ජංගම දුරකථනයක් ආධාරයෙන් හැසිරවිය හැකි ‘රොබෝ බත්කූරෙකු‘ නිපදවීමට ෆෙස්ටෝ නම් ජර්මානු සමාගමක් සමත්ව ඇත.
රොබෝ බත්කූරා දිගින් සෙන්ටිමිටර 40 කි.බර ග්රෑම් 175 කි.
මේ රොබෝ බත්කූරාගේ විශේෂත්වය වන්නේ එය සොබාදම් මව්ගේ සජීවී බත්කූරාට සෑම අතින්ම සමාන වනසේ නිපදවා තිබීමයි. ගුවනේ එක තැන රැදී සිටීම,ඉදිරියට මෙන්ම පසුපසටත් පියාසර කිරීමට හැකි වීම,තටු වෙන වෙනම පාලනය කළ හැකි වීම ආදී පණැති බත්කූරාට කළ හැකි ක්‍රියාකාරකම් සියල්ලම මේ රොබෝ බත්කූරාටද කළ හැක.රොබෝ බත්කූරාගේ ඇසේ කටයුත්ත ඉටු කරනුයේ නවීන පන්නයේ කැමරාවකි.
යුධ හා ස්වභාවික ව්‍යසන වැනි ආපදා අවස්ථා වලදී මෙය සේවයට යොදාගත හැකි වනු ඇතැයි නිර්මාපකයන් කියයි.විශේෂයෙන් පුද්ගලයෙකුට යාමට අපහසු ස්ථාන වල තොරතුරු ලබා ගැනීමට මෙය මහගු උපකාරයක්ම වනු ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ! ෆෙස්ටෝ- සමා-ගම ලංකික අපිට ලේනෙක් හරි කපුටෙක් හරි සාදා දෙන්න. අඹ ගෙඩියක් ,රඹුටන් ගෙඩියක් කඩාගන්න පුළුවන් විදියට.(නදී)
ජර්මනිය කියන්නේ තාක්ෂණික ලොවේ මහා ගෙදර. උත්සාහයෙන් නැගිටින රටක්. කාටත් ආදර්ශයක්. (නි)
අපේම ජාතික කොඩිය හදාගන්න බැරිව චීනෙන් ගේන රටේ මොන බත් කුරෝද ? මේක තමා අස්චර්ය. ජයවේවා මේපාරත් උදෙන්ම ගිහිල්ල කතිරේ ගහන්න හොදේ.(නදී)
මෙය වෙළද පොලේ තියෙනවා යුරෝ 40.00 පමණයි.(නදී)
පන ඇති බත් කුරෝ දැන් නැති හින්දා රොබෝ බත් කූරෙක් හරි දකින්න ලැබීම අපිට වාසනාවකි. (නි)
අපේ රටේ දක්ෂයෝ ඉන්නවා. එත් එදිරියට යන්න අතහිත, ආධාර, සහයෝග ලබාගන්න හරිම අපහසුඉනේ. එහෙම වෙන කොට ඔවුන් රට හැර යනවා.බටහිර රටවල් එවැනි අයව පිළිගන්න බලාගෙන ඉන්නේ. (ස)
අපේ ලංකාවෙත් ඉන්නවා ඒ වගේම දක්ෂ අය. පළමුවෙන් කරන්න ඕනේ ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්න එක. ඊටපස්සේ ඉබේම නව නිරමාණ බිහිවෙයි (අ)
අපි මේ ෆෙස්ටෝ සමාගමට කියමුද ජීවමාන අලියට සමාන රොබෝ කෙනෙක් හදහන එක දැන්ම පටන් ගන්න කියල, මොකද ඉක්මනටම ලංකාවට ඔනවෙයි. (ස)