(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියකු කොසුමිටකින් පහරදීමෙන්  බන්ධනාගාර නියාමකවරයෙක් තුවාල ලබා ඇතැයි  පොලිසිය කියයි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරේ එල්  වාට්ටුව තුළ රැඳවියන් කෑකෝ ගසන ශබ්දයක් ඇසී  ඒ පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා නියාමකවරයාගේ අවස්ථාවේදී රැඳවියා කොසුමිටෙන් පහරදී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

 පහර දීමෙන් නියාමකවරයාගේ දකුණු අතට තුවාල සිදුවී ඇති අතර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ භාර ප්‍රධාන ජේලර්වරයාගේ උපදෙස් මත නියාමකවරයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.