පාර්ලිමේන්තු ඉතිහාසයේ 2001 න් පසු ගම්පහ දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මින් සුළු මෙහොතකට පෙර ගම්පහ පත්තල ගෙදර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ මාධ්‍ය අමතමින් පැවසුවේය.
‘‘ගම්පහ දිස්ත්‍රික්කයෙන් අඩුම තරමේ මන්ත්‍රී ආසන 10 යක් වත් එක්සත් ජාතිකපක්ෂයට ලැඛෙයි කියා අපි හිතනවා.
අපි ගම්පහ දිස්ත්‍රික්කයට සංවර්ධන සැලැස්මක් හැදුවා. ඒ අනුව ජනතාවට වු පොරොන්දු සියල්ලම ඉටුකරමින් ගම්පහ දිස්ත්‍රික්කයට ඉතා හොඳ සේවයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
අපිට මන්ත්‍රීවරු 113 කට වඩා වැඩි සංඛ්‍යාවක් ගන්න පුලූවන් කියා දැනට තියෙන ආරංචි අනුව කියන්න පුලූවන්.
ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයට ශක්තිමත් ආණ්ඩුවක් හදන්න පුලූවන් වෙයි කියා අපි හිතනවා.‘‘
(ඡායාරූප හා වීඩියෝව දීපා අදිකාරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ පැතුම් එලෙසම ඉටුවේවා! (නි)
බොරුවට, වංචාවට, මර බලයට රටේ ජනතාව හැමදාම නොරැවටෙන බව මනාව පැහැදිලිවන මැතිවරණ ප්‍රතිපලයක් ලෙස ඉතිහාස ගතවේවි. ජනතාවට දුන් යහ පොරොන්දු එසේම ඉටුකරන්න එක්සත් ජාතික පෙරමුණු රජයට හැකිවේවා! (ම)