එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කර පක්‍ෂ නායක ධූරය වසර හයක් දක්වා දීර්ඝ කිරීම බලාත්මක කිරීම වළකාලන වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපළ මහතා අද (08) ප‍්‍රතික්ෂේප කෙළේය. බස්නාහිර පළාත් එ.ජා.ප. මන්ත‍්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමෙන් ඉල්ලා සිටියේ වාරණයක් නිකුත් කරන ලෙසයි. පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, මහලේකම් තිස්ස අත්තනායක ඇතුළු පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 86 දෙනකු මෙහි වගඋත්තරකරුවෝ ලෙස නම්කරනු ලැබ සිටිති. දිසා විනිසුරු වගඋත්තරකරුවන්ට එරෙහිව අතුරුතහනම් දැන්වීම් නිකුත් කළේය. පැමිණිල්ල ලබන 28 වැනිදා යළි කැඳවේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාරණ දෙන අයටම වාරණ දැම්මා නම් හොදයි නේද? (නි)
රනිල් මහත්තයා දිගටම රැදිලා ඉන්න එක කාට කාටත් හොදයිනේ. (නි)
මේව අපෙන් අහල කරන දේවල්යෑ? (නි)
අනිත් අයත් හොදයි.. රනිල් හොදායි..!!(නු)
අනේ මෙහෙමත් කෝළම්. (නි)
ඇයි මේ වාරණ දාලා තියෙන්නේ? (නි)
අපේ පක්ෂය රැක ගැනීමට කටයුතු කිරීම කාගෙත් යුතුකමක්. (නි)
මෙහෙම ගියොත් රැකගන්න පක්ෂයක් තියෙයිද කියන එක සැකයි .
කොහොමත් එයාට කොළඹ වාරණ දැම්මා කියලා වැඩක් වෙන්නේ නැහැ. (නි)
රනිල් මහත්තයා යූ.එන්.පී. එක නැත්තටම නැතිඋනා...!!(නු)
රනිල් මෙහෙම හරි පක්ෂය රැකගෙන ඉන්න එක ලොකු දෙයක්. ඔබසැම පක්ෂය වෙනුවෙන් එය රැක ගැනීමට එක්විය යුතුයි. (නි)
රනිල් නෙමෙයි කවුරු ආවත් ආණ්ඩුවට කාටවත් බලපෑමක් කරන්න බැහැ. (නි)
රනිල් මහත්තයා කතාකරන දේවල් අහනකොට හරිම සතුටක් දැනෙන්නෙ.. (නු)
කොළඹින් මෙහෙම වුණාට අනෙක් පැති වලින් කොහොම වෙයිද දන්නේ නෑනේ. (නි)
අනේ අම්මපා, ඇත්ත නේන්නම්. කියලා වැඩක් නැහැ. (නි)
අනිවාර්යයෙන්ම මෙතුමා ගෙදරට යවන්නද ඕනෑ? (නි)