රුපියල බාල්දු වීම වැළැක්වීමට ජාතියේ නිල මුල්‍ය සංවිතයෙන් මුදල් ලබාගෙන වෙළඳපොළේ අලවි කිරිමට ආණ්ඩුව ගෙන ඇති පියවර නිසා නිල මුල්‍ය සංචිතය වේගයෙන් අඩුවෙමින් පවතින්නේයි ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
2010 සිට ක්‍රමානුකූලව පැවැත්වෙමින් තිබු නිල මුල්‍ය සංචිතය 2015 සිට වේගයෙන් අඩුවෙමින් ඇතැයි ද බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවක දී අද (09) ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වේ නම් මුළු ඇග පුරාම මොලේ කියලා . බින් උරෝ වගේ ලංකාව හාර හාර රාජපක්ෂලාගේ රත්තරන් හොයනවට වඩා.අර හොර කම් කරලා බැංකුවල දාල තියනවා කිව්ව ඩොලර් වත් ගෙනල්ල මේවා පියවන්න තියෙන්නේ .(ම)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා මගේ රටට (නි)
ගිය ආණ්ඩුව ගත් ණය, මේ ආණ්ඩුව ගත් ණය, රටේ ආර්ථික වර්ධනය ආදියෙහි සත්‍ය තොරතුරු දැනගන්න අවශ්‍ය නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියට පිවිස බලන්න. (නි)
බන්දුල මෝඩ කතා කියන්නේ නැතුව ඉන්නවද මහත්තයෝ.ඇත්ත ඇති සැටියෙන් දකින්න හොඳින් ඇස් ඇරලා(කෞ)
බන්දුල, කලින් තිබුන හැම අන්දුවකටමත් ඊට කලින් ගත ණය ගෙවන්න තිබුන (මහින්දගේ කාලේ චන්ද්‍රිකා, රනිල් ගත් ණය ගෙවුවනේ - ඒ වගේ). වැඩ බැරි සේනලට කොහොමත් වැඩ බැහැ - නිකන් කලින් ණය ගත් ගෙවන්න ඕන නිසා තමයි ආර්ථිකේ බින්දුවටම වැටිලා තියෙන්නේ වගේ බොළඳ කතා කියල තමන්ගේ බැරුවාවයි වහගන්න හදන්නේ. ඒවගේ සුරඟන තර්ක වලට අහුවෙන අයත් ඉන්නවනේ තාම ලංකාවේ! (බ)
රුපියලේ ඉතින් අමුතුවෙන් බාල්දු වෙන්න දෙයක් තියනවද? ඕක කොහොමත් බල්දුයි තමා(කෞ)
කිව්වේ නම් ආර්ථික ඔස්තාර්ලා කියල. දැන් මොකදවෙලා තියෙන්නේ? (බ)
කුමාර හා චතුර මෙතැනදී පක්ෂ පට පැත්තකට දමල රටේ අනාගතයට මොකද වෙන්නේ කියල කල්පනා කරන්න. මොකද මේ බංකොලොත් කරන්න හදන්නේ ඔබේ මගේ රටේ අනාගතයයි. (කෞ)
රු 2500 යෙන් මාසයක් කන්න පුළුවන් කියපු මිනිහ බලය නැති වුනාම කියන දේවල් කොහොම විශ්වාස කරන්නද (බ)
කුමාර, ඔයාගේ අර කල්පනා කරන එක තියෙන්නේ කොහේ පැත්තේද (අ)
රුපියලට වැඩිය බන්දුල මහත්තය බාල්දුවෙලා වගේ මට පේන්නේ. දැන් ඇමතිකම් නෑ නේද ? (අ)
කලින් ණයට අරගෙන කොමිස් ගහපු ඒවාගේ ණය ගෙවන්න වෙනකොට ඔහොම තමය දැන් තියෙන හොද ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රයෝජන ලැබෙන්න තව කාලයක් යනවා.(අ)
ඔබල ගත්ත නය ගෙවන්න ගිහිල්ල තමයි එහෙම වෙලා තියෙන්නේ (කෞ)