පසුගිය නම වැනි දා රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාලයෙන් සේවය ලබා ගැනිමට පැමිණි ශ්‍රී ලාංකිකයකු ඵහි නිලධාරිනියකට බැන වැදීමෙන් පසුව ඉරිදා දිනයන්හි තානාපති කර්යාලයය දින නියමන් නොමැතිව වසා තබන බව පසුගිය සිකුරාදා නිවේදනය කෙළේය. එසේ බැන වැදුණු බව කියන වෙරෝනා නගරයේ පදිංචි අර්වීන් සුරංජන් මෙසේ කියයි. මම සෙනසුරාදා රෑ නමයයි ගෙදරින් යද්දි බස් රියක අපි හැත්තෑවක් විතර ගියා ඉරිදා පාන්දර 5.30 වන විට අපි තානාපති කර්යාලයයට ළඟා වූහ. මම සවස හතර වෙනතුරු පෝලිමේ හිටියා. මේ ප‍්‍රශ්නය ඇති වූනේ මගේ දරුවට ගමන් බලපත‍්‍රයක් ගැනිමට ලියකියවිලි ඉදිරිපත් කරද්දි. ඵතන හිටි නිලධාරිනියක කියූ විදියට අයැදුම් පත‍්‍රයේ ඵක තැනක මම දරුවාගේ නම ලිව්වා ලියකියවිලි බාර ගැනිමේදි ඇය කියනවා දරුවගේ නම ලියපු තැන වැරදි බව ඵතැන මම අත්සන් කළ යුතු බව ඵ් හේතූවෙන් ඇය මාව නැවත හරවා අරින්න උත්සාහා කළා වතුර උගුරක්වත් නැතිව පැය ගානක් පෝලිමේ සිට විඳපු දුක් ගැන හිතලවත් දරුවාගේ ගමන් බලපත‍්‍රය කොහොම හරි හදලා දෙන්නැයි මම ඇයට බැගෑපත් වුණා නැත්නම් මට තවත් දිනක කිලෝ මීටර් හාරසියයකට වැඩි දුරක් ගෙවා මේ සදහා ඵන්න ඔනෑ කියලත් කිවිවා ඇය ඵ්කට ඇහුම්කම් දුන්නේ නැහැ ඵ් වෙලාවේ මට පොඩිඩක් තරහා ගියා මම කිවිවා මගුල මිස් මට හරිතැන පෙන්නුවා නම් මේ දේ වෙන්නේ නැහැ නේද කියලා ඵ්කයි මම කියපු වැරදි වචනේ මම කිව්ව දේට මම පසුව දෑත් ඵක්කාසු කරලා සමාව අයැද සිටියා තානාපතිතුමාගෙනුත් මා සමාව ගත්තා මගේ ඉල්ලුම් පත‍්‍රයේ ලියකියවිලි නිලධාරින් කුණු කූඩෙට දාලයි තිබුණේ තානාපතිතුමා ඇවිත් පැය දෙකකට පස්සේ දරුවගේ ගමන් බලපත‍්‍රය හදන්න බාරගත්තා. මිලානෝ නුවර මිහිරි පුංචිහේවා මේ සිදුවීමට සමිබන්ධ තවත් අයෙකි ඔහු ද මෙසේ කීය. බැන වැදුන පුද්ගලයාට ඔහු කරපු වැරැද්ධ පහදලා දුන්නා. නමුත් මම දන්නේ නැහැ ඔහු කියපු පරුෂ වචනේ මොකක්ද කියලා. මේ නිලධාරින් ස්වෙචිවාවෙන් කරන සේවයට අපි ගරු කළ යුතුයි මම ඔහුට කිවිවා ඵ් අවස්ථාවේ ඵතැනට ආපු ප‍්‍රධාන නිලධාරිනියක් මට තානාපති කර්යාලයෙන් ඵලියට බහින්න කියලා නියෝග කළා නැත්නමි පොලිසියෙන් ගෙන්වනවා කිවිවා මම ඇයට කිවිවා පොලිසියෙන් හරි හමුදාවෙන් හරි ගෙන්නලා මේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ වැඩ ටික කරලා දෙන්න කියලා පසුව පොලිසියෙන් ගෙන්නලා මා ඵලියට දැම්මා. මුදල් රැගෙන බස්රථ මගින් මිනිසුන් තානාපති කර්යාලයට රැගෙන යෑම පිළිබඳව ඔහු මෙසේ පැවසීය. මිලානෝ නගරයේ සිට තනි කෙනකුට තානාපති කර්යාලයට යන්න ඵන්න ගමන් වියදමට විතරක් යුරෝ ඵකසිය විස්සක් යනවා බස්යකට යන්නත් යුරෝ හැත්තෑපහක් වීතරයි. උදේට කෑම දවල්ට කෑමත් දෙනවා ලියකියවිලි පුරවා ගන්න උදව් කරනවා ඉතින් ඵ්ක මිනිස්සුන්ට හරි පහසුවක්. මේ පිළිබඳව කරුණු දැනගැනිම සදහා නියොජ්‍ය තානාපතිනි අරුණි රණරාජා මහත්මිය සමිබන්ධ කරගැනිමට සඳුදා (17) පස් වතාවක් ද අඟහරුවාදා පස්වතාවක් (18) උත්සහා කළ ද දුරකථන ක‍්‍රියාකරු කියා සිටියේ විටෙක ඇය වෙනත් දුරකථන ඇමතුමක් තවත් විටෙක අසුනේ නොමැති බවත් අවසන් වතාවේ දි ඇය හදිසි රැස්වීමක සිටීන බවත් කීවේ තානාපති අසිත පෙරේරා මොල්ටා රජ්‍යට ගොස් ඇති බැවීන් ඔහුද සම්බන්ධ කරගත නොහැකි විය. රෝම තානාපති කාර්යාලයයේ ඉරිදා සේවය ස්වේච්ඡාවෙන් ඇරඹුනේ හිටපු තානාපති හේමන්ත වරුණකුලසූරිය තානාපති සමයේය. ඒ වෙනුවට බදාදා නිවාඩු ලැබිණි. නව තානාපති බදාදා ද වැඩ කරන දිනයක් බවට පත් කිරීම නිසා සේවකයනට නිවාඩු ලැබුණේ සෙනසුරාදා පමණී. ඉරිදා සේවය නතර කිරීමත් සමග දැන් සති අන්තයට නිවාඩුය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනිකරම කුණු ගොඩක්.(ස)
ඒකට අපේ එංගලන්තේ ඉන්න හයි කමිෂන් එක.(නදී)
තනිකරම කුණුගොඩක්..
අරාබි රටවල ඔයතරම් කරදර නැහැ..!(නු)
මේකෙ ඉන්න නිලධාරින් ලංකාවෙ උනාට පිටරටවල ගියාම ලංකාවෙ මිනිසුන් තමන්ගේ නිල බලයෙන් පාගාගෙන ඉන්න හදනවා..!(නු)
මම ඉන්නේ යූ.කේ. වල. මෙහේ තානාපති කාර්යාලයේ නම් ඔය ප්‍රශ්න මොනවත් නැහැ. හොඳට ගරු සරු ඇතුව කතා කරනවා. ඒ වගේම වැඩත් කරනවා. (නි)
ලංකාවේ ජනතාව අසරණ වෙලා
තානාපති ලැජ්ජයි
රෝමයේ හිටියට ලංකාවෙම මිනිස්සුනේ. ඉතිං ඔහොම තමයි වෙන්නෙ (ස)
කවුරු ඇමැති වුණත් තානාපති සේවයනම් තාමත් එහෙම තමයි. (අ)
මෙරට නිලධාරීවාදය එතෙරත් පැතිරෙන බවට ළකුණකි. (නි)
ඕව ගනන්ගන්න එපා.. දෙගොල්ලම සමාදාන වෙන්න. ලොක්කෝ කියන දේ අහගෙන වැඩ කරන්න.. එතකොට ගැටළු ඉවරයි..!(නු)
