ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දහවල් වන විට රුපියල් 130.35කට හුවමාරු විය. ශ්‍රී ලංකා බහ බැංකුවේ අනුපාතික මිල රුපියල් 131.90ක් විය. සිංහල දෙමළ අලූත් අවුරුද්ද වන විට එය රුපියල් 132කට පමණ ළඟා වෙතියි කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවත් සොමාලියාවක් වෙයිද?
අපි ඔක්කොම මොඩයෝ මැති ඇමැති වරුනට කිසිම ප්‍රශ්නයක් නෑ
රුපියල බාල්දුවෙනකොට හුස්ම ගන්න අමාරුයි.
රැපියල කොටස් වෙළදපොලේ පාවෙන්න හැරල ඉන්නව නමි මහ බැංකුවේ අධිපති,මුදල් ඇමතිලා මොකටද ඔය පුටුවට? මීට වඩා හොදයි පාරේ ලේන්සුවක් දාලා හිගා කෑවනම්.....කරැමේ.......
ඔහොම ගිහිල්ලා ගිහිල්ලා රුපියල නැත්තටම නැතිවෙලා යාවි නේද ?
ඩොලර් මිල නගින්න නගින්න රුපියලේ වටිනාකම බහිනවා මන්ත්‍රීලා උඩනගිනවා.
ඇයි අනේ බලා ඉන්නේ ඉක්මන්කරලා අර ලෝක බැංකුවට ගහපු ප්ලග් එක ගලවන්නකෝ ඕවත් වැඩද හලෝ අපේ අයට සුලු දෙයක්නේ. ඉක්මන් කරන්න.
මේ ආණ්ඩුව අපේ රට සිම්බාබ්වේ දේශයක් බවට පත්කරමින් සිටිනවා. ජනතාවට නිදහසේ ඡන්දය පාවිච්චි කරන්නට දුන්නොත් එය නවතා දැමිය හැකිවේවි.
සමහරවිට මේක අර වාහන ගේන බද්ධ 50 කින් අඩුකළා වගේ රජයේ මොකක් හරි සැලැස්මක් හරි යනකන් දීපු තාවකාලික දෙයක් වෙන්න පුළුවන්. මොකද රජය සෑහෙන්න ණයයි ලෝකෙට මෙහෙම කරපු ගමන් සුද්දගේ ඉදන් ලංකාවේ රටවල් වල ඉන්න මිනිහා දක්වා පුලුවන් තරන් ඉතුරු කරපු ඩොලර් එක පවා ලංකාවට එවනවනේ. ඕක අන්න ඒ රට සල්ලි ටික ලංකාවට ඇදගන්න ණය වලින් ටිකක් හරි ඔලුව උස්සන කරපු දෙයක් මිස මන් නම් හිතන්නේ නැ කාටවත් ආදරේට කරපු දෙයක් කියලා.
ෙඩලරය කවදා ලංකාෙව් ස්ථාවර වනවාද ?
මේකද ආසියාවේ ආශ්චර්යය ? අහෝ ලංකාවට වුණු දෙයක් !
අපිටනම් හොදයි. අපි ගන්නේ ඇමරිකන් ඩොලර්. ජයවේවා. !!!
මෙහෙම ගියොත් එපදෙන්න ඉන්න දරුවොත් ණයකාරයෝ වෙයි. දැන් මේ ගානට අපි ගත් ණය වලට පොලී, පිටරටින් ගේන බඩු ඔක්කෝටම ගෙවන්න එපැයි. අහෝ ධර්මද්වීපයට, ආසියාවේ මුතු ඇටයට දේශපාලකයෝ කළ විනාශයක තරම.
රුපියල පා කරන්න තීරණය කරපු ගොන් හරකා කවුද ?
ඇත්තටම දේශපාලුවන්ට මොලේ නැත්තටම නැත්ද ?
ඇයි මෙහෙම වෙන්නේ ලංකාවේ දැන් යුද්දෙත් නෑ. කෝ රටේ සල්ලි. පාරවල් හැදුවම හරිද ? අපි ලෝකෙටම ණය කාරයෝ කරලා
දැන් රුපියල් දහ දාහේ නෝට්ටු ගහවි.
අපේ රටේ ඉන්න බහුතරයක් වූ ලිං මැඩියනි, මේකටත් ඇමරිකාවට බැනලා කමෙන්ට් දාන්න හිතුනේ නැත්ද? 'අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්' කියලා ඔබට කටපාඩම් කරවලා තියෙන කෝකටත් තෛලය වැනි මන්තරේ මේකට ජපකරන්නේ නැත්ද?
මැති ඇමතිලාට ඔවා දැනෙයි. අයි ඩෝන්ට් නෝ වයි. ?
රටේ පලකයෝ රුපියල උඩ වාඩිවෙලා ඉන්නකම් ඔහොම තම අපේ පව.
