විදෙස් රටවල පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලවලින් වැඩිම ‘රට සල්ලි‘ රටට ගලා එන රෝමයේ තානාපති කාර්යාලයට බැංකු ගිණුමක් පවා නොමැති බව තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
සයිප්‍රසය, මෝල්ටාව, ග්‍රීසිය වැනි රටවලින් තානාපති කාර්යාලය නමට එන චෙක්පත් පවා මාරුකර ගැනිමට නොහැකි වි තිබෙනුයේ බැංකු ගිණුමක් නොමැති බැවිණි.
2007 - 2011 අතර කාලසීමාවේදී රෝම තානාපති කාර්යාලයයේ යුරෝ 93000ක මුදලක් ද අතුරුදන්ව ඇතැයි එසැණට වර්ථාවිය.
මේ පිළිබඳව විමසිමේදී විදෙශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියා සිටියේ මුදල් අතුරුදන් වීම ගැන පරික්ෂණ කටයුතු පැවැත්වෙමින් තිබෙන බවයි. තානාපති කාර්යාලය නමට ගිණුමක් නොමැතිවීම ගැන සොයා බලන බව ද ඒ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට බැංකු සැසදුම හැදුවේ කොහොමද .ගමේ බුලත්විට කඩයකත් පොතක් තියෙනවා. (අ)
සොයා බලන්නේ නැතුව මේ වගේ පුවත් දාන්න එපා.(නදී)
මෙපමන කල් නිදා ඉඳලා දැන්ද නැගිටලා හොයන්නේ? (නදී)
ගිණුමක් නැති වුනාට මොකද ලොක්කන්ට සාක්කු තියෙන්න ඇතිනේ. (ත)
කට්ට කමටනේ ගිණුමක් නැහැ කියන්නේ ...? (ත)
සල්ලි වලට බරව ඉන්නේ කවුද (ත)
පුදුම හතෙන් එකක් , 93000- සමසමව බෙදා ගන්න ඇති. අවුරුදු 5 ක් යනකම් මොකද කලේ. පොලියට දුන්නවද්ද?...දුප්පත් අපගේ දහදිය. වගකියයුත්තෝ නිදිද'? (ත)
මේකනේ ගිමුම් තිබ්බා හොරකම් කරන්න බැනේ...අපේ අහිංසක මිනිස්සු දුක් විඳලා හම්බකරපු සල්ලි හොරකම් කරපු මේ යටට යන්න වෙන්නම ඇපයක් හදන්න වෙයි....කියමනක තියෙනවා මිනිස්සු තම තමේ කරපු දේවල වල පල ව්පාක මේ අත්මෙදිම් පල දෙවනව කියලා.. (අ)
දැන් හෙට අනිද්දට අනිත් තානාපති කාර්‍යාල වල බැංකු ගිනුම් ක්‍රියාත්මක වෙයි.(නදී)
ඊයේ පෙරේදා නදුන්... දැන් රෝමයේ තානාපති කාර්යාලය ... (නි)
අනේ යන්න මෙයාලා යන්න. ඔය කාගෙ කාගෙ හරි නම් වලට සල්ලි වැටෙන්න ඇති, අපි මේ සල්ලි ගස්වලින් නෙලලානෙ හම්බකරන්නෙ.(නදී)
ලෝකේ අනික් රටවල් අපේ ඔලුවට අත හෝදන එක අහන්ට දෙයක්ද ඉතින්. බැංකු ගිණුමක් නැති තානාපති කාර්‍යාලයක් ඉතියෝපියාවටත් නැතිව ඇති. මෙහෙම හොර ගුහාවකට බාල තෙල් ලෝකේ අනික් රටවල් එවන්න එක අහන්ට දෙයක්ද. ලෝකෙම හිතන් ඉන්නේ අපි නපුංසකයෝ කියලා. අරාබි වසන්තයක් කවදා ලංකාවට ඒවිද.(නදී)
නෑති බෑරි කම හින්දනෙ ඉතින් මේවට පත් කරල එවන්නෙ. කල ගුන සලකන්න තමා කට්ටියව එවන්නෙ ඉතින් සල්ලි ටික හොරා කාපුවහම මොකෝ වෙන්නෙ. අපේ දුක් මහන්සියෙන් රට දියුනු කරන්න දුන්න සල්ලි වලින් හොරා කාල කොහොමද මේ අය හිත හදාගන්නේ.(නදී)
අහින්සක මිනිස්සුන්ගේ සල්ලි (අ)
ගරු අමුණුගම මහතාණෙනි, සියළු තානාපති කාර්යාල ගැන කියන්න පෙර සොයා බලන්න. වෙන්න පෙර වලකාලන්න (නි)
ගිණුම් තිබුනට පාස්පෝර්ට් හදන්න භාර ගන්නකොට කියන්නේ සල්ලි යුරෝ වලින් අතටම දෙන්න. නැත්නම් ඉලුලුම් පත්තරයත් එක්ක තැපෑලෙන් මුදල් වලින් එවන්න කියලා. පාස්පෝර්ට් එකක් ලංකාවේදී හදනවට වැඩිය යුරෝපේදී ලංකා තානාපති කාර්යාලයක් හරහා හදනකොට ආණ්ඩුව රුපියල් 16000 විතර වැඩිපුර අය කරනවා. කරුණාකර ලෝකයේ කොහේ හිටියත් ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ ගාස්තුවට ගමන් බලපත්‍ර ලබාදෙන්න කටයුතු කරන්න (නි)