නේ මෙවන් ඉරණමකි.අපා ගත ‍ෙව්වා

:       171       188

අනුහස්Thursday, 25 January 2024 01:12 PM

ඒ වගේම මේ රට ළිං මැඩි තත්ත්වයට පත්කර ලෝකයෙන් හුදකලා කිරීමට කටයුතු කළ මෝඩ ජාතිකවාදීන්ටත් සමාජවාදී රතු උන්දලාටත් මේ ඉරණනමම අත්විය යුතුවේ.කුමන්ත්‍රණ බව පෙන්වමින් මේ රට බටහිරින් ඈත් කිරීමට සහ බටහිර ආධාර,ව්‍යාපෘති නතර කර අප බංගලාදේශයටත් වඩා පහළ තත්වයට ඇදදැමීමට ඇත්තටම වගකිවයුත්තේ එම මුග්ධ ජාතිකවාදීන් සහ රතු වාමාංශික උන්මත්තකයින්ය.තමන්ගේ දරුවන් යුරෝපා රටවල විශ්ව විද්‍යාල වලට යවා ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියන කුහකයන්ගේ සැබෑ මුහුණ තේරුම් ගන්න.

:       88       259

janahithaThursday, 25 January 2024 02:22 PM

කඩේ යනවා වගේ පෙනෙනවා .බෑග් මල්ල හිස්

:       111       44

සෙනෙවිරත්න Thursday, 25 January 2024 03:28 PM

ඔය අනුහස් කියලා අදහස් දාපු මහත්මයා හිතුවේ ලංකාවේ ආණ්ඩු කළේ පඹයෝ කියලාද? ජේ.ආර් ගේ කාලේ රට කළේ ජාතිවාදය උඩ තියලා, මහින්ද ආගම උඩතියලා, රතු කට්ටිය කියන විදියට රට කළා නම් මේවගේ පුද්ගලයෝ වීරයෝ වෙන්නේ නැහැ. මේ මරණය ගැන සැබෑ දුකක් දැනෙනවා නම් මේ දාපු අදහස් කියවලා යහපත් අය ඇසුරු කරන්න. මේ වගේ අය මැරුණාම අපහාසයට ලක්වෙන කතා කියන්න එපා...

:       111       56

පොහොට්ටුවා Thursday, 25 January 2024 05:52 AM

මැරුණ නිසා වැඩි මොනවත් කියන්න බැහැ. ඒත් මේ අනතුරේ ඵලය, බැට කාපු අයගේ බලාපොරොත්තුවක් ඉෂ්ට කලා කියල හිතනවා. වෙන මොනවා කියන්නද?

:       122       126

පුරවැසියා Thursday, 25 January 2024 05:53 AM

ස්වභාවධර්මය නඩු ඇසීම අරඹා ඇත.

:       125       175

අමරේ Thursday, 25 January 2024 06:05 AM

ලංකාවේ දුප්පත් පවුලක නැවත ඉපදේවා !

:       105       116

අනුර Thursday, 25 January 2024 12:46 PM

කෙසේවත් ලංකාවේ නොඉපදේවා.! ලංකාවට කිසිදු සම්බන්ධකමක් නොපවතීවා!

:       108       119

Prasanna Thursday, 25 January 2024 06:13 AM

තාම දෙවියෝ ඉන්නවා කියලා විශ්වාස කරන්න පුළුවන්

:       108       134

පියනන්ද Thursday, 25 January 2024 06:14 AM

ගහලා හිරේ යන්න හිටපු උන්නැහේ නේද මාරයාගෙන්ම ගුටි කාලා යන්න ගියේ. මතු සසරේදී බුද්ධිමතෙක් වෙලා ඉපදේවා! සසරක හැටි!

:       105       108

bandara Thursday, 25 January 2024 06:19 AM

එකෙක් මලා ඔන්න. තව ඉන්නව රටේ දරුවන්ට අනාගතයක් නැති කරපු කාලකන්නි ඔක්කොම මැරෙන්න ඕනෙ

:       54       129

Asela Thursday, 25 January 2024 06:30 AM

පහන නිවෙන්න යනකෙට දැල්ල දඟලනවා වැඩියි.

