IMG-LOGO

රඹුක්කන තැඹිලිකුඹුරට සංචරණ සීමා

(නයෝමි දිල්රුක්ෂි)

 

රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල සීමාවට අයත් කොත්තනවත්ත ග්‍රාම නිලධාරි වසමට අයත් තැබිලිකුඹුර වත්ත ග්‍රාමයට  සංචරණ සීමා පැනවිමට කටයුතු කල බව පින්නවල මහජන සෞඛ්‍ය පරික්ෂක උදය කුමාර මහතා පවසයි.

 

 

රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් 29දා  සිදුකල පී සී ආර් පරික්ෂණයකින් අනතුරැව කොවිඩි ආසාදිත රෝගින් 12 දෙනකු තැබිලිකුඹුර වත්ත ප්‍රදේශයෙන් හමු විමත් සමග දින නියමයකින් තොරව සංචරණ සීමා පැනවිමට රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ රඹුක්කන පොලීසිය ඵක්ව  කටයුතු යොදා ඇත.

 

මෙි වන විට කොත්තනවත්ත ප්‍රදේශයෙන් කොවිඩි ආසාදිත රෝගින් 18 දෙනකු හදුනා ගෙන ඇත.

 

කොරෝනා වෛරසය අසාදනය වු මෙම රෝගින් ඇසුරැ කල පුද්ගලයන් සොයා නිරෝධායනය කිරිමට ඊයේ (31) දින මහජන සෞඛ්‍ය පරික්ෂක මහත්වරු කටයුතු කළහ.

 

කෑගල්ල දිස්ත්‍රික්කය තුල කොරෝනා වෛරසය ආසාදනය විමෙන් මිය ගිය පලමු මරණය සිදුව ඇත්තේද මෙම කොත්නවත්ත ප්‍රදේශයෙනී.

 

රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මෙි විට කොවිඩි අසාදිත රෝගින් 79 දෙනකු හදුනාගෙන ඇත.

 

දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සිමාවෙන් කොරෝනා අසාදිත රෝගින්  326 දෙනකු හදුනාගෙන ඇති අතර දිස්ත්‍රික්කය වැඩිම අසාදිතයන් ප්‍රමාණය දෙහිඔිවිට ප්‍රදේශයෙන් වාර්තා වන අතර මෙි වන විට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩි අසාදිත රෝගින් දහස ඉක්මවා ඇත.

 



අදහස් (0)

රඹුක්කන තැඹිලිකුඹුරට සංචරණ සීමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 375 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site