අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ දිනයක් ලබාදෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

නව මැතිවරණ ක්‍රමයක් ඇතිකරන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් බස්නාහිර පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එහිදී අදහස් දක්වමින් කීවේය.

මනාප ක්‍රමය අහෝසි කරන 20 වැනි සංශෝධනය අත්‍යවශ්‍ය බවත් එයට දීර්ඝ කාලයක් ගතවන බැවින් ඊට පෙර මැතිවරණයක් පැවැත්විය යුතු බවත් ඔහු පැවසීය.

web11 web22