(වීඩියෝ සහිතයි)
පාර්ලිමේන්තුව විසිරැවීමට පෙර නියත වශයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන අගමැතිවරයකු පත් කර ගන්නා බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
බහුතරය සිටින්නේ විපක්ෂයට බැවින් නුදුරේ දී අගමැතිට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කතානායකට බාර දෙන බවත්, පෙර යෝජනා මෙන් මෙය හමස් මල්ලට නොදමා විවාදයට ගනිතියි බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.
ඡන්දයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වුවහොත් අගමැති ලෙස පත් කරන පුද්ගලයාගේ නම හෙළි කරන බව ද ඔහු සඳහන් කළේය.
බස්නාහිර පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල -
‘ඉදිරි මහ මැතිවරණයෙන් අපට පහසුවෙන් ජය ගත හැකියි. දෙමළ ජාතික සන්ධානයට ඇත්තේ ඡන්ද ලක්ෂ හතක් පමණයි. ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ පහක් ගනියි. එක්සත් ජාතික පක්ෂය, හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ මුස්ලිම් පක්ෂ එකට ඉල්ලුවොත් ලක්ෂ 50ක් විතර ගනියි. මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ගත් ලක්ෂ 57 ඒ විදියටම අපට තිබෙනවා. යහපාල ආණ්ඩුවේ ක්‍රියා කලාපය නිදා තවත් ලක්ෂ දහයක් පමණ ඊට එකතු වෙනවා.‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බෞද්ධ රටේ බෞද්ධයන්ට ඕනෙම ස්ථානයක රැස්වෙන්න පුළුවන් (බ)
මුන් වැඩක් කරන්නෙත් නෑ , කරන එකෙකුට කරන්න දෙන්නෙත් නෑ (බ)
තාත්ත වගේ මෙයා මීලග යු.එන්.පී රජයේ ඇමති කමක් ගන්නවාමයි (නදී)
ඔය මහත්තුරු කියන්නේ රට වගේ දැන් රට ආපස්සට තමයි යන්නේ. ජනරජයක සිට, ස්වාධීන කොමිෂන් සභා ඇති කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ගමන හරවල 18 ගෙනත් රට කන්න ගියපු ගමන නවත්තල ආපස්සට යනවා දැන්, අර තිබුන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයය දක්වා. එතන සිට තමයි අලුත් ගමනක් අරඹන්න පුළුවන්. දැන් ආපස්සට ගිහින් හරි පීල්ලට දාගෙනයි ඉස්සරහට යන්න ඕනේ. මෙහෙම ඉස්සරහට යන්න බැහැ. ආපස්සට වුනත් හරි තැනටයි යන්නේ. (බ)
රුවන්,මේ කට්ටියට ආසන නැහැ. ලැයිස්තුවෙන් ආපු කට්ටිය .එ්කනේ ප්‍රශ්නය. (නදී)
බලයට තියෙන තණ්හාව දැන් වැඩි වෙලා විපක්ෂයට (ම)
මේ යහ පාලන ආණ්ඩුව ලබන මහ මැතිවරනේදී යම් හෙයකින් බහුතරයක් ලබාගත හොත් ඔවුන් උතුරු නැගෙනහිරට වෙනම පරිපාලනයක් ගෙනයාමට හෝ ඉඩම් හෝ පොලිස් බලතල ලබා දීමට පියවරගෙන,බෙදුන්වාදීන් සතුටු කිරීමට නිසැකව පෙලබෙනවා. එනිසා මොවුන්ව පරාජය කිරීමට දේශ මාමක බලවේග ඉදිරියට පැමිණිය යුතුවේ. (නදී)