:       104       94

චතුරි Thursday, 25 January 2024 06:43 AM

මේ වගේ කන්ටේනර් අනතුරු වලින් ජනතා ව මරනයට පත් වුනාද. නඩේ එකෙක් ඒ ගැන කතා කෙරුවේ නැහැ දැන් කඩිනමින්. පටන් ගනියි කන්ටෙනර් යන්න වෙනම මාර්ගයක්. හදන්න. මොන එහෙකටද ආරක්ශකයෝ රියදුරු ලා. මේ කට්ටියට තමන්ගෙ වාහනෙ පදවන්න දන්නෙ නැතිනම්. ඒවා නොගෙන ඉන්න. කොහොමත් කස්ටියගේ සැප තව ටික දවස්‍යි

:       101       63

sunimal Thursday, 25 January 2024 06:46 AM

හොඳට කළා

:       72       53

Ajantha Thursday, 25 January 2024 06:50 AM

දැල්ල නිවෙන්න තමයි වැඩියෙන් පත්තු උනේ .කල කල දේ පල පල දේ කියන්නේ මේවට තමයි

:       82       66

එතුර Thursday, 25 January 2024 06:52 AM

⁣මිනිසකු හදිසියේ මිය යාම තවත් මිනිසකුට දුක සහ කනගාටුව ඇති වන කරුනකි. අරගලයේ සිටි අයකු ලෙස මා ද ඔහු වෙනුවෙන් දුක සහ කනගාටුව හදවතින්ම පුද කරමි. ඔහු මීට දින කිහිපයකට කලින් අරගලයේ සිටිඅපට සලකන්න අවශ්‍යය යැයි මොර හඩින් මයිෆෝනය ඉදිරිපිට කෑගැසු අයෙකි. කොල්ලො ඔහු නිවන් සුව පැතුවෝය. ඔහුගේ මැරකම් චන්ඩිකම් සහ වාචාලකම් ජිවිතය ⁣තිබෙන තුරු පමනක් යැයි ඔහු කාවදාවත් සිතුවාදැයි මට ඇත්තේ සැකයකි.මන්ද ඔහු බලයෙන් උමතුව කිුයා කල අයෙකි.

:       97       91

ජගත් ලියනගේ Thursday, 25 January 2024 06:52 AM

එක අපතයෙක් ඉවරයි . ඔය පටන් ගැන්ම .

:       93       83

මනෝජ් රණවක Thursday, 25 January 2024 06:55 AM

ඔහු කවරෙකු වුවද දැන් මියගොස්ය. ඔවුන් කල කී දේ පමණක් රැගෙන යන්නට ඇත. දැන් ඔහු විවේචනයට හෝ මියයාම ගැන සතුටුවීමට නොසිතන්න. මක්නිසාද යත් ඔබත්, මාත් යම් දිනක මේ ඉරණමට ගොදුරුවනු ඇත.

:       25       187

ranjith Thursday, 25 January 2024 06:57 AM

ජීවිතේ ස්වභාවය තේරුම් අරන් ජීවත්ව සිටින කාලයේ යහපත් පිළිවෙලට ජීවත් වෙමු

:       0       135

Dasa P Thursday, 25 January 2024 07:04 AM

නිවන් සැප ලැබේවා

:       28       104

Lakmal Thursday, 25 January 2024 07:07 AM

ලෝකයේ අනෙක් රටවල භාණ්ඩ ප්‍රවාහනය සිදුවන්නේ දුම්රියෙන්. ඒ නිසාම ඩීසල් මිල අත්‍යවශ්‍ය හාන්ඩ මිලට බල පාන්නේ නැත. ලංකාවේ දුම්රියෙන් හාන්ඩ ප්‍රවාහනය සිදු නොවන්නේ දේශපාලඥ්ඥයන්ගේම වරදිනි. මොහුට නිවන් සුව ලැබේවා !!!

:       7       32

sunimal Thursday, 25 January 2024 07:09 AM

ජය වෙවා

:       81       28

Namal Thursday, 25 January 2024 07:10 AM

කුරා කුඹියෙකුටවත් වරදක් නොකළ අයටමයි මේවා වෙන්නේ

:       61       74

Nimal Thursday, 25 January 2024 07:13 AM

මේ අවස්ථාවේ එක දෙයක් පමණක් ලියමි .දෙවියන්ට ස්තුති වේවා

:       97       69

abara Thursday, 25 January 2024 07:14 AM

මීට පස්සෙ ලයිට් බිල් ගෙවන්නෙ මොකාද ?????????????????????????

