IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනාට බෑනාට ඇප

(රෝෂන් තුෂාර)

සැක කටයුතු බැංකු ගිණුම් පවත්වාගෙන යමින් රුපියල් කෝටි නමයකට අධික ස්ථාවර තැන්පතු පවත්වාගෙන ගියේ යැයි මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල  මහතාගේ දියණියන් දෙදෙනා සහ බෑනා ඇපමත මුදාහැරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා  ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය .

අල්ලස්  කොමිසම  මගින්  අත් අඩංගුවට  ගෙන අධිකරණට ඉදිරිපත් කළ චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල ,අමලි නයනිකා රඹුක්වැල්ල හා ඉසුරු පුලස්ති  මෙසෙ ඇපමත මුදාහැරීමට නියෝග කළාය .

රුපියල් දහතුන් කෝටි හතළිස් ලක්ෂ අනූ හත්දාස් හත්සිය තිස් එකක ගිණුමක් පවත්වාගෙන යෑම,රුපියල් මිලියන 40ක සහ රුපියල් ලක්ෂ ලක්ෂ205ක ගිණුම් ගිණුම් පවත්වාගෙන යෑමේ සැකයට මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සැකකරුවන්ට රුපියල් පනස්දහස බැගින් වූ මුදල් ඇපමත  සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක්  නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළාය.

මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටියදී සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට හිතවතුන් 15දෙනෙකු බඳවා ගනිමින් රජයේ  මුදල් අවභාවිතා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට අදාළව පැමිණිලි දෙකක්ද අද අධිකරණය හමුවේේ කැඳවීය.

එම පැමිණිලි දෙකෙහි සැකකාරියක ලෙස අමලි නයනිකා රඹුක්වැල්ල අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාරිය රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන එක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට නියෝ ග කළාය. සැකකාරියගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද ඒ බව ආගමන නිගමන පාලකවරයාට දැනුම් දීමටද නියෝග කෙරිණි.

 



අදහස් (2)

රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනාට බෑනාට ඇප

AD Thursday, 19 June 2025 05:10 PM

නිතිඥ කෙහෙළිය ඇමැතිවරයා දුෂණය ඔහුගේ සහ පවුලේ පුද්ගලික ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන ගොස් තිබේ...

:       0       15

විපරමා Thursday, 19 June 2025 05:52 PM

කෙහෙළිය බලයේ හිටපු කාලේ හොරාකාලා හම්බ කරගත්තූ විදියට ඇප ගෙවන එකත් මහ ලොකු දෙයක් නොවෙයි...

:       1       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 338 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site