ඉතින් ඒ හීනෙ දකින්න දෙන්න. ඇයි මේ කලබල වෙලා. (බ)
පිනා ආණ්ඩුව ගෙදර යවනවට කට්ටිය කැමති නැහැ වගේ ..අපිටත් දුකයි . .අනේ ඉදල ඉදල පෙරුම් පුරලා අතට ගත්ත එක එවෙලේම මහමැතිවරණයක් තියල කටට දාගන්නේ නැතුව තව හැඩ බලන්න ගියා..දැන්නම් ඉතින් සොරිම තමයි..(බ)
සමන්ති අපේ ජනාධිපති තුමාගේ තාත්ත කොහෙද හිටියේ එතකොට (බ)
දිනේෂ් ගේ කතා තමාව ජාතක කළ ශ්‍රේෂ්ඨ පියාටත් නින්දාවක්. මහින්දට කඩේ යාම හැර ඔහු කළ දෙයක් නැහැ. වීර නොවන වංශ ලාත් ගම්මන් පිල්ලෙලාත් වාසු ලාටත් මහින්දගෙන් තොර ආත්මයක් නැහැ. බාලාංශයේ 1 1=2 ගණන් හරහා පාර්ලිමේන්තුවට බඩ ගාන්න මේ කරන දීන ප්‍රයත්නය හාස්‍යය ජනකයි. පරදිනකම්ම ඔහොම යන් (නදී)
ලක්ෂ 57ක් ඡන්දෙ දුන්නේ හොඳට දුර දිග බලලා. රට සංවර්ධනය කරන්න කියලා. එල්ල වුණු චෝදනා ගණනකට නොගත්තේ රට දියුණු වෙනවා දකින්න ආස නිසා. නැති නම් විෆි වලටවත් බඩ ගැන හිතලවත් නෙමෙයි.(අ)
ඡන්දෙ දෙන්න යන්නේ අන්ධ,ගොළු, බිහිරෝ කියල හිතලද මේ කියවන්නේ. හීන දකිනවා. (අ)
යහපාල ගිය ආණ්ඩුවට රෙදි හෝදලා හෝදලා අන්තිමේදී නමත් මාරුකර ගන්න සිද්ධවුණා.ඊළඟ ඡන්දෙ පරාදවුණ ගමන් ඔලුවත් මාරුකරන්න වෙයි (නි)
කල පින් මද නිසා පව් අපේ අගමැති යන්න යනවා විස්වාසබන්ගයෙන්... (ර)
දේශපාලන අනාතයෝ මරු දකිනවා යහපාලනයේ ඉන්න (ම)
චානක මහත්තයෝ,මේ 70/80/90 දශක නෙමෙයි.සන්නිවේදන තාක්ෂණය ගොඩක් දියුණු කාලයක්.කතිරේ ගහන අයගේ කතිරේ බලපෑම් වලින් අල්ලස් වලින් වෙනස් කරන්න බැහැ.කතිරේ ගහන අයගේ අතින් අල්ලලා කවුරුවත් එතන කතිරේ ගස්සන්නේ නැහැ.ඔය ලක්ෂ 58 මහින්ද මහත්තයාගේ එක පෝස්ටරයක් රැස්වීමක් දැක්කේ නැති වුණත් එතුමාට ඡන්දෙ දෙන අය.ඔයාලා ඔහොමම හිතාගෙන ඡන්දෙ කරන්න.අපි බලමු 58 ද 62 ද අඩුවෙන්නේ කියලා (නි)
කෝ මේ සුමුදු හේවාට මොකද වුනේ ? දේශපාලන සංවාද මණ්ඩපයේ පසුගිය දවස් ටිකේම දැක්කේ නැහැ. (ස)
චාමික ගේ කටේ මසුරන් දාන්න ඕනෑ! ආයෙත් ඡන්ද ලක්ෂ 57 ක් ගන්න ඉතින් කාල යන්ත්‍රයක් හදන්න වෙනවා ආපස්සට යන්න (නි)
කළ යුතුමයි. (අ)
රනිල්ට මොනවා වෙයිද? (නි)
ජෝ,වැඩකරන ආණ්ඩුව හැටියට ගත්තේ දැන් තියෙන එකද? එහෙම නම් කාලෙකින් ලංකාවට ඇවිත් නැහැ වගේ. (නි)
නමුත් පසුගිය රජයෙන් ගසාකෑවා යැයි කියන රුපියල් කෝටි 27,000 ක් කියන්නේ කජු ඇටවත් කොස් ඇටවත් නෙමෙයි. (නි)
අමුතුවෙන් පාර්ලිමේන්තුවෙන් විශ්වාසභංගයක් ගේන්න ඕනෑ නැහැ. ජනතාව එයා ගැන තීරණයක් ගනියි. අපිත් යහපාලනයට ඡන්දෙ දුන්නෙ අවංකවම. ඒත් ඒ යහපාලනය සමහරු යමපාලනයක් කරගෙන. (නි)
