IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රනිල්ට වාරණයක්

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ කෘත්‍යාධිකාරී සාමාජිකයන් 85 දෙනකුට එරෙහිව ගල්කිස්ස දිසා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සළකා බැලූ දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වගඋත්තරකාර පාර්ෂවයට ලබන 22 වැන දා තෙක් බල පැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් නිකුත් කෙළේය. එදිනට අධිකරණයේ  පෙනී සිටින ලෙස දක්වමින් නොතිසි ද නිකුත් කෙළේය. වික්‍රමසිංහ මහතා තවත් හය වසරකට පක්ෂ නායකත්වයට පත් කිරීම සඳහා පසුගිය ජූලි 19 වැනි දා පක්ෂ ව්‍යාවස්ථාව සංශෝධනය කිරීම නීතිවරෝධී බව කියමින් එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රි නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලූ දිසා විනිසුරු එසේ නියම කෙළේය. පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රැස්වීමේ දී සම්මත කර ගන්නා ලද සංශෝධනය මුල සිටම නීතියෙන් බල රහිත බවට ප්‍රකාශ කරන ලෙසත් ඊට වාරණයක් නිකුත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.



අදහස් (0)

රනිල්ට වාරණයක්

කමල් Thursday, 09 August 2012 08:35 AM

මෙයාටද රට හදන්න භාර දෙන්නේ? (නි)

:       0       0

අප්පුහාමි Thursday, 09 August 2012 08:52 AM

රනිල් දෙපාරක්ම අගමැති වුණ එකේ දැන් වෙන කෙනෙකුට අවස්ථාව දුන්නානම් නේද හොද? (නි)

:       0       0

ෆයිසාර් Thursday, 09 August 2012 03:57 PM

දැන් හිටියා ඇති....(ස)

:       0       0

තිසර Thursday, 09 August 2012 09:09 AM

ඇත්ත දන්නවා හැමෝම.මොකද මෙයාලා කළ දේවල් ඉතිං ආයි අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. (නි)

:       0       0

ඩේවුඩ් Wednesday, 08 August 2012 03:28 PM

මේකේ තේරුම ඒ කියන්නේ, ඕනෑම පක්ෂයක නායකයකුට විරුද්ධව වාරණයක් ගන්න පුලුවන් කියන එකද? (නි)

:       0       0

සම්පත් Wednesday, 08 August 2012 03:39 PM

මෙතුමාව වාරණය කරන්න තිබුණේ මීට ගොඩාක් කලින්. (නි)

:       0       0

හේමන්ත Wednesday, 08 August 2012 03:44 PM

පක්ෂයට මෛත්‍රී කරන්නේ ගුණරත්න මහතා විතරයි. (නි)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Wednesday, 08 August 2012 03:46 PM

එක්සත් ජාතික පක්ෂ‍යෙ හැමෝම කවදා එක්සත් වෙයි මෙ සටන ඉවර වෙන්නෙ අපි වයසට ගිහියාමද ... * මෙහෙම ගිහිල්ලා කොහොමද බලය අල්ලන්නෙ ....? (වි)

:       0       0

මුනාස් Thursday, 09 August 2012 10:52 AM

කොපමණ හොද වුවත් ආණ්ඩුවක් පිහිටුවා ගන්න නොහැකි නම් රනිල්ගෙන් ඇති වැඩේ මොකක්ද? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 08 August 2012 03:54 PM

දැන්වත් 85 දෙනා නින්දෙන් නැගිටීවිද(වි)

:       0       0

වරුණ Wednesday, 08 August 2012 04:24 PM

විපක්ෂයේ රණ්ඩු ඇතිවන විට රජ මගුල් තියෙන්නේ කාටද? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 08 August 2012 04:28 PM

ගරු විපක්ෂ නායක තුමනි, ඔබතුමාට ඇයි පෙනෙන්නේ නැත්තේ ඔබතුමා මේ කරගෙන යන අපරාධය? ඔබතුමා රජයට උදවු කරනවා නම් ඇයි යන්නේ නැත්තේ ඒ පැත්තට? එතකොට මේ කලබල ඔක්කොම ඉවරයි නේ. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 08 August 2012 04:37 PM

දැන්වත් අපි විපක්ෂයත් එකතු කරගෙන සමගියෙන් මේ ගමන යමුද? (නි)

:       0       0

ගුණවෙල Wednesday, 08 August 2012 04:39 PM

අනේ මේ පක්ෂයට ගිය කලක්? (නි)

:       0       0

ගමගේ Wednesday, 08 August 2012 04:50 PM

වාරණ නෙමෙයි, අයින්ම කරලා දැම්මා නම් හරිනේ. (නි)