:       82       75

චමල් Thursday, 25 January 2024 07:15 AM

දිට්ඨධම්මවේදනීය කර්මය ඵල දීලා

:       87       68

VAT Thursday, 25 January 2024 07:16 AM

රනිල් රාජපක්ෂලාගේ පෙර නිමිති

:       100       65

Rohana Thursday, 25 January 2024 07:17 AM

නොසැලකිලිමත් රිය පැදවීම.මොහුට නිවන් සුව ලැබේවා

:       20       42

Anil Thursday, 25 January 2024 07:18 AM

හරි අපරාධයක් !!! කොච්චර වටින වාහනයක්ද මේ කුඩු වෙලා තියෙන්නේ.

:       100       65

Buddika Thursday, 25 January 2024 07:23 AM

යමෙක් කරන සියල්ල නැවත තමන් දෙසටම ආපසු කැරකෙන බව කර්මය පවසයි.කෙනෙක්ගෙ මරණය වෙනුවෙන් උදම් ඇනීමෙ පහත් මනසක් මට නැත.නමුත් මොහුගෙ මරණය දිට්ටධම්මවේදනීය කර්මය නොවේද? රටක් විනාස කල පල් හොරු රැළක් වෙනුවෙන් විරුද්ධවාදීන් තලා පෙලා ගෙවල් ගිනිතිබ්බෙ මෙයා.මැර බලය චන්ඩිකම් සියල්ල කලේ කාලකන්නි දේශපාලන බලය වෙනුවෙන්..මොහුගෙ ඒ සියලු ක්‍රියාවක් දෙස රටක් බලා සිටියේ නීතියද ඔහුගේම පිහිටට ආව නිසා අසරණව.මේ නිසාම කනගාටුවක් නැත

:       85       53

abara Thursday, 25 January 2024 07:24 AM

තව ටිකක් හයියෙන් ගියා නම් තවත් හොදයි

:       62       43

අබිලින් Thursday, 25 January 2024 07:26 AM

දේශපාලුවො හැටියට ජනතා සේවය වෙලාව අවේලාව නොබලා නොකලත් මේක අකාලයේ වීදි සංචාරයේ යෙදීම නිසා කරගෙන තියෙන දෙයක් තමයි

:       5       38

Sara Thursday, 25 January 2024 07:27 AM

අපි සියලු දෙනා මැරෙන බව දැනගෙන ජීවත් වීම වැදගත් .එදා අරගලයට ගහපු වෙලාවේ මෙතුමාට ඕවා හිතෙන්න නැතුව ඇති .ඒත් මැරෙන වෙලේ හිතෙන්න ඇති .දැන් ඉතින් අපේ ලයිට් බිල ගෙවන්නේ කවුද ?

:       67       45

ජගත් ලියනගේ Thursday, 25 January 2024 07:36 AM

ඔය වාහනය ඇතුළේ jonston , රත්තරන් ඉඳල නැත්ද ?

:       76       61

Perera Thursday, 25 January 2024 07:47 AM

මනුෂ්‍ය නීති වලින් ගැල උනත් ස්වභාවධර්මය නිසි කලට කාට කාටත් නිසි දඬුවම දෙනවා

:       5       70

PATTA hora Thursday, 25 January 2024 07:49 AM

වවාපු දේ නෙලා ගත්තා.

:       3       64

Chandima Thursday, 25 January 2024 08:02 AM

දැන් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට නෝනට හරි ළමයෙකුට හරි මස්සිනාට හරි සහෝදරයෙකුට හරි මහජන නියෝජිත කම පවරන්න පුළුවන් නේද ?

:       45       23

උධුලී Thursday, 25 January 2024 08:07 AM

"ඔබතුමාට නිවන්සුව පතමු "

:       33       76

Chandima Thursday, 25 January 2024 08:13 AM

බයවෙන්න එපා .අපායෙත් ඩිෆෙන්ඩර් තියනවා

:       46       38

මහසෙන් Thursday, 25 January 2024 08:14 AM

සොබාදහම ට නොවන අවනත ලොවේ කිසිවක් නෑ..

:       4       61

මහසෙන් Thursday, 25 January 2024 08:15 AM

සොබාදහම ට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ.