ජපානයේ කාර්යාලය ගැනත් බලන්න .. ජපන් කාර්යාලවල වල කාර්යක්ෂමතාවයයි , ලංකාවේ එකෙයි වෙනස අහසට පොලොව වගෙයි .. ලංකාවේ කාර්යාල ලංකාවට සාමාන්‍ය උනාට වෙන රටක පවත්වාගෙන යද්දී ඒ රටේ මිනිස්සු වැඩකරන විදියට කරනවානම් තමයි හොඳ ..මටත් 2005 දී පත්තරේක ලොකු පුවතක් ලෙස පලවිය යුතු ලොකු අසාදාරනයක් උනා ..නමුත් ඒ වෙලාවේ මම සද්ද නැතුව ඒක විඳදරා ගත්ත ...ඔය මොන රටේ තියෙන ලංකාවේ තානාපති කාර්යාල වල උනත් සේවකයෝ තමන්ගේ පුටුවල නැති වෙලාවල් තමයි වැඩි ..මම මේ වගකීමෙන් කියන්නේ ගොඩක් අය පැය දෙකේ තුනේ පුද්ගලික ගමන් බිමන් ගිහින් එනවා තමන්ගේ දුරකථනය පැත්තකින් තියල .. ඉතින් පිට ඉඳල කතාකරන කෙනෙක් හිතන්නේ මෙයා ලොකු රාජකාරි කතාබහක කියල . (දී)
මට දුකයි රෝම ලාංකිකයෝ ගැන
ඔවු. කොහොමත් එම්බසි වල වැඩකරන කට්ටිය හරිගණන්. (නි)
ජනතාව අසරණයි
කරුණාකර දන්න කෙනෙක් ඉන්නවනම් මට කියනවද තානාපති කාර්යාලයේ කර්යභාර්ය කුමක්ද කියල? මොකද එ අය රට යන විට අපෙන් හැමදාම සල්ලිනම් ගන්නව එත් සළසන සේවයක් ගැනනම් අපි දන්නෙ නැ. (නු)
රාජකාරිය දේවකාරියක් ලෙස සලකන්න ,කරුණාකර අසරණ මිනිස්සු තලා පෙලන්න එපා , (ස)
අනේද කියන්නේ
හෙයියන් මාරුව කියන්නේ මොකද්ද
තානාපති තුමාව මාරු කරන්න
අයියෝ තානාපති
කාර්යාලයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා
අයියෝ සල්ලි කියුවලු
මට තේරෙන්නේ නැහැ
සිදුවී තිබෙන දෙය ගැන යමක් කීමට නොදනිමි. ඒත් රෝමයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය හා සේවාවන් කෙදිනක හෝ යහපත් වූවායයි අදහසක් ඇත්තේ නැත. 'කලින් හිටපු අය හොඳයි වර්තමාන නිළධාරින් නරකයි' කියන එක නම් ඉතින් අර හොර බිස්නස් කරන අය කියන කතාවක් වෙන්න ඕනෑ. කලින් තිබුණේ බොහෝ දූෂිත පාලනයක්. දේශපාලනික හිතවත්කම් හා බොහෝ වටපිටාවන් වලින් ආපු නිළධාරියෝ ඉන්න තානාපති සේවාවක ඊට වඩා යමක් බලාපොරොත්තුවෙන එකත් විහිළුවක් විතරයි. මා පසුගිය අවස්ථා දෙකකදි තානාපති කාර්යාලයට ගිය අතර එම අවස්ථා දෙකේදීම මා හට යම්සේවයක් සැපයුවේ නම් එහි පාලන නිළධාරින් පමණයි. (නි)
අයියෝ, ඉතාලියේ ඉන්න ලංකාවේ කට්ටිය හැමදාම රණ්ඩු. (නි)
ලංකාදීපයට ස්තුති
ගණන් ගන්න එපා. මීට වැඩිය සේවයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)
අයියෝ රෝමය
ඔන්න ඔහොමලු වැඩේ
මේවා අපි කියවන්න ඕනේ තමයි
රෝමයේ හෙයියන්මාරුව