විජය පුවත්පත් සමාගමේ ඩබ්ලිව් ඒ ඩී රාමනායක මාවතේ පිහිටි වාහන නැවතුම්පොළට අනවසරයෙන් කඩා වැදී එහි නවතා තිබූ වෑන් රථයකට බෝතල්වලින් පහර දී අලාබ හානි කළ බව කියන තරුණයන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත් වන බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
සැකකරුවන් මාර්ග නීති උල්ලංඝණය කරමින් ධාවනය කරද්දී ඊට එරෙහිව නළාව නාද කළ නිසා උරණ වී වාහනය පසු පස ලුහු බැඳ විත් පහර දී ඇතැයි රියදුරු පොලිසියට පැමිණිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයට ලියල දුන්න පාරවල්නේ තියෙන්නේ. හැබැයි ඒ වගේම අපේ රටේ නලාව නාද කරනවත් හරි වැඩයි. සමහරු රිය පදවනවට වඩා කරන්නේ නලව නාද කරන එක. (ර)
ලංකාවේ රියදුරන් ගොඩක් මාර්ග නීති උල්ලංඝණය කරනවා, නමුත් පොලිසිය බලන්නේ ඉරි කපනවද කියලා. ඉරි කපන්නේ නැතිව කොහොමද පාරේ යන මිනිස්සු පාර පුරාම යන මෝටර් බයිසිකල්, පාපැදි මේවා බලන කොට ඉරි නොකප කොහොමද? නමුත් පොලිසිය බලන් ඉන්නේ ඉර කපාගෙන යන්නේ කවූද කියලා ඉර කපන්න පාරේ ඉඩ මදි නිසා එයට විරුද්ධව කතාකරන්න කාටවත් හයිය නැති එක පුදුමයක්. (ර)
ලංකාදීප පත්තර ලොරිය 120 පාරේ යනහැටි මම දන්නවා. (ර)