(මනෝප‍්‍රිය ගුණසේකර සහ රංජන් කටුගම්පොළ)
බැඳුම්කර නිකුතුවට අදාළව රුපියල් බිලියන 11.75 කට ඉදිරිපත් වු ලංසුව ඉවත දමා රුපියල් බිලියන 10ට ඉදිරිපත් වු ලංසුවට අනුමැතිය ලබාදෙන ලෙස හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා නිර්දේශ කළේ යැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමෙන්තුවේ අතිරේක අධිකාරී ආචාර්ය මොහොමඞ් ෂෙයික් මොහොමඞ් ආර්ෂින් මහතා බැඳුම්කර කොමිසම හමුවේ පැවසීය.
මහෙන්ද්‍රන් මහතා කළ දැනුම්දීමට මහ බැංකුවේ අධිකාරීවරුන් ලෙස කටයුතු කළ සියළු දෙනාම විරුද්ධ වු නමුත් මහා බැංකු අධිපතිවරයාගේ ස්ථාවරය වෙනස් නොකරන නිසා එලෙස කටයුතු කරන ලෙස මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා දැනුම් දීම නිසා තමන්ට නිහඬ වීමට සිදු වු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් සිදුකළ පරීක්‍ෂණයේදී එම නිර්දේශ ඇතුළත් ලිපි ලේඛණ ඉදිරිපත් කොට නොමැති බවද ඒ මහතා හෙළි කළේය.
බැදුම්කර නිකුතුව සිදුවන අවස්ථාවේදී මුලින්ම එහි පැමිණි මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඉන් පැය එකාහාමාරකට පසුව නැවත වරක් බැදුම්කර නිකුත් කරන ස්ථානයට පැමිණ බැදුම්කර නිකුතුවට අදාළ තොරතුරු විමසා එයට අදාළව තිබු ‘‘බිඞ් ෂීට්’’ (ඉල්ලීමේ මිල ගණන්) ඔහු අතට ගෙන බැලූ බවද ආර්ෂින් මහතා හෙළි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන් මහේන්ද්‍රන් කියන පල් හොරාට මහ බැංකුව බාර දීපු මහ එකත් එක්කම උල තියන්න වටින්නේ