IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රිනවුන් - යුද හමුදා අවසන් පූර්ව තරගය අද

අර්බුදයට ලක්වූ පොලිස් පිල හා යුද හමුදා පිල අතර තරගයේ ජයග‍්‍රහණය යුද හමුදා පිලට ප‍්‍රදානය කිරීමට ගත් තීරණයත් සමග එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ යුද හමුදා පිල හා රිනවුන් පිල අතර දෙවැනි අවසන් පූර්ව තරගය අද (8) පස්වරු 3.30ට සිටිලීග් පිටියේදී පැවැත්වේ. එම තරගයේ ජයග‍්‍රහණය ලබන කණ්ඩායම හා නාවික හමුදා කණ්ඩායම අතර තරගාවලියේ අවසන් මහා තරගය නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමට පාපන්දු සම්මේලනය අපේක්ෂා කරයි. කෙසේ වුවත් අවසන් මහා තරගය මෙම 18 වැනිදා නාවලපිටියේදී පැවැත්වීමට කලින් නියම කර ගත්තත් එය කල්දැමීමට සිදුව ඇතැයි පාපන්දු සම්මේලනයේ මාධ්‍ය අධ්‍යක්ෂ රුක්මාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. යුද හමුදා කණ්ඩායම ගිය වර තරගාවලියේ ශූරතාව දිනා ගත් කණ්ඩායමයි. ඔවුන්ට අද මුණ ගැසෙන රිනවුන් ක‍්‍රීඩා සමාජය 2003 වසරේදී අවසන් වරට එෆ්.ඒ. කුසලාන දිනා තිබේ. දැනටමත් අවසන් මහා තරගයට එක් පසෙකින් තේරී සිටින නාවික හමුදා කණ්ඩායම වසර 2010දී කුසලාන දිනා ගැනීමට සමත්ව තිබේ. ඔවුන් අවසන් පූර්ව තරගයේදී ප‍්‍රබල රත්නම් කණ්ඩායම පරාජය කිරීමට සමත් විය. රත්නම් කණ්ඩායම පස් වතාවක් එෆ්.ඒ. කුසලාන දිනාගත් කණ්ඩායමයි. අර්බුදයට ලක්වූ පොලිස් - යුද හමුදා සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ ජයග‍්‍රහණය යුද හමුදා පිලට ප‍්‍රදානය කිරීමට ගත් තීරණයට එරෙහිව පොලිස් පිල ක‍්‍රීඩා ඇමති වෙත ගොනු කළ විරෝධතාවයක් ද ප‍්‍රතික්ෂේප විය. 65 වැනි විනාඩියේදී අත්හිටුවීමට සිදුවූ තරගය නැවැත එතැන් සිට පවත්වාගෙන යාමට පාපන්දු සම්මේලනය ගත් තීරණය පොලිස් පිල අභියෝගයට ලක් කරමින් ක‍්‍රීඩා ඇමැතිවරයාට පැමිණිලි කර සිටියේය. ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ත‍්‍රි පුද්ගල කමිටුවක්ද ඇමැතිවරයා පත් කළ අතර ඔවුන්ගේ තීරණය වී ඇත්තේ පාපන්දු සම්මේලනය ඒ සම්බන්ධයෙන් කටයුතු කර තිබෙන ආකාරය ගැන සෑහීමකට පත්වන බවත් තරගයේ ජයග‍්‍රහණය යුද හමුදා කණ්ඩායමට පිරිනැමීමට නිර්දේශ කෙරෙන බවත් ය. කෙසේ වුවත් පොලිස් ක‍්‍රීඩා සමාජයේ පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ ක‍්‍රීඩා ඇමැතිවරයා යුද හමුදා පිල හා රිනවුන් පිල අතර පසුගිය සෙනසුරාදා (4) පැවැත්වීමට යොදාගෙන තිබූ අවසන් පූර්ව තරගය අත්හිටුවීමට නියම   කළේ ය.



අදහස් (0)

රිනවුන් - යුද හමුදා අවසන් පූර්ව තරගය අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site