රටේ ආර්ථික නිෂ්පාදනයක් නැති වුනාම ඔහොම වෙනවා.
රුපියල පා කරන්න ඕන උනාම එහෙම නොකර විදේශ මුදල් නිදහස් කරලා දැන් පාවෙන්න දාල තියෙන්න අපේ දේශප්‍රේමී ආණ්ඩුවම තමා
වර්තමාන රජය පැවති රජයන්ට වඩා ගම්බද ජනතාව විවිධ රටවල්වලට ගොස් දුක්මහන්සියෙන් හරිහම්බකොට ලංකාවට එවන සෑම ඩොලරයකටම වැඩි රුපියල් පුමාණයක් ගෙවනව. ජනතාවට සෑම අතින්ම පහසුකම් සපයාදෙන රජය රුපියල් 113 සිට රුපියල් 150 දක්වා උපරිම සහතික මිලක් ඩොලරයකට ගෙවීමට සූදානම්. නැවතත් වෙනත් රජයක් බලයට පත්කොට එසේ ගෙවන රුපියල් ප්‍රමාණය අඩුකර නොගන්න.
ඩොලරයක මිල වැඩි වනවිට අපනයන කරන්නන්ට සහ විදේශීය රැකියා කරන්නන්ට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙනව. ඒක ඉතාමත් හොදයි අපේ රටත් ඉන්දියාව හරි චීනය හරි තවත් එවැනි නිෂ්පාදන ආර්ථිකයක් තියෙන, අත්‍යවශ්‍ය දේවල් තමන්ම නිපදවන රටක් වුනානම්. අවාසනාවකට අපේ රටේ, අත්‍යවශ්‍ය දේවල් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනව. එම නිසා, එම භාණ්ඩ වල රුපියල් වටිනාකමත් වැඩි වෙනව. වැඩියෙන් ලැබෙන රුපියල් ප්‍රමාණය අපිට නැවත වියදම් වෙනව. සොමාලියාවට දැක්මක්(vision) එකක් තියෙනව. සොමාලියාව එක පැත්තකින් දුප්පත් වගේම තවත් පැත්තකින් දියුණු වෙනව. අපේ රටේ දේශපාලනය ගැන වගේම ලෝක දේශපාලනය ගැනත් අධ්‍යයනය කරන්න. කියවන්න. ඉස්සරහට හිතන්න වෙන්නේ රටවල් දෙකක දියුණුවේ වෙනස ගැන නෙමේ. ඒ වෙනස වෙනස් වන වේගය ගැන.
මම හිතන්නේ රුපියල පාකරපු එක හරි. ඒක කරපු එක ආර්ථික විද්‍යාව කරපු කෙනෙකුට විතරයි තේරෙන්නේ. ඒක කරන්න තිබුණේ දැනට අවුරුද්දකට පමණ කලින් අයවැය හිගය වැඩ වෙන්න කලින්. එතකොට රුපියල ඔච්චර පහත වැටෙන්නේ නැති වෙන්න තිබ්බා.
මම හිතන්නේ පාරවල් හදන්න ඕනේග එක දවසින් සියල්ල වෙනස් කරන්න අමාරුයි. මේ ආණ්ඩුව පාරවල් හැදුවට පාරවල් වල මේ සියලුම දෙනා යනවා. ඉක්මණින් යන්න පුලුවන් උනාම හැම අතින්ම වාසියි. වැඩක් නොකරන නිකන් කීයක් හරි හොයා ගන්න අයට පාරවල් හදලා වැඩක් නෑ. මහන්සි වෙන්න ඕනේ.
අම්බලන්ගොඩයෝ 130 ට ඩොලරය මාරු කලාට කඩේ බඩු ගන්න ගියාම එක වගේ දෙගුණයක් යනවා කියලා තේරෙන්නේ නැද්ද ?
ලංකාවත් නොබෝදිනකින් සෝමාලියාවක් වෙයිද ?
හැම දෙයක්ම පිටරටින් ගෙන්නන්න ගියාම ඔහොමතමා. වෙළදපොළේ මොනවහරි හිගනම් පිටරටින් ගෙන්වනවා. කාලයක් ඉන්දියාවේ කංකුං පවා ගෙන්නුවා. අපේ අය දවස තිස්සෙම ටීවී එක දිහා බලන් ඉදලා බඩගිනි උනහම කඩේ යනවා. මිරිස් ගහක්වත් හිටවගන්නේ නෑ. ලංකාවේ ජනගහණයට වඩා ප්‍රමාණයක් හෑන්ඩ් ෆෝන් තියෙනවා. මොනව කතාකරනවද මන්දා. ඔය හැම දේකින්ම තමා සල්ලි යන්න්. ඉතින් රුපියල බලු වෙන එක තේරුම් ගන්න ආර්ථික විද්‍යාව දැනගන්න ඕන නෑ පොඩ්ඩක් මොලේ තියෙන්න ඕනේ.