:       3       53

randil dunuwille Thursday, 25 January 2024 08:19 AM

අපි හැමෝම මැරෙන බව දැනගෙන වැඩ කලොත් හොඳයි .දිට්ඨ ධම්ම වේදනීය කර්මය .ස්ථීරයි

:       0       80

පරිසර Thursday, 25 January 2024 08:20 AM

ස්වභාව ධර්මයා සියලු ජීවීන්ගේ පැවැත්ම සදහා අවශ්‍ය ඔක්සිජන් (වාතය ) ආහාර ඖෂධ ලබාදීලා තියෙනවා. ඉතින් සමහරක් එවුන් තම තමන්ගෙ පුද්ගලික ලාභ ප්‍රයෝජන සදහා ස්වභාව ධර්මයා ඉක්මවා පරිසරය විනාශ කරමින් කටයුතු කරනවා. ඒවා නරකයි වැරදියි කිව්වම කියපු කෙනාට අපහාස උපහාස කිරීමට අමතරව තර්ජන ගර්ජනත් කරනවා. ඒත් පරිසරය රකින්නාට පරිසරය (ස්වභාව ධර්මයා ) විසින් රැකවරණය දුන්නත් ස්වභාව ධර්මයාට අපහාස කලොත් ස්වභාව ධර්මයාගෙන් දඩුවම් ලැබෙනවා කියලා මෙයින් පෙන්වා දීලා කියන්න පුළුවන්. බලන්න මෙයා උපක්‍රමයෙන් පැරණි කරද ශාඛය විනාශ කරවා ගතවුනේ ඉතාමත් කෙටිම කාලයක් නේද කියලා සිතා බලන්න.

:       3       68

Nalin Thursday, 25 January 2024 08:24 AM

අහන්න කණගාටුයි...

:       44       16

Dharmatileke Thursday, 25 January 2024 08:24 AM

අවසානේ තීන්දුව දෙන්නේ සොබාදහමයි ,

:       4       60

Achini Thursday, 25 January 2024 08:33 AM

කර්මය පල දුන්නා

:       5       54

අරවින්ද මොනරවිල Thursday, 25 January 2024 08:35 AM

කවදා හරි යන්න වෙනවා කියලා අමතක කරලා ජීවත් වෙන්න හැදුව මිනිස්සු.

:       11       50

සමන් Thursday, 25 January 2024 09:06 AM

දෙව් මව් තුරුලේ සැතපේවා.

:       37       14

ගාමිණි Thursday, 25 January 2024 09:09 AM

සාමදානයේ සැතපේවා. අපේ ශ්‍රිපති මහත්තයවත් මතක් උනා

:       28       11

Jagah Nandana Thursday, 25 January 2024 09:13 AM

කාලකන්නි සක්කිලි ,ඔවුන් ඔහොම නෙමෙයි විඳවලයි මැරෙන්න ඕනේ

:       81       47

Nawaa Thursday, 25 January 2024 09:13 AM

මනුස්සයෙක් මැරුණම වරදක් කියන්නේ නැහැ. ඒක අපේ සංස්කෘතිය. නමුත් මේ වගේ රට කාපු මජරයන් ගැන කිසිම ශෝකයක් ඇති වෙන්නේ නැහැ. දැන් ඉතින් බලු කපුටු ආත්ම තමයි පුතේ

:       6       63

NAMAL Thursday, 25 January 2024 09:31 AM

ක්‍රමය පඩිසන් දීමට පටන් අරන් .

:       3       44

NAMAL Thursday, 25 January 2024 09:32 AM

කර්මය පඩිසන් දීමට පටන් අරන් . මීළගට රාජපක්ෂ වරුන් .

:       64       46

රනේ Thursday, 25 January 2024 09:50 AM

අදහසක් නැත.

:       0       23

අපකීර්ති වර්ණකුලසූරිය Thursday, 25 January 2024 09:53 AM

කරුණාකර මේ සතුටු දවස සාමකාමීව සමරන මෙන් ඉල්ලා සිටිමි. කට්ටිය සතුට වැඩි වෙලා, බීලා එහෙම එලවනව නෙවෙ!

:       66       49

Amal Thursday, 25 January 2024 09:56 AM

ඔබ දෙපලට නිවන් සැපම ලැබේවා !!! රියදුරු මහතාට ඉක්මන් සුවය සමගින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු !!!

:       11       65

Nimal Thursday, 25 January 2024 09:57 AM

නිවන් සුව ලැබේවා !

