නිමන්ති රණසිංහ
නාවල නාරාහේන්පිට දී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු රිය අනතුරකට ලක්කිරීමේ සිද්ධියට අදාළ රමිත් රඹුක්වැල්ල රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග කලංසූරිය මහතා අද (13) නියෝග කළේය.
එසේම සැකකරුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද අධිකරණය නියෝග කැරිණි.
සිද්ධියට අදාළ චෝදනා 4 කට තමන් නිවැරැදිකරු බවට සැකකරු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අනවසර ගිනි ළඟ තබා ගැනීමට පැමිණිල්ලක් ඇවිත්........... එක ඉල්ලා අස්කර ගන්ඩ බලපෑම් කරද නැද්ද පරීක්ෂණයට මොකද වෙන්නේ?
මෙවැනි පුරුෂයන්ගේ මව්වරුන්ගේ ගුණ පොදුජනයා විසින් නිතර සිහිපත් කරනු ඇත. ගිනි අවිය මොහුට ලැබුණේ කොහෙන්ද යන්න පොලිසිය විසින් සොයා නොබලනු ඇත.
ගොඩක් මිනිස්සු කෑගහනවා අපේ රටේ සෑම ජාතියකටම එකහා සමානව නීතිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි කියලා. ඒක තාර්කියයි. සත්‍යයි.
විශ්වවිද්‍යාල සිසුන් දෙන්න හැංගෙන්න තැනක් හොයාගත්තොත් හොදයි නේද?
මේක පළවෙනි සමාජ විරෝධී වැඩේ නෙවෙයිනේ. මීට පෙරත් ක්‍රීඩකයෙකු වශයෙන් විනය විරෝධී වැඩ කර දේශපාලන අනුහසින් ගැලවුණා. ඒ වුනාට අපිට ආරංචියි අගතියට පත් පාර්ශවයට බලපෑම් කර පැමිණිල්ල අස් කර ගත්තා කියලා . පුදුම රටක් තමයි. නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ!
මේ ගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ අපේ මී මුත්තාගේ කාලේ වගේ.......මේගොල්ලන් පාරේ වැඩම කරනකොට , මහජනයා කරේ තිබුන අමුඩ ලේන්සුව අතට අරන් කාණුවට බහින්න ඕන කියලා.
තරාතිරම මොකක් වුනත් වැඩේ වැරදි. තම තමන්ගේ බල පුළුවන්කාරකම් පෙන්වන්න මෙහෙම හැසිරෙන එක හොද ක්‍රීඩකයෙක්ගේ හොද ලක්ෂණයක් නෙමේ. ක්‍රීඩකයෙක් කියන්නේ හොද විනයක් හික්මීමක් තියෙන්න ඕන කෙනෙක්...
කෝ එතකොට අර සයිටම් ගැන කෑ ගහපු අන්තරේ කට්ටිය...?ඒගොල්ලන්ටත් බලපෑම් කරලද...?
විශ්ව විද්‍යාලයේ සිසුන්ට පහර දීලත් අන්තරේ මොකද සද්ද නැත්තේ?