(යොහාන් භාසුර)
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් කොරෝනා ආසාදිතයන් බවට පත් වීම වැළැක්වීම සඳහා සහ පුරවැසියන්ගේ පරීක්ෂණ අයිතිය තවුරු කිරීමට රැපිඩ්, පී.සී.ආර්. සහ ආර්.එ.ටී. පරීක්ෂණ පහසුකම් රෝහල් බහිර රෝගී අංශයට ලබා දෙන්න ලෙස ඉල්ලමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ.
රෝගියෙකු රෝහලට ඇතුලුවීමේදී බාහිර රෝගී අංශය තුල රැපිඩ් පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම ඇති කිරීම මගින් සෞඛ්‍ය සේවකයන් කොරෝනා ආසාදිතයන් බවට පත්වීම වැළැක්වීම මෙන්ම වසංගතය පැතිරයෑම වැළැක්වීම ද සිදුවන බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා යොමු කර ඇති ලිපියේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඔය රැපිඩ් කිට් එකක ගන්න පුළුවන් අඩුම මිල කී යද? ජර්මනිය වගේ සමහර රටවල නිකම් බෙදා දීලලු. ඒක තමන් ගාව තියෙනවනම් ලෙඩේ හැදිලද නැද්ද කියල තමන්ටම ගෙදරදී උනත් දැනගෙන ඉදිරි කටයුතු හරියට කර ගන්න පුළුවන් නේද? අපේ රටේ එකත් වන වෙනකම් ඉන්නවද? මොකෙක් හරි කාලකන්නි බහිරවයෙක් එතනත් හරහට ඉන්නවා. මේකට පුළුල් ජනතා මැදිහත් වීමක් අවශ්‍යයි.