:       0       0

රොහාන් Wednesday, 08 August 2012 05:08 PM

රනිල් මහත්තයා නැත්නම් අද යූ.එන්.පී. යට මොනවා වෙලාද දන්නේ නැහැ. (නි)

:       0       0

පුලස්ති Wednesday, 08 August 2012 05:08 PM

යූ.එන්.පී. ඡන්ද දායකයන් කවදාවත් වැටෙන්නෙත් නැහැ. පස්සෙන් යන අයව නවත්වන්නෙත් නැහැ. (නි)

:       0       0

දිසා Wednesday, 08 August 2012 05:18 PM

රනිල් තමයි හොදම. (නි)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 08 August 2012 05:19 PM

අපි අපේ පක්ෂය පිරිසිදු කර ගනිමු. (නි)

:       0       0

සමන් කුමාර Wednesday, 08 August 2012 05:23 PM

දකුණු පළාතේ සමහර අයත් මේ වගේ තමන්ගේම කණ්ඩායමේ අයත් එක්කම තමයි හැප්පුණේ.හැමදාම කා එක්කහරි රණ්ඩුවක්. අන්තිමට යන එන මං නැතිවුණා. මෝඩකමේ කෙළවරක් නැහැනේ ඇත්තට. (නි)

:       0       0

බර්ටි Wednesday, 08 August 2012 05:27 PM

මට හිතෙන්නේ රනිල් මහත්තයා 14 වතාවක් පමණ පැරදුණු බව එතුමාට දැන් අමතක වෙලා ඇති. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 08 August 2012 05:42 PM

නායකතුමා, නායකතුමා ගැන බලා ගන්නකෝ. අපට පුළුවන් පක්ෂය හදා ගන්න. (නි)

:       0       0

රණසිංහ Wednesday, 08 August 2012 06:15 PM

අනේ රනිල් මහත්තයෝ,ඔයාට ඇත්ත තේරෙන්නේම ‍නෑනේ. අනේ මන්දා. (නි)

:       0       0

ප්‍රියරත්න Thursday, 09 August 2012 12:40 PM

අනේ ඔන්න ඕක දීලා දාලා‍ නිකන් ඉන්න රනිල් මහත්තයෝ. (නි)

:       0       0

නීලා Wednesday, 08 August 2012 07:07 PM

විපක්ෂ නායකතුමනි, මින්පසු පක්ෂයේ තනතුරු දෙනවිට දින රහිත ලිපියකට අත්සන් ගන්න. (නි)

:       0       0

රමණි Thursday, 09 August 2012 06:49 PM

ජනතාව කියන දේත් පොඩ්ඩක් ඇහුවොත් ඔබතුමාට ඔබතුමා ගැන ඇත්ත තේරෙයි. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 08 August 2012 07:25 PM

රනිල් මහත්තයව අමාරුවේ දැම්මේ කවුද කියලා රටම දන්නවා. (නි)

:       0       0

සේන Wednesday, 08 August 2012 07:32 PM

රනිල්ට මඩ ගහන්නේ වෙන අයගේ කොන්ත්‍රාත් භාර ගත්ත කට්ටිය. (නි)

:       0       0

හේරත් Wednesday, 08 August 2012 08:15 PM

රනිල් විපක්ෂයේ නායකයා වෙලා ඉන්නකල් අපේ ජනපතිතුමා රට පාලනය කරයි. (නි)

:       0       0

තිලක් Wednesday, 08 August 2012 08:17 PM

රනිල් ශ්‍රේෂ්ඨ නායකයෙක්; දෙවරක් අගමැති වුණ කෙනෙක්;. ශ්‍රී ලංකාවේ පළමුව නිවැරදිව උසස් පෙළ සමත් වෙලා, ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබපු නායකයා. වැඩිපුර ගල් ගහන්නේ පල ඇති රුකටනේ. (නි)

:       0       0

සුනිල් Wednesday, 08 August 2012 08:23 PM

රොහාන්, රනිල් මහත්තයා හිටියා කියලා පක්ෂයට මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ප්‍රවීන් Thursday, 09 August 2012 01:46 PM

ඕකට කියන්නේ බල තන්හාව කියලා....(ස)

:       0       0

රොහාන් Wednesday, 08 August 2012 10:58 PM

රනිල් වගේ නායකයෙක් තමයි අද කාලෙට ගැළපෙන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 09 August 2012 07:44 AM

රනිල්ට තියෙන්නේ ඔය කට්ටිය නිවාරණය කරන්නයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 905 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site