මොනවා කළත් මහජනතාවනේ රැවටෙන්නේ (නි)
දිනේෂ් මහත්තයාට වයසට යාමයි වයස්ගතවීමයි කියන දෙකම බලපාලා තියෙන හැඩයි. දැන් ඉතින් සිහින දකින්නේ නැතුව බණක් අහලා භාවනාවක් කරලා ජීවිතය සැපවත් කරගන්න උත්සාහ කරන්න (නි)
මෙන්න හොඳට බලාගන්න අපේ රටේ සමාජවාදියෝ කියලා කියාගන්න,ඒකාධිපති පවුලක් නැවත බලයට ගෙන්න දඟලන කට්ටිය ගැන. (නි)
රොහාන් ද සිල්වා දේශපාලනය පන්සලක කළාම මොකද අර මන්නාරමේ රායප්පු ජෝසප් කියන දේව ගැතිතුමා කොටින්ව රෙද්ද අස්සේ තියාගෙන උන්නේ අවි අායුද එක්කම ඒවා පෙනුනේ නැද්ද දැනටත් කොටින්ට කඩේ යනවා ඒවත් නවත්තන්න ට්‍රයි කරන්ඩ මමත් කතෝලික නමුත් පාට කන්නාඩි දන්නේ නෑ. (බ)
අනේ අනේ පිවිතුරු! (නි)
දිනේෂ් ඔබ ඔබගේ පියාගේ නමත් කැත කරන්න එපා. ප්‍රතිපත්තියක් නැති දේශ ද්‍රෝහී කණ්ඩායම් සමග එකතු වෙලා පමණක් නෙවෙයි ඔවුන්ගේ කුණු හෝදන වැඩෙත් බොහොම අපූරුවට කරන්නේ සහජාත පුත්‍රෙයක්ද කියලත් සැක හිතෙන විදියට. ලෝකයේ ද්‍රෝහීන්ගේ ලැයිස්තුවට ඇතුල් කිරීමට ලංකාවෙි ඉන්න දේශපාලකයින් බොහොමයක් සුසුසුකමි ලබලා තියනවා. රනිල් රට ගැන හිතනවා,හොරකම් කරන්නේ නෑ දර්ෂණයක් තියනවා ඔහුට මෙි වෙලාවෙි අවශ්‍ය සහයෝගයක් දූෂණයෙන් තොර රටක් ගෙන යන්න. ජනතාව සැමදාම මුලාකරන්න බෑ.රනිල්ට තරම්ම වයස ඇති රටේ දේශපාලන චරිත වලින් අපි අහන්නේ ඔය කාටවත් රටට අවංකව කියන්න පුලුවන්ද මේ රටට වැඩක් සේවයක් කළා රට විනාශ කලේ නෑ කියලා. කෝ කවුරුත් නෑ...ඉතිං තවත් රට විනාශ කරන්න ජනතාව කාටවත් ඉඩ දෙන්නෑ. අපිට අපිගැන බලා ගන්න හොදටම පුලුවන්. (බ)
චමින්ද,දැන් තිබෙන ආණ්ඩුව හොඳයි. මම කිව්වේ පෙරළන්න හදනා අයට (නි)
මහින්දට, දිනේෂ්ට, ගම්මන්පිලට, වීරවංශට, වාසුට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි ඊළඟ මහ මැතිවරණයෙන්. ලක්ෂ 57 නෙමෙයි ලක්ෂ 30ක්වත් ගන්න ලැබෙයිද දන්නෙ නැහැ. ඔය කට්ටිය ඇතිතරම් හීන දකින්නකෝ. අපි හීන සැබෑ කරලම දෙන්නම්. (නි)
දිනේෂ් මහත්තයා ජලසම්පාදන ඇමති වෙලා අවුරුදු පහකට වඩා හිටියා. එයාගේ ආසනේ ඒ කියන්නේ අවිස්සාවේල්ල ආසනේ අරුක්වත්ත වත්ත ගමට ජල බිදක් දෙන්න බැරි වුනා. ඡන්දයක් කිට්ටුවෙන කොට හෙන්චයියෙක් ගෙන්නලා ගමේ කඩ ගානේ පෝස්ටරයක් අලවනවා '' ඉදිරි කාලයේ ජලය ලබා දීමට ඇමති තුමා කටයුතු කරනවා " කියලා. එච්චරයි . අදත් ගමේ මිනිස්සුන්ට පානීය ජලය නෑ. 2000කට විතර. එහෙම මිනිහා රටට වැඩක් කොරයි ද? (බ)
අප්පුහාමි මහත්තයෝ,කොහොමත් දැන් රට ආපස්සට තමයි යන්නේ. (බ)
සෙන්සා,ලෝකයේ දේශ ද්‍රෝහී කණ්ඩායම් හා ද්‍රෝහීන්ගේ ලැයිස්තුවට ඇතුල් කිරීමට ලංකාවෙි ඉන්න දේශපාලකයින් බොහොමයක් සුසුසුකමි ලබලා තියනවා. රනිල් ලැයිස්තුවේ මුලටම ඉන්නේ. (බ)
හීන දකින්නෝ! (නි)
අනේ ජොනී. ලක්ෂ 107ක් අනිවාර්යෙන්ම ගන්නවා කීවම මට කලන්තේ වගේ. එක්කෙනාට ලක්ෂ 10 ගානේ ? ඒ තරමට මේ රටේ මිනිස්සු මෝඩයිද ජොනී? ඔයාටත් ඒ අයත් එක්ක හීන දකින්න ආසාවක් තියෙනවනේ. (ම)
මෙතන කොමන්ට් දාන අය ‘‘තහනම් කොටියාට පණ දෙන්න හදයි‘‘ ලිපියත් කියවන්න. (ම)
අගමැති ප්‍රශ්නයට කලින් තමුන්ලාගේ ආසන ටික බේරා ගන්න හැටි කල්පනා කලොත් හොඳයි නේද ? මහින්දට ඡන්ද ලැබුනා කියලා ලඟින් වාඩි වුන අයටත් ඡන්දෙ ලැබේවි කියලාද හිතන් ඉන්නේ ? (නදී)
ආණ්ඩුවට කඩේයාම නවතනු! (නි)
පෙරේරා, දිනේෂ්ට, ගම්මන්පිලට, වීරවංශට, වාසුට ,ජී.ඇල්ට මීළඟ මැතිවරණයෙන් එක අයෙකුට ලක්ෂ 10 බැගින් ගත්තොත් මහින්දගේ ලක්ෂ 57 සමඟ ලක්ෂ 107 ක් ගන්නවා ගන්නවාමයි. (නි)
ඉස්සෙල්ල තමන්ට නාම යෝජනා දෙන පක්ෂයක් හොයා ගත්තොත් නරකද?(නදී)
ඇයිද මෙතුවක් කල්, කල් මර මර සිටියේ. මහජනතාව බලා සිටින්නේද එයමයි. දැන් ඉන්න අගමැති තුමා අනුන් කල දේවල් කියපු දේවල් ගැන විවේචනය කර කර ඉන්නවා සංවර්දනය ඉදිරි දැක්මක් ගැන කිසිම හා හුවක් නැහැ. (නදී)
අනේ දිනේෂ් උන්න වගේම ඉන්න. දැන් අමාරු ඇති වින්ද සැප නැති වෙද්දී. මොනවද රටට කරලා තියෙන්නේ. ජනතාව වෙනුවෙන් කරන එකම දේ කාට හරි කඩේයන එක විතරයි. ජනාදිපතිතුමනි ඔබට නිදහස් පක්ෂ රජයක් ඕනෙනම් ඡන්දයට නිදහස් පක්ෂයෙන් තනිවම ඉල්ලන්න. පොදු පෙරමුණේ ඉන්න හොර නඩේ ගාව ගන්න එපා (නදී)
කස්ටිය අලිය කඩේ ගියාට තිබ්බටත් වඩා රටේ ප්‍රශ්න වැඩිවෙලා. දුසණය නැතිකරලා බඩු අඩුවට දෙනවා කිව්වා කෝ කෝ කෝ ලැජ්ජයි ලැජ්ජයි (නදී)
මේ මිනිස්සුන්ට පිස්සුද හැටිද? ඡන්ද දායකයා ගැන ගනන් හදලා තියෙන්නේ බාලංශ පංතියේ වගේ. නැවත පාසැල් ගිහින් ඉගෙනගන්න (නදී)
"මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න - ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න.....//"(නදී)
යද්දෙහි ආරච්චි, නමුත් බුද්ධියෙන් විමසා බැලිය යුතුයි (නි)
දේශපාලන අනාතයෝ මරු කියවති.(නදී)
මෙයා දවල් හීන දකිනවා. පුලුවන්නම් ඔබතුමා තනියෙන් ඉල්ලලා ආසනය දිනලා පෙන්වන්න. අපිට ඕනි රට හදන්න බුද්දිමත් පිරිසක් එහෙම නැතිව හොරු මංකොල්ල කාරයෝ දුශිතයෝ රජ කරවන්න නෙමෙයි. මේ යන විදිය හොඳයි ඉදිරියේදී ලෝකේ සහයෝගයත් එක්ක හොඳ සංවර්දනයක් කරන්න පුළුවන්. (නදී)
