
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රිය අනතුරුවලින් තුවාල ලබන පුද්ගලයකුට ප්‍රතිකාර ලබාදීමට අවම වශයෙන් රජයට රුපියල් ලක්ෂ දහයකට වැඩි මුදලක් වැය වන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි.
සමහර අවස්ථාවලදී එම මුදල රුපියල් කෝටිය දක්වා ඉහළ යන බවද කියති.
මේ අතර රිය අනතුරුවලින් මෙරට පුද්ගලයන් 6ත් 8ත් අතර සංඛ්‍යාවක් දිනකට මිය යන බවද එම කමිටුව නිකුත් කළ වාර්තාවක දැක්වේ.
රිය අනතුරු වැලැක්වීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අදාළ අංශවලට නිර්දේශ කර ඇත
රිය අනතුරු වැලැක්වීමට හඳුන්වාදුන් රියදුරු කුසලතා ලකුණු ක්‍රමය මේ වෙනතුරු ක්‍රියාත්මක නොවීම ගැටලුකාරී බව එම කමිටුවේ ප්‍රධානීහු පවසති.
එසේම නිවැරදි රියදුරු බලපතක සහ ව්‍යාජ රියදුරු බල පතක වෙනස හඳුනා ගැනීමට පොලිස් රථවාහන නිලධාරීන් සතුව තාක්ෂණික උපකරණ කිසිවක් නො තිබීමද ගැටලුකාරී තත්වයක් බව එම කමිටුවේ අදහසවී ඇත.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ වාර්තාවක් එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා බාර දෙනු ලැබීය. මෙම තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd