රිමාන්ඞ් හිරකරුවකු වන තංගල්ල ප‍්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණගේ ප‍්‍රධානත්වයෙන් තංගල්ල ප‍්‍රාදේශීය සභාව අද පැවැත්විණි. ඔහු එහි ගෙන ආයේ බන්ධනාගාරයේ හා පොලිස් ආරක්ෂාව ඇතිවය. පස්වරු තුනට යළි ඔහු බන්ධනාගාරයට රැගෙන ගියේය.
පසුගිය නත්තල් දා තංගල්ලේ මැඩිල්ලේදී බි‍්‍රතාන්‍ය පුරවැසියකු මරා රුසියන් තරුණියකට තුවාල කළැයි ඔහු රිමාන්ඞ් ගතකරනු ලැබ සිටියි.
![1[1]](http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/01/1111.jpg)
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩද?
නායකයෙක් කියල තවත් පිළිගන්නවා නේ.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
රජකාලේ දඬුවම් නැතිනම් මරණ දඬවම මොහුට දෙන්න ඕනේ.
නීතියට ගල් ගහන එක අහන්නත් දෙයක්ද?
මිනී මරල මෙහෙම කරන්න පුලුවන්නම් සමාජය වැරදි අවබෝදයක් ගන්න එක වලක්වන්න බැහැ. මෙයා ආවේ නැහැ කියල පාලනය ගෙනියන්න බැරි නැහැනේ.
මේවා දකින්න අපි මේ තරම් අවාසනාවන්තද? අපේ කරුමෙ තමයි. වෙන මොනවා කියන්නද?
හොදම හොද කොමන්ට් එකක් දාන්නනම් හිතෙනවා ඒත් අපරාදෙ මගේ කාලෙ නාස්තිකරගන්නෙ. ශ්‍රි ලංකාවට , ඒ කෙ අහිංසක මිනිස්සුන්ට, ශ්‍රි ලං කාවෙ දේශපාලනයට දෙයියන්ගෙම පිහිටයි. අපේ රට ගෑන හිතෙනකොට අවංකවම ඈස් වලට කඳුලු උනනවා. පිටරටකට යන්නම ඕන ඒක තෙරෙන්න. ආනේ අපේ රට කවදානම් ගොඩ යයිද.
මෙහෙමත් රටක්...
එහෙව් රටේ අපි ඉන්නේ
ලැජ්ජැයි අප්පා
අපේ රටේ දේශපාලනඥයින්ගෙන් වැඩි දෙනෙක් තම තමන්ගෙ රැස්වීම් වලට එන්න ඕනි මෙහෙම තමයි නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම්.
මෙහෙම අය වැදගත් තැන වලට ගන්න හොඳ නැ. මේ විදියට ගියොත් මේ රට කවදාවත් හදන්න නම් බැ
තරුණියට තුවාල කරා විතරක් නෙවෙයි නේද? දුෂණය කලා නේද?
මේ වගේ අය නම් තවත් තියන්න හොද නැ.
අනික් මන්ත්‍රිලාට ලැජ්ජාවක් නැත්ද.