(අංජුල මහික වීරරත්න)

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වන කොටසෙහි 2 වන අදියර (රඹුක්කන සිට ගලගෙදර දක්වා) කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වන කොටසෙහි 2 වන අදියර (රඹුක්කන සිට ගලගෙදර දක්වා) කිලෝමීටර 13+800 සිට කිලෝමීටර 32+450 දක්වා ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසුකම් සහිත දේශීය කොන්ත්‍රාත්කරුවන් අතර තරගකාරී ප්‍රසම්පාදනය හරහා රජයේ මුදල් භාවිත කරමින් කොන්ත්‍රාත් පැකේජ 07ක් යටතේ ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය යටතේ ලංසු කැඳවා තිබේ. 

ඒ අනුව, 2A, 2B, 2C සහ 2F පැකේජ සඳහා ලංසුකරුවන් 6 දෙනෙක් ද, 2D පැකේජය සඳහා ලංසුකරුවන් 05 දෙනෙක් ද, 28 පැකේජය සඳහා ලංසුකරුවන් 04 දෙනෙක් ද, 2G පැකේජය සඳහා ලංසුකරුවන් 03 දෙනෙක් ද ලංසු ඉදිරිපත් කර ඇත. 

ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* 2A පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.90ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට මාගා ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.

* 23 පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.71ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට කේ. ඩී. ඒ. වීරසිංහ ඇන්ඩ් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.

* 20 පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.12ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට ඉන්ටර් නැෂනල් කස්ට්‍රෙක්ෂන් කොන්සෝටියම් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.

* 2D පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 16.39ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට නෙම් කන්ස්ටෂන් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.

* 2E පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 18.70 (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට ඇක්සස් ඉංජිනියරින් පීඑල්සී වෙත ප්‍රදානය කිරීම.

* 2F පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.52ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට එඩ්වඩ් ඇන්ඩ් ක්‍රිස්ටි ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.

* 2G පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 19.10ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට මාගා ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.