ගලෙන් බිඳුනුවැව, රඹෑව, තිරප්පනේ, කැකිරාව, ඉපලෝගම හා කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් හය දෙනෙකු ගොනුකළ පෙත්සමක් අනුව ලබන 20 වැනිදා වන තුරු ඔවුන් පක්‍ෂයෙන් නෙරපීමට හෝ විනය ක‍්‍රියාමාර්ගයක් ගැනීම තහනම් කරන බව කොළඹ සිවිල් අභියාචනාධිකරණය විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ හා එජාප මහ ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුනට එරෙහිව ලබන 20 වැනිදා තෙක් අතුරු වාරණයක් නිකුත් කෙළේය. මහින්ද රාජපක්‍ෂ ජනපති සමග ඡයාරූපයකට පෙනී සිටි නිසා පක්‍ෂය තමනට එරෙහිව විනයානුකූලව ක‍්‍රියාකළ හැකි බවත් කියමින් ඔවුහු එල්.ටී.බී දන්දෙණිය හා සී.ජේ මඩවල යන විනිසුරුවරුන් හමුවේ මේ පෙත්සම ගොනු කළහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රනිල්ට/අත්තනායකට වාරණයක්
ගාමිණී කුවේට් Monday, 06 August 2012 09:27 PM
ඔහොම කේන්ති යනවා නම් නායකකම් කරන්න අමාරුයි.මීට වඩා ඉවසිලිවන්තව කටයුතු නොකළහොත් ඉදිරි ප්‍රතිඵල මීට වඩා බැරෑරුම් වේවි යාකතතුමනි.
ජනක - බහරේන් Tuesday, 07 August 2012 02:04 PM
මේකට තමයි යූ.එන්.පී. යේ ආශ්චර්යය කියන්නේ. (නි)
උපාලි Monday, 06 August 2012 10:06 PM
පක්ෂයක විනය අකුරටම තිබිය යුතුයි. (අ)
තිලක් Tuesday, 07 August 2012 06:04 AM
මාරයිනෙ පින්තුරයකටවත් ඉන්න තහනම් (ත)
නලීන් Tuesday, 07 August 2012 09:28 AM
පුහ්... (නි)
ලලිත් – කටාර් Monday, 06 August 2012 02:45 PM
මේක පින්තුරයක් විතරයි. මොකටද වැඩිය හිතන්නේ (දී)
චමින්ද Monday, 06 August 2012 02:57 PM
දුකයි නේද රනිල් මහත්තයෝ .... ඔහොම එකට ෆොටෝ ගත්තම... (දී)
රෝහිත Monday, 06 August 2012 03:02 PM
රනිල් අන්කල් දැන්වත් ගෙදර යන්නකෝ පක්ෂේ ඉතුරු ටිකදෙනත් නැතිකරන්නේ නැතුව . (දී)
කවි Monday, 06 August 2012 03:07 PM
රනිල් මහත්තයා කරන්නේ ඇත්තේ මහින්ද මහත්තයා එක්ක ෆොටෝ වලට පෙනීසිටින එක විතරයි නේ . (දී)
සමර දිවාකර Monday, 06 August 2012 03:05 PM
මේ පාර කොපි එක ඒ තරම්ම වැඩකරලා නැහැ වගේ (දී)
චතුල වෙරෝනා Monday, 06 August 2012 03:09 PM
ඉතින් ෆොටෝ එකක් ගත්තට මොකෝ වෙන්නෙ සමහරු කෝපිත් බීල එන්නෙ. (දී)
දයා ,සෞදි Monday, 06 August 2012 03:13 PM
අනේ .. රනිල් මහත්තයෝ .. ඔහොම කලොත් නම් ඉතින් බින්දුව තමයි . (දී)
ප්‍රවීන් - මැනිලා Tuesday, 07 August 2012 11:56 AM
ඔන්න යූ.එන්.පී. එකේ ප්‍රජාතන්තවාදය. (නි)
සහෙර් දවූඩ් Monday, 06 August 2012 03:27 PM
මෙහම ගියොත් පිල් මාරු කරලා මොනවා වෙයිද (දී)