රනිල් වික්‍රමසිංහ අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනාව ගැන තව දුරටත් ක්‍රියා කිරීම නතර කරන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇතැයි දේශපාලන ආරංචි කියයි.
රනිල් වික්‍රමසිංහ අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනාව ගැන තව දුරටත් ක්‍රියා කිරීම නතර කරන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇතැයි දේශපාලන ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි.(හේ)
හොද වැඩේ ජාතික වශයෙන් වැදගත් තීන්දු ගතයුතු අවස්ථාවක පව්ද්ගලික නියාය පත්‍ර ඉවත දැමිය යුතුයි.(ම)
විශ්වාස බංග ඕනේ නැහැ ......එ්කෙන් පරද්දලා ගෙන්න හදන්නේ තවත් හොරෙක්ව නම් මොකටද මේ විශ්වාස බංග ......ජනතාව ඔවුන්ව එපා කියලා තිබෙන්නේ ...ඔවුන්ට තිබෙන්නේ අර හොරාකාපු ධනයෙන් හරි පැත්තකට වෙලා ජීවත් වෙන්නයි .....(බ)
අනේ...දන්නා කෙනෙක් කියාදෙන්න.මේකද ප්‍රජාතන්ත්‍රවාදය..??(ම)
පාර්ලිමේන්තුවේ නිදාගන්න, බුරුවා ගහන්න මත් වතුර බොන්න දුන්න නිදහස ද අවශ්‍ය (ම)
ඕක තමයි යහ පාලනය (බ)
රනිල් ගෙදර යනකම් බලන් ඉන්න අයට අබ සරණයි .....(ම)
ජනාධිපතිවරණ දෙකකින් පැරද වුණ කෙනෙක් කොහොමද ආයේ ලැජ්ජාවක් නැතිව අගමැති කමේ ඉන්නෙ.(ම)
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වැරදි තීරණ ගන්න උන්ට අවස්ථාව දෙන එක නෙමේ.රටට හොද දෙයක් වෙනවනම් කව්රු ආවත් අපිට කමක් නෑ (බ)
ලජ්ජා වෙන්න ඕන පැරදිලා තිබියදී මහා රාත්‍රී තව ඉන්නේ කොහොමද කියලා සුත්තර සොයන එකට . පැරදිලා නම්බුකාර විදියට ගෙදර යන එකට නෙවෙයි. (ම)
මෙයා නම් මරේ මරු. පක්ෂේත් පවා දීල (බ)
මෛත්‍රිපාල කරන්නේ එජාප කොන්ත්‍රාත්තුවක්.ඕකට කියන්නේ වහල ගැහීම. (බ)
මොකද යහපාලනය අනුව විස්වාස භංගය රනිල්ට විරුද්ධව ගෙන්න බැරිද?(හේ)
බහුතරයක් හොරු සහ දුෂකයන් ඉන්න පාර්ලිමේන්තුවක මොන ජනතා නියෝජිතයෝද... ඹක්කොම හොරු.(හේ)
විධායකය පාවිච්චි කරන්න අවශ්‍ය වෙලාවල් තියෙනවා .මේ එක අවස්තාවක් .හොඳ වැඩක් .(හේ)
බණ්ඩාර පරාජය යනු ජය මාවතයි .....!!!(ම)
මේ පොදු අපේක්ෂක නාඩගම මේ රට ඉවර කරලා තමයි පස්ස බලන්නේ.දෙන්නට දෙන්නා පිට කසා ගන්නවා.ලැජ්ජාවක් නැති පාලකයෝ.(ම)
මේක අත්සන් කළේ මෛත්‍රි මහත්තයාගේ කැමැත්ත ඇතුව නෙමෙයිනේ..එයාගෙන් ඒකට කැමැත්තක් ලැබෙන්නේ නැති බවත් කට්ටිය දන්නවනේ..එහෙනම් ඉතින් එයා එපා කිව්වට විශ්වාසභංගය ඒවි..(ම)
ආන් මේ අඟේ ඉඳන් කන කන කෙනානේ.ඕන එකක් කර ගන්න අපේ රට ඉතිරි කරලා.(ම)
එතකොට පාර්ලිමේන්තු ලේකම් වරයාට භාර දුන්නු ලියකියවිලි විසිකරලා දාලා නිකා ඉමූ රටට හෙන ගැහුවත් කමක් නැහැ. (ස)
අයියෝ මේ මොකක්ද වුණේ? (නි)
මහින්ද පැරදුනාට පස්සේ මන්ත්‍රිවරුන්ට නිදහස ලැබුණා. එත් අපිටනම් පෙන්නේ මෛත්‍රිත් වැඩි වෙනසක් නැහැ වගේ.(ම)
බණ්ඩාර වැරදි කරපු අයගේ ෆයිල් අතේ තියන් හිටියා වගේ ලේකම් තුමත් එ්ක අතේ තියන් ඉඳීවි අපි කලබල නොවී බලන් ඉදිමු නේද ? (බ)
මේකද මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? ජේ .ආර්. ජයවර්දන මැතිතුමාගෙන් පස්සේ රටේ විනාශය පටන්ගත්තා. (නි)
බණ්ඩාර , බල්ලෝ බුරති කඳු නොසැළෙති (නි)
මෛත්‍රී මැතිතුමාගේ සහයෝගය ආශිර්වාදයෙන් මෙවර එජාපය 2/3 බලයක් ගන්නවා. රට දියුණු කළහැක්කේ එජාපෙට බව මෛත්‍රී මැතිතුමා තේරුම්ගෙන ඇති (නි)
ඒවාට කියන්නේ මොන බලතල කියලද? (නි)
කරන්න දෙයකුත් නැහැ. අන්තිමට රටත් ඉතුරු වෙන්නේත් නැහැ. (නි)
රනිල්ව පැන්නුවා කිය කියා ලිව්ව අයට දැන් මොකද වෙන්නේ? නම් වෙනස් කරගන්නවද? (නි)
ඔන්න යහපාලනය...! (නි)
වැරදි කර නැත්නම් නම් බයවෙන්නේ ඇයි? රටට ගිය කලක්. (නි)
අපි හිතුවා මේ රජයවත් හොඳ වෙයි කියලා.නමුත් දැනුයි තේරන්නේ මහින්ද කළ දෙවල් වලින් 1/3 කරන්න බැහැ කියලා. (නි)
රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්ති ගැන යම්යම් හැලහැප්පීම් තිබෙනවා.ඒත් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා යන ගමනට බාධා කිරීම මේ අවශ්‍යතාව නොවෙයි.මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා ගත්තු තිරණය ගැන සතුටුයි.(හේ)
පාලනය නොවන බහුතරයක් අත්සන් කරලා තියෙද්දී එයාගේ වචනයට ඒක නතර කරන්න තරම් අය ඔතන නැහැ කියලයි මම නම් හිතන්නේ (නි)
මහජන ඡන්දයෙන් නොතේරුන ලිස්ට් මන්ත්‍රීවරු කි දෙනෙක් සිටිනවාද? ඒ කට්ටිය තමයි කැගහන්නේ. (ර)
හොද වැඩක් (ම)
රනිල් පිනට ලැබුණ අගමැතිකම තේරුම් අරගෙන හිටියානම් ජනාධිපති තුමාට මැදිහත් වෙන්න ඔනේ නැහැනේ (ම)
ජනතා නියෝජිතයන්ගේ පාර්ලිමේන්තු නිදහස කෝ? (ස)