ලක්ෂ 57 ගත්ත හැටි ...චාමික හොඳට පෙන්නලා දීල තිබෙනවා .....ඔවුන්ට අායිමත් ලංකාවේ ඡන්දයක් ඉල්ලන්න අයිතියක් නැහැ ......රටේ කර තිබෙන නීලකාස හොර වැඩ වලට මොවුන් සුදුසු වැලිකඩ,,,මහර හෝ බෝගම්බර පමණයි (බ)
සද්දෙට කඳු පාත් නොවේ (ම)
දේශපාලන අනාතයෝ දෙපලක් පිංතුරයේ දැකිය හැකිය.(ම)
රනිල් මේ ගැන මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
යන එන මං නැතිවුණාම , දේශපාලනයෙන් බංකොලොත් වුණාම සමහරුන්ට ඔහොම කියනවා හිතනවා.එක එක මනස්ගාත කරනවා. දුකයි මේ කට්ටිය ගැන (නි)
දහනායක මහත්තයාගේ රැකෝඩ් එක කඩන්න වගේ මෙයා උත්සහ කරන්නේ. (නදී)
ඔය ලක්ෂ 57 ගත්තේ ජඩ වැඩ, මැර වැඩ, හොර වැඩ, බලු වැඩ එකී නොකී වැඩ ඔක්කොම කරලා. සිල් රෙද්දේ ඉඳලා වැසිකිලි කට දක්වාම බෙදලා. ඡන්ද රැස්වීමක් කරගන්න පිට්ටනියක් දුන්නේ නැතිව උදේ ඉදල රෑ වෙනකම් රජයේ මාධ්‍යවල පාලු ගෙයි වලන් බිඳලා, පුද්ගලික මාධ්‍ය වල වල විකාශන අවහිර කරලා, වේදිකා ගිනිතියලා මිනී මරල, අහිංසක කලාකරුවන්ගේ යටි බඩට පයින් ගහලා කරන්න තියෙන හැම බලුකමම කරලා දැන් ඒ බලු වැඩ නැතුව ලක්ෂ 57 ක් ආයේ ගන්න පුලුවන්ද ? (නදී)
සමහර අය කිසිම අදාළත්වයක් නැති දේවල් කියලා අගමැතිට බනිනවා.මහින්ද දැන් දේශපාලනයට එන්න හදන්නේ රටට ආදරෙන් නොවේ. රටෙන් හොරකම් නොකළ අයට මඩ ගහනවට අපි විරුද්ධයි (නි)
සමහර අය කිසිම අදාලත්වයක් නැති දේවල් කියල අගමැතිට බනිනවා. මහින්ද දැන් දේශපාලනයට එන්න හදන්නේ රටට ආදරයෙන් නොව තමාගේ හොරකන් වහ ගන්න පමණි. රටෙන් හොරකන් නොකරපු අයට මඩ ගහන එක හෙන ගහන වැඩක්. (නදී)
මීලග අගමැති මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන. හැබැයි තාත්ත අන්තිමට හිටියේ යු අැන් පි එකේ නේද? (නදී)
සිහින....(නදී)
හොඳයි හොඳයි අපි බලමුකෝ.... (නි)
අනේ අනිච්චන් මේ ගොල්ලෝ කරපු එක වැඩක් කියන්න බලන්න (ම)
ඉදිරි මහ මැතිවරණයෙන් පහසු ජයක් ගන්නේ අපි ඡන්දය දුන්නොතින්නේ .ලක්ෂ 57 ගත්ත හැටි චාමික කියල තියෙන්නේ හොදට. (ම)
ඔය දවස් ටික රනිල් මහත්තයට ඉන්න දීලා මහින්ද මහත්තයා සමග නව ගමනක් යන්න සැරසෙන්න. (ම)
මේ ආණ්ඩුව පත්කළෙත් අපි මේ ආණ්ඩුව ගෙදර යවන්නෙත් අපිමයි. ඒ ජනතාවට දුන්නු පොරොන්දු කඩකළ නිසා. අදහස් දාන එක නෙමෙයි වැඩේ. කඩේකට ගිහින් බලන්න බඩු මිල තිබුනාටත් වඩා වැඩිවෙලා. (නි)
මම කතෝලිකයෙක්. ටිකක් පැහැදිලි කරන්න බෞද්ධ සිද්ධස්ථාන තුළ දේශපාන වේදිකා හදන එක ලෝඋතුරා බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බෞද්ධ ධර්ම කොතෙක් දුරට එකඟද කියලා .පල්ලිය තුල නම් ඔවැනි දේවලට ඉඩක් නැහැ . (ම)
දවල් හීන දකින හොරු රැලක්, ආයේ රට කන්න හදනවෝ.(ම)