:       24       51

සල්ලි Thursday, 25 January 2024 10:53 AM

මහ රෑ අණ පනත් සකසන්න යන්න ඇති ගරු ඇමතිතුමා රජයේ වාහනයක පවු.

:       8       33

kris Thursday, 25 January 2024 11:12 AM

අද පෝය දවසෙ මනුස්සයෙක් මැරෙන එක හොඳයි කියනව නෙවෙයි. ඒත් මූ උඩ පනිනකොට දැනගත්ත ඉක්මනින්ම කෙලවගන්නවා කියල. සොභා දහම නිසි වෙලාවට උත්තර දුන්නා. නිවෙන්න ලං වෙනකොට පහනෙ දැල්ල වැඩි උනේ ඕක තමයි. අනිත් උන්ටත් ඔය ටික තමයි ඉක්මනින්ම. බුදුන් වැඩිය මේ පින් බිමට කෙලවන්න හදන උන්ට ලේසියෙන් ඒක කරන්න වෙන්නෙ නෑ.

:       8       58

hesa Thursday, 25 January 2024 11:16 AM

ගුරුන්ටත් අකුරු වරදිනවනෙ. පාලනයක් නැති වේගය එතුමන්ලාට නිවන් සුව පතමු!

:       9       35

මොහාන් Thursday, 25 January 2024 11:37 AM

කාලෙකින් අහන්න ලැබුණු සුභම ආරංචිය. මේ වගේ උන් තව ඉන්නවා. උන්ටත් එසේම වේවා...!!!

:       67       38

Rupika Thursday, 25 January 2024 11:37 AM

මෙයට වසර තුනකට පමණ පෙර ස්වභාව ධර්මයා රැකගැනීම සදහා බොහෝ මහන්සියක් ගත් දේවානි මැතිණිය අපහාසයට ලක්කිරීම කල එම රැස්වීමේ හිටපු නිල් කමිස කාරයා සහ සංග්ලාස් එකක් සාක්කුවේ රදවා ගෙන සිටි එකාත් මොහු උන්මත්තකයෙක් වීමට හේතුවක් වුනා කොහොම වුනත් මොහුට වගේම එම අවස්ථාවේ දේවානි මැතිණියට අපහාස කරපු එවුන්ටත් ඉක්මනින් ස්වභාව ධර්මයාගෙන් බේරෙන්න බැරි වෙනවා යූටියුබ් හරහා එම රැස්වීම බලන්න

:       69       34

Naushi Thursday, 25 January 2024 11:40 AM

oxygen කන්ඩ ද කියල ඇහුවනේ, සොබාදහම දඩුවම් දීලා

:       23       58

Dinesh Thursday, 25 January 2024 12:03 PM

හිටියානම් අනිවාර්යයෙන්ම පොහොට්ටුව මේ චන්දෙන් දිනනවා

:       35       8

Saman Thursday, 25 January 2024 12:07 PM

සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා එඩිතර හොඳ බූරු පුතෙක් පුත්තලමට නැති වුනා

:       54       62

Don perea Thursday, 25 January 2024 12:09 PM

හොඳ නිව්ස් එකක් කාලයකට පසු

:       68       44

Roshan Thursday, 25 January 2024 12:13 PM

දවසේ සුභ ආරංචිය.... සර්ව සාධාරණව ජීවිතය ගෙවන ශ්‍රී ලාංකික ජනතාවට සුභ ආරංචියක්... අසාධාරණ ලෙස ජීවත් උන පුත්තලමේ බූරුවන්ට අසුබ ආරංචියක්

:       63       41

බක්මීගොල්ල Thursday, 25 January 2024 12:24 PM

ස්වභාවධර්මය විසින් සිස්ටම් එක චේන්ජ් කරල දෙයි වගේ....... මැරෙන්නේ නෑ කියලා හිතාගෙන ජීවත්වෙන මිනිස්සුනේ මේවා දැකලවත් හැදියල්ලා....... නිවන්සුව පතමු.

:       5       40

Rohitha Thursday, 25 January 2024 12:25 PM

හරිම දුකයි, ප්‍රදේශවාසීන් දන්නවා මෙතුමාගේ සේවය ගැන, සමාදානයේ සැතපේවා

:       41       22

fairoos Thursday, 25 January 2024 12:32 PM

නිවන් සුව ! මේ රට විනාශ කරපු අයටනම් ස්වභාව දහමින් බේරුමක් නැහැ

:       5       49

Sagara Kariyawasam Gobbaya Thursday, 25 January 2024 12:46 PM

කාලෙකින් අහන්න ලැබුණු සුභම ආරංචිය. මේ වගේ උන් තව ඉන්නවා. උන්ටත් එසේම වේවා...!!!

