
(ආරියරත්න රණබාහු)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දැක්වීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු විරෝධයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය
එහෙත් ඉදිරි ජනාධිපතිවරණයේදී කරන්නේ කුමක්දැයි පිළිබඳව පක්ෂය තවම ත් අවසාන තීරණයකට පැමිණ නැතැයිද ලේකම්වරයා කීය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සියලුම ප්‍රශ්න අවසන් කරගෙන ඇති බව පැවසූ ලේකම්වරයා ගම් මට්ටමේ සිට පක්ෂය නැවත ශක්තිමත් කර ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වෙමින් සිටින බවද පැවසීය
මේ වන විට නොයෙකුත් සන්ධාන බිහිවෙමින් තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව විශාලම සන්ධානය ගොඩනගාගෙන ඇතැයි කී දිසානායක මහතා විශාලම සන්ධාන බිහිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීර්ඝ ඉතිහාසයක් ඇති හෙයින් එය අලුත් දෙයක් නොවන බවද කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර ඇති අතර එහි වැඩ බලන සභාපති වැඩ බලන ලේකම් සඳහා මේ වන විට අධිකරණය මගින් දිගින් දිගටම වාරණ නියෝග ය පනවා ඇතැයිද කීය.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා නව නිලධාරි මණ්ඩලයක් පත්කරගෙන ඇති බවත් ඒ අනුව වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා කටයුතු කරන බවත් ඔහු කීය.
කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථනයේ ඊයේ පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ලේකම්වරයා මෙම අදහස් දැක්වූ අතර පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ය ලසන්ත අලි ගෙවන්න මහතා ද අදහස් දැක්වීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සබීතාද කිව්වේ?
පස් වතාවක් අගමැතිකම් කෙරුවා. පිනට ජනාධිපති වුණා... නහින දෙහින කාලේ. බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවන් හදන්නේ රනිල්ගේ පිහිටෙන් ගොඩ යන්න පුළුවන් කියලා...
වාසියට එහාට මෙහාට පනින ඔහෙලා එක්ක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ යන්න සූදානම් වෙයි කියලා හිතනවද?
නිමල් ඇමැති වෙලා නොහිටපු දවසක් කියන්න 94න් පස්සේ..
මේ ඔක්කොම එකයි කියන්න තව සාක්ෂී ඕනද? මේ හොරු රැළ එක එක ආරක්ෂා කරගන්නවා. අහිංසක මිනිස්සු රැවටෙනවා.
ලංකා දේශපාලුවන් කියන්නේ වාසිය වෙනුවෙන් ඕනෑම පාහර වැඩක් කිසිම හිරිකිතයක් නැතුව කරලා මිනිසුන් ඉස්සරහට සුදනෝ වගේ එන ජාතියක්. හැබැයි ඒ වගේම මිනිසුන් ගොනාට අන්දලා ඡන්දේ ගන්නත් ඔවුන්ට පුදුම හැකියාවක් තියනවා. මහජනයා කියන්නේ ඕනෑම ජාතිකයෙකුට රැවටෙන්න පුදුම ආසාවක් තියන ගොන් හරක් රංචුවක්. ඔය දේශපාලුවෝ ඒ බව හොඳටම දන්නවා.
ඔව් ඉතින් තනතුරු නැතිව ඉන්න අමාරු වෙයිනේ..
නරකද කට්ටිය ම යූඇන්පි එකට ගියා නම් .
මේ නාකි නිදිමතය හැර වෙන මිනිස්සු නැද්ද ඡන්දෙ දෙන්න
ලංකාවේ දේශපාලන පක්ෂවලට කිසිදු දර්ශනයක් ප්‍රතිපත්තියක් වැඩපිලිවෙලක් නැත. මැතිවරනයෙදි තමන්ට ලැබෙන වාසිය බලල යකාට හරි එකතුවෙලා බලය ගන්නමයි කල්පනා කරන්නෙ. දේශපාලනයකරන්නේ බඩවඩා ගැනීමට මිසක් රට හැදීමට නොවේ.
හොරු රොත්තම එකට එකතු වෙන එක හොදයි.
අද පොහොටුවෝ ටික හරියට නයා මැරිච්ච අහිගුන්ටකයෝ වෙලා. මේ ගොල්ලොත් ඒ රැහේම හිටපු අය තමයි. මේ ගොල්ලෝ හැමෝටම තම තමන් කරන්නේ මොනවාද කියල හිතා ගන්න වත් බැහැ. දැන් හැමෝම ගොඩ ඉන්න හිතන් ඉන්න අලියාගේ නගුටේ එලිලා. එතන මේ ගොල්ලන්ට හරිම සුගන්ධවත් තැනක් වෙලා. ඉස්සර අලියා ඈත එනකොටත් කිව්වේ ෂිට් ගෙරියා ගඳ විතරක් කියලා. දැන් සුවඳ වෙලා. මේක දන්නා රනිල් දැන් මේ කට්ටියම සුවච කීකරු බලු බල්ලෝ රැලක් ගානට තමන්ට ඕනි ඕනි විදියට ඉන්ජු ඉන්ජු කියලා හසුරුවනවා. ඕනි තැනක ඕනි එහෙකට අත උස්සනවා කකුල උස්සනවා වලිගෙ වනනවා ඕනි එකක් ලෙවකනවා.
මුන් නම් මිනිස්සු වෙන්න බෑ. කිසිම ප්‍රතිපත්තියක් නැති බලය වෙනුවෙන් ඕනෙම පහත් වැඩක්, ඕනෙම පාවදීමක් කරන්න සුදානම් වෙලා ඉන්නේ.
සිරා කියන්නෙ වැඩකටම නැති එකෙක් 1993 ඉදලම මහවැලි කාලා මුලු පරම්ලරාවම ගොඩදම්ම. ඇගට නොදෙනි මේ රටේ සම්පත් හොරාකාපු එකෙක්.
රොස්මිඩ් වලව්වයි, කොල්ලූපිටියේ වලව්වයි එකතුවෙලා මුල ඉදලම ගේම ගැහුවේ ඕකට තමයි, මුලින්ම සිරිපාලලා අමරවීරලා සිරිසේනට ලංවෙලා දයාසිරිව පැන්නුවා ඒ දයාසිරි පූද්ගලිකවම රනිල් විරෝධියෙක් නිසා. ඊට පස්සේ චන්ද්‍රිකා දමලා හිටංගේ සභාපතිකමට ගේම දුන්නා, දැන් පක්ෂයේ නායකත්ව නිදිපාලට ලැබිලා මිනිහා ඇහැරිලා හිටියත් නිදාගෙන හිටියත් ආණ්ඩුවේ ඇමතිකමක් විතරයි මිනිහටයි එයාගේ කල්ලියේ අනිත් එවුන්ටයි ඕනා. රනිල් නොවෙයි පිල්ලයාං ජනාධිපති උනත් උන්ට කමක් නැහැ.
ඕකට නේ කැරකුණේ... මම කිව්වේ කැට තියලා. මෙයාලා රනිල්ගේ කරේ නගිනවා කියලා...
බුදු අම්මෝ ලොකු කටිටියක් ඇති...!