රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ වැඩ නිමවන වේලාවටත් කලින් සේවකයන් අඟහරුවාදා (2) ඉදිරිපස කවුළුවලින් ඉවත්ව ගිය බව ලංකාදීප එසැණට වාර්තා විය.
තම තමන් බලා සිටියදීම සවස දෙක වන විට ඉදිරිපස කවුළුවලින් නිලධාරීන් ඉවත්ව ගිය බව එතැන සිට ලංකාදීප එසැණ ඇමතූ කිහිප දෙනෙක් පැවසූහ.
පසුව කළ විමසීමේදී තානාපති කාර්යාල නිලධාරියෙක් ද මේ බව තහවුරු කළේය.
නියමිත වේලාව වන තෙක් කවුළු විවෘත කැර තබන්නැයි ඉහළ නිලධාරිනිය පැවසුව ද එක් නිලධාරියකු එයට ඇහුම්කම් නොදුන් බව කියති.
උදෑසන නවයේ සිට සවස තුන වන තෙක් මහජන සේවය සඳහා කවුළු ඇර තැබිය යුතු වුවත් හදිසි අවශ්‍යතා මත සවස පහ වන තෙක් සේවය ලබා දිය යුතුයැයි නියමයක් ද ඇත.
මෙවැනි නිලධාරීන්ට විරුද්ධව ලැබෙන පැමිණිලි අනුව ඔවුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන් ක්‍රියා කරනා බවත්, පත්වන නව තානාපති ද දැනුවත් කරන බවත් විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පසුගියදා එසැණට කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරු කුරුවක් නැති දවසක් නැහැනේ මේක ඇතුළේ? (නි)
කරුණාකරලා වැඩ කරන්නෙ නැති අය එළවලා දාන්නකෝ (නි)
කිසිම ප්‍රශ්නයකට මැදිහත් වෙන්න සුදානමක් නැහැ. ඇහුවොත් කියන්නේ "අපි දන්නේ නැහැ.අපිට අදාල නැහැ." (නි)
රටකට ගිය කලක්. (නි)
රුසිරු, මම ලඟදි ලංඩන් තානාපති කාර්යාලයට ගියා අලුත් පස්ස්පෝර්ට් එකක් ඉල්ලුම්කරන්න. අපරාදේ කියන්න බෑ ලියකියවිලි බලලා සල්ලි ගෙවන්න පය තුනක් ගත්තා. ඒක ඇතුලේ ලොකු ආපන ශාලාවත් තියෙනවා වැඩ කරන අයට. ඒක වැහුව නම් වැඩ ඉක්මන් වෙවී.(නදී)
මේ නිලධාරීන් කොහොම ආපු අයද? (ස)
යුරෝපයේ ලංකාවේ තානාපති සේවයේ අකාර්යක්ෂම තා බොහෝයි. ලං.කාදීපයට බොහොම ස්තුතියි මේවා හෙළිදරව් කරනවාට (ස)
අවංක නිලධාරීන් වැඩ කරන්නේ කොහොමද ඉහල සහ පහල නිලධාරීන් දේශපාලන බලය පෙන්වන කොට. රාජ්‍ය සේවක අමුණුගම මහත්මයාට පුළුවන්ද අවංක නිලධාරීන් රැකගන්න? (අ)
නීතියට පිටතින් වැඩකරන හිතුවක්කාරීන් රජයේ සේවයට ගැලපෙන්නේ නැත. සේවයෙන් පහකළ යුතුයි. (ස)
ලන්ඩන් වල නම් නියමයි..... සුහද සහ ඉක්මන් සේවයක් දෙනවා.. හැමෝටම මල් මිටක් .... (ස)
කාටවත් කිසිදෙයක් කරන්න බෑ. මොකද ඔක්කොම විවිධ සම්බන්දතා වලින් ආපු අය. (ස)
හැබයි අපිලු උතුම්ම ජාතිය.(නදී)
දම්මි, මගේ පාස්පෝර්ට් එක නැතිවෙලා අලුත් එකක් ගන්න ගියහම පැය බාගෙන් අයදුම්පත් බාර දුන්න. එදාම හවස හදිසි බලපත්‍රය දුන්න. තාත්තා නැතිවෙලා දුවට ලංකාවට යන්න හදිසි පස්ස්පෝර්ට් එකක් ඉල්ලුම් කරලා පැය දෙකකින් පස්ස්පෝර්ට් එකත් හදල දුන්න. එච්චර ඉක්මනට වැඩක් කරගන්න ලන්කවෙදිවත් බැහැ.(නදී)
චන්ද්‍රා මහත්තයෝ, අහිංසක ලෙස විභාග වලින් ආපු අයත් ඉන්නවෝ! (ස)
කවුරුහරි දම්මලා කුණු බිත්තර පාරක් ගස්සන්න හිතෙනවා මට. (නි)
අනේ මන්ද අපේ රට කොහෙටද යන්නේ කියල ,හය හතර නොතේරෙන බබ්බු ටිකක් තානාපති සේවයට දාගෙන හුරතල් කරනවා ,(අ)
බොහෝම ස්තූතියි ලංකාදීප. දැන් වැඩ නොකරන රට ගැන නොහිතන අයට ලංකාදීප ඇණයක් වෙලා තියෙන්නේ. ප්‍රවෘත්ති පිළිබද පසු විපරමක් කරලා ගන්නා ලද පියවරයන් ද පාඨකයින් හට දැන ගන්නට සලස්වන්නේ නම් වඩාත් ළුලදායි වේ යැයි සිතමි. සුභ පැතුම්. (නි)
රෝමයේ තානාතිපති කාර්යාලයේ සේවය ගැන ඉතාලියේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට නෑ. ගිය වසරේදී ඉතාලියේ අනවසරව රැදී සිටින විදෙශිකින්ට රැදී සිටීමේ අවසර පත් ලබා දුන්න, එහිදී ගමන් බලපත්‍ර නොමැතිව සිටි ශ්‍රී ලන්කිකිනට බොහෝ අපහසු තවෛන්ට මුහුණ දීමට සිදු උනා, අපේ තානාතිපති සේවය අපේ මිනිස්සුන් ගැන හිතුවේ බොහොම අඩුවෙන්, 3000ක පමණ පිරිසක් විස ලබා ගනිමින් එන්නාව ඒ යට ලංකාවට යාමේදී ආගමන විගමන දෙපාර්ත මේන්තුවෙන් සිදුවන අපහසුතාව වලක්වන්න අද වෙන තුරු පියවරක් ගෙන නැහැ, මේ ය බෝට්ටුවල, දේශසීම වලින් ආපු අපේම සිංහල මිනිස්සු නේද, නය වෙලා ගැහැණු දරුවෝ තනිකරලා, අපේම සිහල මිනිස්සු අපේම මිනිස්සුන්ට මෙහෙම සලකන එක හරිම වැරදි. ඉතාලි තානාතිපති කාර්යාලයේ දුර්වලතා බොහොමි, ජනාදිපති තුමනි මේ ගැන ඔබේ අවදානය යොමු කරන ලෙස එල්ල සිටිමු . (අ)