:       36       23

Rata Perata Thursday, 25 January 2024 12:48 PM

අදීනව ජීවත් වෙන්න බුද්ධියක් ලබන ආත්මයක වත් ලැබේවා.ගත කරපු ජීවිතයට වැඩිය නම් මැරුණ එක හොඳයි කියලා තමයි හිතෙන්නේ .සමාදානයේ සැතපේවා !

:       21       9

saman Thursday, 25 January 2024 12:53 PM

ලංකාවේ භාණ්ඩ ප්‍රවාහනය දුම්රියෙන් සිදු කළ යුතුයි.එමගින් මාර්ග වලට වන හානිය,මාර්ග තදබදය,මාර්ගබඅනතුරු අවම කළ හැක.නමුත් දේශපාලන මැදිහත් වීම් නිසා දුම්රියෙන් ගතහැකි එම ප්යෝජන නොගනී.දැන් වත් ඒ පිලිබඳව කීයාමාර්ග ගත යුතුව ඇත.

:       4       10

Shaz Thursday, 25 January 2024 12:55 PM

ඔබේ ආත්මය සමාදානයේ සැතපේවා !

:       9       11

sanath nisantha Thursday, 25 January 2024 12:55 PM

සනත් නිශාන්ත මහතාගේ හොඳ ගතිගුණ : 1. oxygen කන්ඩ ද කියලා දෙව්මිණී එක්ක රන්ඩු උනා 2. ලෝකයේ හොඳම තෙත් කලාප භූමිය (ආනවිලුන්දාව අභය භූමිය ) විනාස කරලා ඉස්සෝ කොටුව හැදුවා 3. අරගල කරපු අයව ගහලා පැන්නුවා 4. නාමල් baby ගේ විදුලි බිල ගෙව්වා

:       31       28

Shashika519 Thursday, 25 January 2024 01:00 PM

කන්ටේනර් රථය ජාතික වාහනය බවට පත්කරනු

:       26       23

Nadadawa withanage sisira kumara Thursday, 25 January 2024 01:24 PM

අධික වේගය මයිනලාට බලපාන් නැතුව ඇති

:       19       19

පිටිගල මිලානෝ Thursday, 25 January 2024 01:51 PM

සොබාදහම එකිනෙක නඩු විසදමින් සිටී….රත්තරං ගුලි, මුදු, මාල වලට එය වැලැක්විය නොහැක.

:       26       23

නන්දන පනා-මිලානෝ Thursday, 25 January 2024 02:04 PM

ස්වභාව ධර්මයාගේ නඩු ඇසීම අහෝසි කිරීමට පනතක් ගේන්න යනවලු….. ඇත්තද..?

:       24       22

nanda Thursday, 25 January 2024 02:09 PM

මැරුණට පස්සේ දුක්වෙන අය නැතත් කම් නැත. මැරුණට පස්සේ සතුටුවෙන කිසිවෙකු නොමැති පිළිවෙලට ජීවත් වෙන එක තමා වැදගත් වනුයේ

:       1       36

Prabha Thursday, 25 January 2024 02:10 PM

ජම්පරෙන් නම් යන්තම් බේරුනා

:       18       28

siri Thursday, 25 January 2024 02:15 PM

මෙම කොමෙන්ට්ස් බලල යමෙක් යහපත් පිළිවෙලට ජීවත් උනොත් මරණෙන් පසු හොදක් අහන්න ලැබේවි. බලය, මුදල් මේවා අපිට ආබරණ නොවේ. ඒවා මිනිස්සුන්ගේ යහපත් පිණිසම කියල හිතල වැඩ කරනම් ගැටළු නැත

:       0       43

ashok Thursday, 25 January 2024 02:19 PM

මේක තමා ජීවිතේ ස්වභාවය .වල පයයි ගොඩ පයයි තියන් රටේ නීති පනත් ගෙනත් තව බලයේ ඉන්න දඟලන මිනිස්සු ඉන්න රටක්

:       40       26

ගමේ එකාලා Thursday, 25 January 2024 03:53 PM

ජීවිතය අනියතයි. මරණය නියතයි. ඒ බව දැනගෙන හොඳින් ජීවත් වෙන්න ඕනෑ... අනික් අයටත් මොනවායින් මොනවා වෙයිද කවුද දන්නේ?

:       0       26

Ranjan Thursday, 25 January 2024 04:38 PM

රියැදුරා මොනතරම් වේගයකින් වාහනය ධාවනය කළාද කියලා මේ වැදී තිබෙන්නේ ආකාරයේම පෙනේ...!

:       0       30

Ajith Friday, 26 January 2024 08:34 AM

මේ අයට වේග සීමා අදාල නෑ. පොලීසියෙන් අල්ලන්නෙත් නෑ. වෙලාවට මේ අය විතරක් මැරැනෙ. යන වේගෙට වෙන වාහනෙක වැදුනනන් ඒ අයත් අමාරුවේ.

:       0       29

premasiri Friday, 26 January 2024 06:53 AM

එදා අර අබලන් පුංචි ලොරියක යමින් සිටි, රටට බරක් නොවී ස්වශක්තියෙන් දරුමල්ලන් පෝෂණය කරගෙන ගිය අහිංසක මිනිහට නාරම්මලදී අත්වුණු ඉරණම ගැනත් සිතනකොට ...?

:       0       2

Deepal Nirosh Friday, 26 January 2024 04:53 PM

මේ පුවත පිළිබඳ පාඨකයින් ලබා දී ඇති ප්‍රතිචාර ගණන අනුව සාරාංශ වශයෙන් කිව හැක්කේ කල්ක්‍රියාව කුමක් වුවත් මියගිය මන්ත්‍රීවරයා ප්‍රදේශවාසී ජනතාව අතර ජනප්‍රිය මන්ත්‍රීවරයෙක්ව සිට ඇති බවයි. හැබැයි ඉතින්, ගණන්කාරකම් හයිය තියනකන් නම්බුකාරකම් බලය තියනකන් අහංකාරකං සල්ලි තියනකන් මේ ඔක්කොමකං මෙලොවින් යනකන් මියගිය මන්ත්‍රිතුමාට නිවන් සුව පතමු...!

:       2       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාසල් නිවාඩුව ඇරඹෙයි
2024 මැයි මස 03 11 0

රජයේ සහ රජයේ අනුමත පාසල්වල මෙම වසරේ පළමු වාරයේ දෙවැනි අදියර අද (3) අවසන් වන බවත් පළමු වාරයේ තෙවැනි අදියර මේ මස 20 වැනිදා ආරම්භ වන බවත් අධ්‍යාපන අමාත්‍යංශය ප


දැරියට පහර දී සමාජ මාධ්‍යට මුදාහල පියා අත්අඩංගුවට
2024 මැයි මස 03 112 0

බිරිඳ විදේශ ගත වු පසු තම සිවි හැවිරිදි දැරියට අමානුෂික ලෙස පහර දී එය විඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරි බලන්ගොඩ පෙටිටිගල ප්‍රදේශයේ පදිංචි 27 හැව


ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි අධිකරණයට කැඳවයි
2024 මැයි මස 03 83 0

පල්ලෙකැලේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනා


ගාසාව යුද්ධයෙන් වසර 45 ආපස්සට
2024 මැයි මස 03 102 0

ඊශ්‍රායල හමාස් යුද්ධය හේතුවෙන් පසුගිය වසර හතළිහ පුරාවට අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළුව සියළුම පුද්ගල සංවර්ධන අංශවලින් ගාසා තීරයේ ජනතාව ලැබූ ප්‍රගතිය මේ වන


අ‘පුර වකුගඩු ඒකකය මරණය අභියස
2024 මැයි මස 03 68 0

වකුගඩු රෝගයෙන් දැඩිව පීඩා විඳින රජරට ප්‍රදේශයේ විශාල රෝගීන් පිරිසක් ප්‍රතිකාර ලබන අනුරාධපුර දිස්ත්‍රික් ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ශල්‍යගාරය සහ වාට


ආගමන විගමනයට ජනතා විරෝධය
2024 මැයි මස 03 661 0

ගුවන් තොටුපළ සංචාරක වීසා නිකුත් කිරීමේ බලය ඉන්දීය සමාගමට පැවරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්ගම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 465 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1894 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site